සාකච්ඡාව:ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඉතිහාසය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අලුත් ලිපියක් ද? ලිපියක කොටසක් ද?[සංස්කරණය]

මෙම ලිපියේ නම් කර ඇත්තේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ඉතිහාසය ලෙස ය. මෙය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ලිපියේ ඉතිහාසය කොටස බවට පත් විය යුතු නොවේද? මෙම ලිපිය වෙනම ලිපියක් ලෙස පිලිගත හොත් ලිවිය හැකි ලිපි කීපයක් මෙන්න:

  1. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නවතම සොයාගැනීම්
  2. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ අනාගතය
  3. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගොඩනැඟූ විද්‍යාඥයෝ
  4. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ නවතම පර්යේෂණ
  5. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව හැඳින්වීම

‍පරිශීලකයකු සෙවුමක් කිරීමේදී වුව ද විෂය සඳහන් කර සොයනවා විනා විෂයේ ඉතිහාසය සඳහන් කර සෙවුමක් කරයි ද? -- සම්පත් සිටිනාමලුව (talk) 13:12, 19 ජූනි 2011 (යූටීසී)[reply]

එය සැබෑවකි! මෙය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ලිපියට එකතු කල යුතුය. සිඳු කාවින්ද  සාකච්ඡාව 13:15, 19 ජූනි 2011 (යූටීසී)[reply]

මෙහි මුල් ඉංග්‍රීසි ලිපියක් පවතියි. එහි කොටස් ෆෙලිඩේ විසින් කොටස් වශයෙන් පරිවර්තනය කිරීමට උත්සාහ දරා ඇත. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව නමින් වෙනම ඉංග්‍රීසි මුල් ලිපියක් පවතියි. එය‍ට ඇති තරම් කරුණු පවතියි. මෙම ලිපියටද ඇති තරම් කරුණු පවතියි. ලිපි එකාබද්ධ කලොත් දිග වැඩි වෙයි. -- ශ්වෙත (talk) 13:19, 19 ජූනි 2011 (යූටීසී)[reply]

පොඩි ප්‍රශ්නයක්! මෙය බලන්න. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ලිපියට මෙය එකතු කල නොහැකිය. මන්ද මෙයත් එක් ප්‍රධාන ලිපියකි...සිඳු කාවින්ද  සාකච්ඡාව 13:20, 19 ජූනි 2011 (යූටීසී)[reply]

මම ඉතින් කියල තියෙන්නෙත් ඒක තමයි!! -- ශ්වෙත (talk) 13:26, 19 ජූනි 2011 (යූටීසී)[reply]
හැබෑ නේන්නම්. මට තව ටිකක් සොයාබලන්න තිබුණා. සම්පත් සිටිනාමලුව (talk) 13:39, 19 ජූනි 2011 (යූටීසී)[reply]