සාකච්ඡාව:උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ වූ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාව පත්කිරීමේ ආඥාව පරිදී මෙම කොමිෂන් සභාවේ නිල නාමය උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව විය යුතුයි. --- ශ්වෙත (talk) 15:59, 27 මාර්තු 2012 (යූටීසී)[reply]

උගත් පාඩම් සහ සංහිඳියාව කොමිෂන් සභාව යන නම භාවිතයේ පවතීද? --- ශ්වෙත (talk) 08:36, 29 මාර්තු 2012 (යූටීසී)[reply]
කරුණාකර මෙය බලන්න. ලංකාපුවත් යනු රජයේ මාධ්‍ය පුවත් අඩවියයි. අදාල ඉංග්‍රීසි වචනයට සංහිඳියාව යන වචනය සුදුසු බව සැබවි. එහෙත් කොමිෂන් සභාව පත්කිරීමේ ආඥාවෙහිදී ජනාධිපතිවරයා භාවිතා කල ප්‍රතිසන්ධාන යන වචනය නිසා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව යන නම භාවිතයට ගැනුණි. දැන් අපට වෙනත් නමකින් එය හැඳින්විය හැකිද? --- ශ්වෙත (talk) 10:47, 29 මාර්තු 2012 (යූටීසී)[reply]


Dear ශ්වෙත
Facts are complex & confusing about this. It is clear that both names has been used.
I am a person who is participated in giving evidence before this commission 2 times. Even letters exchanged is not conclusive of proper Sinhala word.
I do not mind what ever the the heading used as long as one is redirected to the other.
Singhalawap (talk) 16:14, 29 මාර්තු 2012 (යූටීසී)[reply]
වෙනත් බොහෝ අවස්ථාවලදී මෙන්ම මෙහිදීත් ඔබ ප්‍රධාන ප්‍රශ්නය මග හැර වෙනත් දේ දොඩයි. මේ දේ පිළිබඳ මම ඇසූ ප්‍රශ්නය වූයේ ඔබ විසින් මෙම ගෙනයෑම කිරීමට පැහැදිලි හේතු සාධක තිබේද (එනම් ඔබ භාවිතා කල වචනය මහජන භාවිතයේ තිබේද ) යන බව පමණයි. එයට උත්තරයක් නොදී ඔබ උත්සාහ කරන්නේ ඔබ විසින් කොමිසම ඉදිරියේ සාක්කි දුන් බව (ඔබගේ නියම නම අප නොදන්නා බැවින් එය ඔප්පු කිරීමට ඔබට නොහැක) කියමින්, ඔබ මෙම විෂයය අරබයා හසලයෙකු බව පවසමින් ඔබ ස්වරූපය අප මනසේ සිත්තම් කිරීමටයි. ඔබ එහි සාක්කි දීම මගින් මෙහි මාතෘකාව පිළිබඳ ඔබ හසලයෙකු නොකරයි. ඔබ දුන් සාක්කිය කුමක්දැයි යන්න මගින් නිමග්නය වන්නේ ඔබගේ දේශපාලන ස්ථාවරය පමණි. විතිය තුල දේශපාලන ස්ථාවරය ඉස්මතු කල යුතු නොවේ. ජනාධිපතිවරයා භාවිතා කල වචනය හා ඒ අනුව යමින් මාධ්‍ය සහ මහජනයා භාවිතා කල වචනය අනුව මම මෙම ලිපියේ මාතෘකාව යෙදිමි. එය වෙනස් කොට වෙනත් මාතෘකාවකට ඔබ ගෙන ගියේ නම් එයට පැහැදිලි හේතු තිබිය යුතුයි. අවසානයේදී ඔබ පවසන්නේ කුමන මාතෘකාවක් භාවිතා කලත් කම් නැත; අනෙකට යළියොමු කොට කියාය. ඔබද දන්නා පරිදී විතියේ නෛතික වශයෙන් කල හැක්කේ යළියොමු දෙකක් පමණි. ඉන් ඔබ්බට කරන දේ විකි මෘදුකාංග පිළිනොගනියි, හඳුනානොගනියි. විශේෂයෙන් සැකිලි වලදී මෘදුකාංග විසින් ලිපියක නම හඳුනාගත යුතු නම් එවිට එය සිදු නොවේ. එබැවින් මෙම යළි යොමු කිරීම් වලදී බුද්ධිය, ඉවසීම ප්‍රගුණ කරමින් විකියෙහි සම්ප්‍රදායයක් වන, ඔබ හට නොපැදිලි තැන්හීදී සම්මුතියට එළඹී කටයුතු කරන්න යන්න භාවිතා කරන්න. කිසියම් වචනයක් වැරදියට ලියැවී ඇත්තේ ලියන්නාගේ ප්‍රමාදදෝෂයකින් බව පැහැදිලි නම් (නිද. ගවේෂණය විය යුතු තැන ගවේශණය) එක්වර වෙනස සිදු කරන්න. මෙවැනි අපැහැදිලි තැන්හිදී ඉවසන්න. සාකච්ඡා පිටුවේ අදහස දමා සති දෙකක් වත් විමසන්න. හදිසිවී වැරැද්දක් කරනවාට වඩා එම කාලය ඉවසීම අගෙයි. අපේ විකියේ තියෙන්නේ කඩදාසි පුච්චලා කරන වැඩ. ඉක්මන් මතා දැමීම වගේ දේවල්. මෙම ලිපි මකාදැමීමට මීට වඩා හොඳ සාකච්ඡාමය සම්මුතියට එළඹිය හැකි ක්‍රම තිබුණත් අප පුරුදු වෙලා තියෙන්නේ ඉක්මන් ක්‍රමයට. සමහාරක් තර්ක කරනවා අපේ ක්‍රියාකාරී පරිශීලක සංඛ්‍යාව කුඩයි. ඡන්ද සාර්ථක නැහැ කියල. කෙතරම් අමාරු වුනත් සම්මුතිය වැදගත් වන්නේ එවැනි කුඩා කණ්ඩායම් වලදී. ඒකාධිකාරී ඒකාධිපති ක්‍රමවේද ඉතා පහසුයි කුඩා කණ්ඩායම් වලදී. අප ඒ නිසා ප්‍රවේශම් විය යුතුයි. අපගේ කුඩා කල සිටි පරිසරය, අප ලත් අධ්‍යාපනය, අප දැන් කරන රැකියාව, අප වැඩිපුර භාවිතා කරන භාෂාව, අප කියවන පුවත්පත්, පොත පත, සඟරා ආදිය අනුව අපගේ සිංහල දැනුම මද විය හැකිය. එයට ලජ්ජා විය යුතු නැහැ. හොඳ කළමණාකාරිවරයෙක් සියළු දේ දන්නේ නැහැ. එහෙත් ඔහු දන්නේ දන්නා අයගෙන් (සම්පත් වලින්) කිසියම් කාර්යයක් කරවා ගැනීමයි. ඔබ අතින් වැරැද්දක් වුනා නම් එය පිළිගැනීමෙන් ඔබගේ තනතුර හෝ තත්ත්වය හෝ හෑල්ලු වන්නේ නැහැ. එය තවත් ඉහළ යනවා. විකිය කියන්නේ අපගේ මතිමතාන්තර ඉදිරියට ගෙන යන තැනක් නොවේ. එය සම්මුතිය අනුව ක්‍රියා කරන තැනත් පමණයි. තුති. --- ශ්වෙත (talk) 01:35, 30 මාර්තු 2012 (යූටීසී)[reply]
Dear ශ්වෙත
There are many occasions that this council is named as "උගත් පාඩම් සහ සංහිඳියාව ....". This is one such recent online article.
I think I am a හසලයෙකු about LLRC but I am not a හසලයෙකු about its name. I have not told that I have given evidence to LLRC. What I have told is that I have participated in giving evidence. I had to do that as a part of my official duty.
In the document you have produced I did not find any specific name given for the commission.
There is no limits to number of redirects the one article could get. Seems you have misunderstood the "No double redirect" concept of wikipedia. Double redirect means "A redirect that points to another redirect". Please read Wikipedia:Double_redirects for clarification.
My idea is still the same. The situation is complex & confusing.
whatever the the heading use, please redirected one to the other.
Singhalawap (talk) 16:20, 30 මාර්තු 2012 (යූටීසී)[reply]
I could find a letter on the official Letter Head of the commission under discussion.
In English it is - Commission of Inquiry on Lessons Learnt And Reconciliation
in Sinhala it is - උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය පිළිබඳ වු පරීක්‍ෂණ කොමිෂන් සභාව
So it seems non of the headings used are 100% accurate according to the official name. I accept that out of the 2 usages උගත් පාඩම් සහ සංහිඳියාව කොමිෂන් සභාව is more wrong.
Singhalawap (talk) 17:49, 30 මාර්තු 2012 (යූටීසී)[reply]
ඔබ විශිෂ්ට මහත්මයෙකි. ඔබ ගැන ඔබට තුටු විය හැක. --- ශ්වෙත (talk) 10:10, 31 මාර්තු 2012 (යූටීසී)[reply]
Thank you ශ්වෙත for admiring me. Singhalawap (talk) 01:36, 1 අප්‍රේල් 2012 (යූටීසී)[reply]