සාකච්ඡාව:අණුක ජීව සඥා පථ

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

චොප්පෙ බොස්..මේ ආටිකල්ස් එකේ ටොපික්ස් එකේ සිංහල වර්ඩ්ස් ටිකක් වැරදි වගේ. සිග්නල් සිංහලෙන් සංඥා කියල තමයි පබ්ලික්ස්ලා ලියන්නේ. සඥා ටිකක් රෝන්ස් වගේ. ආයුබෝං.---ශ්වෙත (talk) 09:24, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

මේක මම දන්නා තරමින් නිවැරදි වචනය. මොකක්ද ඔබේ විකල්ප යෙදුම? ස්තුතියිවනාතෙ චොප්පෙ (talk) 09:35, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

ඔබ නිවැරැදි වචනය කියන්නේ "සංඥා" යන්නටද "සඥා" යන්නටද? ---ශ්වෙත (talk) 09:45, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

ඒකද ප්‍රශ්නය? මම් හිතුව යෙදුමෙ වැරැද්දක් කියා! වනාතෙ චොප්පෙ (talk) 09:47, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

ඔව් ඔබ මොනවද හිතන්නේ "සංඥා" යන්නද "සඥා" යන්නෙද? අනෙක ඔබ පරිවර්තනය කරන්නේ ඉංග්‍රීසි විකියේ cell signalling යන ලිපියද? එහෙම නම් ලිපි මාතෘකාව හැටියට "සෛලීය සංඥාකරණය" යෙදීම හොඳයිද? ---ශ්වෙත (talk) 09:55, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

සංඥා ද සඥා ද යන්න ඔබේ ප්‍රශ්නයක් විනා මගේ ප්‍රශ්නයක් නොවේ. මම මේ යම් ගැඹුරක් ඇති අන්තර්ගතයක් එක්කරන්නට හදන විට ලැබෙන සහයෝගය නම් අපූරුයි! මම cell signalling වලින් ගත යුත්ත ගන්නවා, නමුත් පරිවර්තනයක් කියා ඔබ සිතාගෙන සිටීම මට නම් හාස්‍යක් ගෙනදෙයි. අරුණි ශපීරෝ මතකයට එයි!වනාතෙ චොප්පෙ (talk) 10:08, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

මෙලොව දෙදෙනෙක් එකම දෙය කල අවස්ථා බොහෝය. මෙයද එවැනි විය හැක. 2006 පෙබරවාරි 17 දා (වර්තමානයට වසර හයකට ඔබ්බෙන්) ඉංග්‍රීසි විකියෙ cell signalling ලිපිය ඇරඹුණු අයුරු මෙතනින් බලන්න. එහි අන්තර්ගතයෙහි මුල් වාක්‍ය දෙක මෙලෙසින් විය. "Cell signaling is part of a complex system of communication that governs basic cellular activities and coordinates cell actions. The ability of cells to perceive and correctly respond to their microenvironment is the basis of development, tissue repair, and immunity as well as normal tissue homeostasis." මේ ලිපිය ඔබ ඇරඹුවේ මෙලෙසිනි. "සෛල තුල කෙරෙන සඥා යාමනය අති සංකීර්ණ ක්‍රියාවලියකි. මෙමගින් සෛලයක් තුල මුලික ක්‍රියකරකම් පවත්වා ගැනීම සහ සම්බන්ධීකරණය සිදුකරයි. ක්ෂුද්‍ර පරිසර තත්වයන් නිවැරදි ලෙස හඳුනා ගෙන ප්‍රතිචාර දැක්වීම පටක අලුත්වැඩියාව, ප්‍රතිශක්තිය, පටක සමස්ථිතිය සහ සෛල වර්ධනයේ පදනම වෙයි. " කිසියම් දෛවෝපගත බැඳීමක් නිසා 2006 ඉංග්‍රීසි වාක්‍ය දෙකෙහි වචනයෙන් වචනයට සිංහල පරිවර්තනය ඔබගේ ලිපිය පුරන්නට භාවිතා වී ඇත. අනෙත් අතින් ඔබ පවසන්නේ පරිවර්තනයක් යැයි කීම හාස්‍යයක් බවයි. තේරුම් ගැනීම අපහසුයි. -- ශ්වෙත (talk) 10:24, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

ලිපිය අවසාන නැහැනේ. මම කරුනු අවැසි තැනින් ගන්නව, නමුත් පසුව සංශෝදනය කිරීමේ බලාපොරොත්තුව මත. තේරුම් ගැනීමේ ලොකු අපහසුතාවයක් තිබෙන බව නම් පේනවා. හාස්‍යට තවත් කාරනා අවැසිද! කිසිවෙකුට හේතු දැක්වීමට මම බැඳී නැති බවද පැවසිය යුතුමයි! මට බොස් කියා අමතමින් කතාව ඇරඹූ ඔබ මිනිසුන්ට කතා කිරීමේ මූලික ආචාර ධර්ම දැන උගෙන එතනින් පටන් ගන්න. වනාතෙ චොප්පෙ (talk) 10:36, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

ටිකක් සරෙන්ඩර් වගේ. ඔහොම යං. සොරි බොස්. --- ශ්වෙත (talk) 10:40, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]

තමන් නොදන්නා දේ නොදන්නේ යයි නොදන්නා මිනිසුන් නිසා ලෝකයේ කවටයන් ප්‍රතිශතය දිනෙන් දින ඉහල යයි. ඔබේ අවසාන ප්‍රතිචරය මගේ සිහියට නංවන්නේ අර ඇටිකෙහෙල් කෑ සතාගේ කතාවයි. මටත් ශ්වේත ගැන බ්ලොග් පෝස්ට් එකක් දාන්නට වීම දෛවෝපගත සරදමක්ද?වනාතෙ චොප්පෙ (talk) 10:49, 15 නොවැම්බර් 2012 (යූටීසී)[reply]