Jump to content

සාකච්ඡාව:ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 13කට පෙර by ශ්වෙත

මෙම ලිපියේ ඉංග්‍රීසි අනුවාදය සඳහා මාතෘකා සපයා ඇත්තේ Grimms' Fairy Tales ලෙසිනි. ස්පාඤ්ඤ බසින් ලිපියෙහි මාතෘකාව Cuentos de hadas de los hermanos Grimm වෙයි. පෘතුගීසි බසින් එය Contos de Grimm විය. පෝලන්ත බසින් Baśnie braci Grimm විය. ඩෙන්මාර්ක භාෂාවෙන් Grimms eventyr විය. ග්‍රිම් සෙහොයුරන්ගේ බස වන ජර්මානු බසින් වුව ලිපියෙහි මාතෘකාව Grimms Märchen මිස කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් නොවීය. 1965 දී පවා මෙම ග්‍රන්ථයේ සිංහල අනුවාදයක් ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා නමින් පැවතී තිබේ. එබැවින් මෙම ලිපියේ මාතෘකාව ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා මිස කින්ඩර්- උන්ඩ් හවුස්මෙයාෂන් නොවේ. ---ශ්වෙත (talk) 14:04, 20 දෙසැම්බර් 2012 (යූටීසී)Reply