සාකච්ඡාව:ඉංගිරිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ඉංගිරිය විකිපීඩියා පිටුව සකසන ලද්දේ මීට වසරකට ඉහතදී මා විසිනි. එහි ඇතුලත් සියලු සංඛ්‍යාලේඛන තොරතුරු ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් ඒවා බැවින් එහි නිරවද්‍යතාවය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැත. එමෙන්ම මෙහි අඩංගු සියලුම ඡායාරූප මා විසින් පෞද්ගලිකවම ලබාගත් ඒවා වේ. එමෙන්ම මෙම පිටුව සැකසීමේදී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ, හොරණ ප්‍රාදේශීය සභාපතිතුමාගේ, ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිතුමාගේ මෙන්ම ඉංගිරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අනුශාසකත්වය හා සහයෝගය නොඅඩුව ලැබුණි. මෙය මෙසේ සිදුවෙමින් පවතින විට පදනම් විරහිත හේතූන් මත මෙම පිටුව සකස් කිරීමට යාමෙන් කිසිඳු පෞද්ගලික හානියක් මට සිදුවන්නේ නැත. මෙය හුදෙක් මා විසින් උපන් ගමට ගෞරවයක් ලෙස සකසන ලද්දකි. කරුණාකර පෞද්ගලික අමනාපකම් ඇතොත් මා අමතන ලෙසත් මෙම නගරය සම්බන්ධ විකිපීඩියා පිටුවෙහි ගුණාත්මකභාවයට හානි පැමිණවීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලමි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Eranga2niluka (සාකච්ඡාවදායකත්ව) විසින් 20:43, 18 දෙසැම්බර් 2013‎ හිදී එක් කර ඇත

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:ඉංගිරිය&oldid=433890" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි