සාකච්ඡාව:අපෝස්තුළු ජෝන්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ප්‍රතිනාමකරණ ඉල්ලීම[සංස්කරණය]

{{subst:move|අපොස්තුළුවර ජෝන්}} අපොස්කුළු ලෙස පරිවර්තනය කර ඇත්තේ ඉංග්‍රීසි Apostle යන වදන නම් නියම වචනය අපොස්තුළු විය යුතු ය. සම්පත් සිටිනාමලුව (talk) 12:47, 5 ජූලි 2011 (යූටීසී)[reply]

හරි වචනය අපෝස්තුළු නෙමෙයිද? --Lee (talk) 13:39, 5 ජූලි 2011 (යූටීසී)[reply]
පොපෝ ද නම් දන්නේ නෑ. නමුත් නියත වශයෙන්ව කු නොවෙයි තු මා කියවූ එක්තරා පොතක නම් (බයිබලයේ සංස්කරණයක්දැයි මතක නැත) තිබුණේ අපොස්තුළු කියලා. මම බොදුනුවෙකු නිසා හරියටම දන්නේ නෑ සම්පත් සිටිනාමලුව (talk) 13:46, 5 ජූලි 2011 (යූටීසී)[reply]

හරි වචනය "අපෝස්තුළු" විය යුතුයි. — ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය රාජ් ඇන්තනි (සාකච්ඡාවදායකත්ව) විසින් 08:37, 6 ජූලි 2011 හිදී එක් කර ඇත

ජෝන් නොව ජුවාම් හෝ යොහාන් හෝ විය යුතුයි. --- 112.135.197.141 04:49, 6 ජූලි 2011 (යූටීසී)[reply]
මෙය ද බලන්න http://en.wikipedia.org/wiki/Names_of_John. මා හිතන විදියට අපෝස්තුළුවරයා හඳුන්වන සියලු නම් ද ලිපියේ අන්තර්ගත කළ යුතුයි. --- සම්පත් සිටිනාමලුව (talk) 08:11, 6 ජූලි 2011 (යූටීසී)[reply]
ජුවාම් හෝ යොහාන් හෝ භාවිතා කරන්න යැයි ප්‍රංශ ජාතිකයන්ට කිව හැකිද? එලෙසම සියළු ජාතිකයන් භාවිතා කරන නම් සිංහල ලිපියෙහි භාවිතා කිරීමට අපට ඉඩ නැත. එයින් පලකුදු නැත. සිංහල පාඨකයන් හට මෙම නම් නිතර මුණ නොගැසෙන බැවිනි. --- 112.135.197.141 06:49, 6 ජූලි 2011 (යූටීසී)[reply]
සියලුම ජාතිකයන් භාවිතා කරන නම් සිංහල ලිපියෙහි දැමිය යුතු නැත. එහෙත් බයිබ‍ලයෙහි විවිධ සිංහල සංස්කරණවල සහ වෙනත් සිංහල ආගමික පොත් පත් වල භාවිතා වී ඇති නම් සියල්ල යෙදීම මැනැවි යයි සිතමි. එහෙත් මාතෘකාවට වඩා භාවිතා වන/නිවැරැදි නම භාවිතා කිරීම හොඳයි. --- සම්පත් සිටිනාමලුව (talk) 08:11, 6 ජූලි 2011 (යූටීසී)[reply]
ලංකාවේ කතෝලිකයෝ පෘතුගීසි කාලයේ සිට ජුවාම් කියා භාවිතා කලහ. රෙපරමාදු, ලංකා සභා ආදී අනෙකුත් ක්‍රිස්තියානි සභා යොහාන් යැයි භාවිතා කලහ. වෙන නම් නැත. -- 112.135.216.142 09:35, 6 ජූලි 2011 (යූටීසී)[reply]
පළමුවන ජුවාම් පාවුළු, දෙවන ජුවාම් පාවුළු, විසිතුන්වන ජුවාම් ආදී මෑත කාලීන පාප්වහන්සේලාගේ නම් අනුසාරයෙන් මෙම ලිපියෙහි මාතෘකාව අපෝස්තුළුවර ජුවාම් යැයි නම් කල යුතු බව යෝජනා කරමි. --- 112.135.216.142 10:10, 6 ජූලි 2011 (යූටීසී)[reply]
Find the sound pronounced by his native language. Write that in Sinhala script. That should be the correct heading. Singhalawap (talk) 19:50, 9 ජූලි 2011 (යූටීසී)[reply]