පරිශීලක:රාජ් ඇන්තනි

විකිපීඩියා වෙතින්

කලණ මිතුරු පවුල් සමාජය දේශබන්දු ඔල්කට් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා කලණ මිතුරු පවුල් සම්මේලනය පිහිටුවා ඇත. මෙම සමාජය පවුල් 12 කින් සමන්විත වෙයි. මෙම සමාජය නිර්මාණය වන්නේ, මද්‍යසාර භාවිතයට නැඹුරුවූ අය සහ එම අයගේ පවුලේ සමාජික දායකත්වයෙන්ය. අධික මද්‍යසාර භාවිතය නිසා රෝගාතුර වී සිටින සාමාජික, පුනර්ථාපනය සඳහා රජයෙන් පවත්වාගෙන යන මධ්‍යස්ථානයක් 'මාවතගම පිහිටුවා ඇත. මෙම කලණ මිතුරු සමාජයක් පිහිටුවා ගනීමට, එම සම්මේලනය මගින් පුහුණුව ලැබූ සේවා ගුරුවරයෙකුගේ ආධාරය අවශ්‍ය වෙයි. ඔහු විසින්, සභාපති හා ලේකම් ඇතුළු අය පත් කරගැනීමට සහය වෙයි. කෙසේ හෝ මෙම සමාජයේ මූලික අරමුණ සමාජය ඉතා සුහදව මද්‍යසාර භාවත උවදුරෙන් බේරාගැනීම වෙයි. මෙම වැඩසටහන සඳහා සේවා ගුරුවරුන් පුහුණුව දින 6 ක, නේවාසික එකක් වේ. පුහුණුව ලැබු සේවා ගුරුවරුන් විසින් තමතමන්ගේ වාසය කරන ප්‍රාදේශයන්හී පවුල් සමාජ ආරම්භ කළ යුතු වෙයි. මෙම පිහිටුවන ලද පවුල් සමාජ පිළිබඳව සමාලෝචන සෑම මසකම සිදු වේ. සෑම පවුල් සමාජයක්ම සතිපතා රැස්වීම් පැවැත්විය යුතු වේ. කලණ මිතරු පවුල් සමාජය, වඩාත් පලදායක වන්නේ, සමාජීය අකාල්පමය වෙනසක් කිරීම සඳහා දරණ වෑයම නිසාය. ඒ කටයුත්ත සඳහා මෙම කලණ මිතුරු පවුල් සමාජ විසින්, ප්‍රවේශ මාර්ග කීපයක්ම යොදා ගෙන ඇත. ඒවා මෙසේ දැක්විය හැක. ~ සෳඛ්‍යය තමතමන්ගේම වගකීමක් බව ජනතාවට ඒත්තු ගැන්නවීම ~ කාන්තාව බලගැන්වීම සහ පවුලේ ආර්ථික සහ අධ්‍යාත්මික අංශයන් සංවර්ධනයට සහය වීම ~ මද්‍යසාර පිළිබඳව සමාජ මත සහ ආකල්ප වෙනසකට යොමු කරවිමට සහය වීම ~ පාසැල් සහ දහම් පසැල් සිසු දරුදැරියනට මේ පිළිබඳව අවබෝධයක් ලබා දිම ~ මද්‍යසාර භාවිතයේ ඇති අන්ත්‍රාකාරි භයානක ස්වභාවය ගැන ප්‍රචාරාත්මකව වටහා දීම ~ බාහිර සමාජය තුල, කලණ මිතුරු පවුල් වල ඇති විශේෂ කැපී පෙනෙන වෙ‍නස ~ මෙවැනි වටිනා ප්‍රවේශ මාර්ගයන් නිසා මෙතෙක් ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ක්‍රියාත්මක වන වැඩසටහන් වලට වඩා පලදායක ස්වාභායක්, මෙම කලණ මිතුරු පවුල් සමාජ වඩෙසටහන තුළ පෙනෙන්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:රාජ්_ඇන්තනි&oldid=161798" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි