සාකච්ඡාව:කළුගල සෝරත හිමි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
කළුගල සෝරත හිමි
ගොනුව:Soratha Himi.png
ආගමබෞද්ධ
ගුරුකුලයඅමරපුර මහා සංඝ සභාව - අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශවය (ථෙරවාද-ශ්‍රී ලංකාව)
පෞද්ගලික තොරතුරු
ජාතිකත්වයසිංහල
උපත1926 ජූනි 06
කළුගල, කෑගල්ල දිස්ත්‍රික්කය (ශ්‍රී ලංකාව)
මරණයFebruary 20, 2021(2021-02-20) (වයස 94)
වල්පොල, රාගම (ශ්‍රී ලංකාව)
Senior posting
Based inරාගම, වල්පොල ශ්‍රී ලංකාව
පදවියන්
  • අමරපුර මහා සංඝ සභාව - අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශවය - උපාධ්‍යායය
  • අමරපුර මහා සංඝ සභාව - අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශවය - ප්‍රධාන සංඝනායක පුත්තලම් හලාවත දෙදිසාවේ සහ දකුණු අළුත්කුරු කෝරළය
  • සද්ධර්ම කීර්ති ශ්‍රි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය
  • ශාස්ත්‍ර විශාරද පණ්ඩිත
  • මීගමුව පළාත් සංඝ සභාව -සභාපති
  • ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස පිරිවෙන් මහා විහාරය - විහාරාධිපති
පූර්වප්‍රාප්තිකයාලගමුවේ ශ්‍රි විමලධම්ම හිමි
අනුප්‍රාප්තිකයාකළුවලගල විමලසාර හිමි
ආගමික වෘත්තිය
ගුරුවරයාකළුගල ධම්මානන්ද නායක හිමි
ශිෂ්‍යෙයා්
  • පොල්පිටිමූකලානේ විමලරත්න හිමි
  • කළුවලගල විමලසාර හිමි
  • සිරිමල්ගොඩ විමලජෝති හිමි
  • ලුණුගම්වෙහෙර විමලානන්ද හිමි
  • වල්පොල නාලක හිමි
  • වල්පොල අනෝමදස්සී හිමි
  • දහනකමුල්ලේ පඤ්ඤාසේකර හිමි
  • වල්පොල සෝනුත්තර හිමි
  • කෙහෙල්පන්නල පඤ්ඤාලෝක හිමි
  • පේරමණ්ඩියේ ඉන්ද්‍රරතන හිමි
  • නාරන්ගොඩපාලුවේ ධම්මදින්න හිමි
  • හබ්බෙගමුවේ පඤ්ඤාසාර හිමි
  • කෙසෙල්වත්තේ සිරිසුමන හිමි
  • පොල්පිටිමූකලානේ රතන හිමි
  • වෑගම බුද්ධරක්ඛිත හිමි
පවුල
දෙමව්පියෝ
  • ආර්. ඩී. අදෝනිස් පියාණන් සහ සාරිච්චිනා මාතාව

කළුගල සෝරත හිමි (1926.06.06 – 2021.02.20) 1941 ජූනි මස 07 වැනි දින ලාංකීය බුදු සසුනේ පැවිදි බව ලැබූ භික්ෂූන් වහන්සේ නමකි. කළුගල සෝරත හිමියන් ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාගම, වල්පොල ග්‍රාමයේ ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස පිරිවෙන් මහ විහාරයේ විහාරාධිපති[1] ලෙස අපවත් වන 2021.02.20 වන දින තෙක් කටයුතු කළහ.

මුල් අවධිය[සංස්කරණය]

කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල කෝරළයේ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුගල ග්‍රාමයේ දී ආර්. ඩී. අදෝනිස් පියාණන්ට සහ සාරිච්චිනා මව් තුමියට දාව 1926 ජූනි මස 06 වැනි දින උපත ලබා රන්වන්දි දේවගේ මාටින් නමින් නම් ලදහ. පිරිමි දරුවන් සය දෙනෙකු සහ ගැහැණු දරුවන් සිව් දෙනෙකු අතුරින් පවුලේ තෙවැනි දරුවා වූ උන්වහන්සේ ගිහි කල මූලික අධ්‍යාපනය ලද්දේ කළුගල විද්‍යාලයේය.

පැවිදි දිවිය[සංස්කරණය]

1941 ජූනි මස 07 වැනි දින පෑලියගොඩ ගංගාරාමයේදී කළුගල සෝරත නමින් සාමණේර ප්‍රව්ජ්යාවෙන් මහන බිමට ඇතුළු කරන ලද්දේ කළුගල ධම්මානන්ද නායක හාමුදුරුවන් විසිනි. පසුව මරඳාන, මාලිගාකන්ද විද්‍යදෝදය මහ පිරිවෙන වෙත වැඩම කර එහි දී ධර්ම, විනය, ශබ්ද, ශාස්ත්‍ර හදාරා පිරිවෙන් ප්‍රාචීන විභාග සමත් වීමෙන් අනතුරුව වර්ෂ 1947 ජුනි මස 21 වන දින පෑලියගොඩ ගංඟාරාම මහා විහාරස්ථානුබද්ධ කල්‍යාණි නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ විංසත්වර්ගික මහා සංඝරත්නය වෙතින් උපසම්පදාව ලදහ.

ශාසනික සේවාව[සංස්කරණය]

ශ්‍රී ගුණානන්ද දහම් පාසල පුනර්ජීවනය කරමින්ද වර්ෂ 1965 දී ලගමුවේ ශ්‍රි විමලධම්ම හිමියන් සමග එක්ව තම අප්‍රතිහත ධෛර්යයයෙන් විද්‍යානිවාස මහ පිරිවෙන ආරම්භ කරමින් තම ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාගේ සහ ප්‍රදේශයේ දූ දරුවන්ගේ සුචරිත වර්ධනය සඳහා ජීවිත කාලයම කැප කරන ලද්දේ ධර්ම, විනයෙහි ප්‍රතිබල සම්පන්න පරිණත ආචාර්යයන් වහන්සේ නමක මෙන්ම නායක හාමුදුරුවන් වහන්සේ නමක ලෙස ය.

මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව බුද්ධ ශ්‍රාවකයින් ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, විනයධර, ධර්මයට අනුව හැසිරෙන, ස්වකීය ආචාර්යවාදය ඉගෙන දේශනා කිරීම, තහවුරු කිරීම, විවරණය කිරීම හා විභජනය කිරීම අභිමානය කරවීම මෙන්ම දීඝ නිකායේ මහා සීහනාද සූත්‍රයෙහි භික්ෂූන්ට සිංහනාද කරන ලෙස වදාළ බුද්ධ දේශනාවද සනාථ කරමින් නොසැලෙන ගුණයෙන් යුතුව ලෝක ශාසනික සේවාව විදහා දක්වමින්, සමස්ත සමාජයට ඉටුකළ යුතු යුග මෙහෙවර ඉතා ශ්‍රේෂ්ඨ ලෙසින් ඉටු කරමින් ශ්‍රී විමලරත්නාරාම විද්‍යානිවාස මහ පිරිවෙන් මහ විහාරස්ථානය වර්තමාන තත්වය දක්වා ඔප්නැංවමින් ගමට, රටට, දැයට, සම්බුද්ධ ශාසනයට මෙන්ම ග්‍රාමීය සියලු සමිති සමාගම් වලට කළුගල සෝරත හිමියන් සිදු කළ අපරිමිත යුග මෙහෙවර අතිවිශිෂ්ටය.

රාගම වල්පොල සම්බුද්ධත්ව ජයන්ති සීමාමාලකය[2] ඉදිකිරීමට නායකත්වය ගනිමින් තම නිකායට අනූපමේය ‌මෙහෙවරක් ඉටු කළහ. වල්පොල ‌‌ඓතිහාසික පොසොන් මහා පෙරහර[3] කළුගල සෝරත නාහිමිපාණන් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන්[4] වර්ෂ ගණනාවක පටන් සිදු කෙරිිණ.

ගරු බුහුමනට පාත්‍රවීම[සංස්කරණය]

අමරපුර මහා සංඝ සභාව - අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශවය - උපාධ්‍යායය

අමරපුර මහා සංඝ සභාව - අරියවංස සද්ධම්ම යුක්තික පාර්ශවය - ප්‍රධාන සංඝනායක පුත්තලම් හලාවත දෙදිසාවේ සහ දකුණු අළුත්කුරු කෝරළය

සද්ධර්ම කීර්ති ශ්‍රි ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය

ශාස්ත්‍ර විශාරද පණ්ඩිත

සභාපති - මීගමුව පළාත් සංඝ සභාව

අපවත් වීම[සංස්කරණය]

කළුගල සෝරත නාහිමියන් වහන්සේ 2021 පෙබරවාරි මස 20 වැනිදා අපවත් වූ අතර, අපවත් වන විට උන්වහන්සේ 94 වැනි වියෙහි පසුවිය.

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • [1]කළුගල සෝරත හිමියන්....
  • [2]Ven. Kalugala Soratha Thero
  • [3]SRI BALABHIVURDHI WARDANA SAMITHIYA (INCORPORATION)
  • [4] President meets up with the members of Western Provincial Pradeshiya Sabhas
  • [5] ORIENTAL STUDIES SOCIETY, COLOMBO. Results of the Examination held in April, 1945.
  • [6] රාගම වල්පොල පොසොන් මහා පෙරහර
  • [7] කළුගල ශ්‍රී සෝරත නාහිමියෝ අපවත් වෙති