සාකච්ඡාව:අපරාධ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පරාධ නම් වන ප්‍රපංචය නෛතික හා සමාජ විද්‍යාත්මක දෘෂ්ටීන් ඔස්සේ හඳුනාගනිමින් අපරාධ වර්ග පිළිබඳවත් අපරාධ විෂයෙහි දඬුවම ක්‍රියාත්මකවන ආකාරයත් පැහැදිලි කිරීම සිදුවෙයි. "නීතියක් නැතිව අපරාධයක් නැත - Nullum Crimen Sine Lege"(Tappan 1960:23) යන කතිකාව තුළින් අපරාධයත් නීතියත් අතර පවත්නා අත්‍යන්ත සම්බන්ධය විද්‍යමාන වේ. එහෙත් මෙම නීතියත් අපරාධයත් යන ද්විත්වයම කි‍්‍රයාත්මක වන්නේ සමාජය කේනද්‍රකර ගනිමිනි. එහෙයින් අපරාධයත් නීතියත් එක ලෙසම සාමාජයේ කර්යාවලිය කෙරෙහි බලපෑම් කරයි. මෙවන් සංදර්භයක් තුළ අපරාධය යන්න නෛතික පදනමකින් මෙන්ම සමාජ විද්‍යාත්මක පදනමකින් ද හඳුනා ගැනීම කෙරෙහි අපරාධ පිළිබඳව හෙළන විද්‍යාත්මක දෘෂ්ටියේ නාභිගත වීමක් අවශ්‍ය වේ. අපරාධය සමාජයෙහි යහපැවත්ම හා සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් කරන අතර සමාජමය වශයෙන් පුද්ගලයෙකුගේ පෞරුෂය, අනන්‍යතාවය තත්වය හා සමාජ ගරුත්වය තීරණය වීම කෙරෙහි ද බලපෑම් කරයි.එහි දී අපරාධය යන්න සම්බන්ධයෙන් නෛතික ක්ෂේත‍්‍රය සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරන හෙයින් ද එම නීතියත් අපරාධයත් සමාජයේ සහ පුද්ගලයාගේ පැවැත්ම කෙරෙහි බලපෑම් කරන බැවින් ද උක්ත ප‍්‍රපංචය නෛතික හා සමාජ විද්‍යාත්මක යන ද්විත්වාකාර දෘෂ්ටින්ගෙන් හඳුනාගැනීම වැදගත් වේ. එමෙන්ම අපරාධ වර්ග පිළිබඳවත් අපරාධ විෂයෙහි දඬුවම කි‍්‍රයාත්මකවන ආකාරය පිළිබඳවත් සාකච්ඡා කිරීම සිදුවෙයි

"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:අපරාධ&oldid=303928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි