ස්හාංග්යා ජාතික භූ උද්‍යානය

විකිපීඩියා වෙතින්
ස්හාංග්යා ජාතික භූ උද්‍යානය, ගන්සු
甘肃张掖国家地质公园
ස්හාංග්යා ජාතික භූ උද්‍යානයේ වර්ණවත් කදුපන්ති
Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude.
පිහිටුමලින්සෙ ප්‍රාන්තය සහ සුනන් ප්‍රාන්තය
සමීපතම නගරයස්හාංග්යා
වර්ග ප්‍රමාණය322 km2 (124 sq mi)
සංස්ථාපනයදෙසැම්බර් 27, 2005 (ප්‍රාදේශිය භූ උද්‍යානයක් ලෙස)

ගන්සු ස්හාංග්යා ජාතික භූ උද්‍යානය (චීන: 甘肃张掖国家地质公园), පිහිටා තිබෙන්නේ චීනයේ ස්හාංග්යා නම් දිස්ත්‍රික්ක මට්ටමේ නගරයේ සුනන් සහ ලින්සෙ ප්‍රාන්ත අතරය. මෙය වර්ග කිලෝමීටර 322ක භූමිප්‍රමාණයක් පුරා පැතිර පවතී. මෙම භූමි භාගය 2012 අප්‍රේල් 23 දින අර්ධ-ජාතික භූ උද්‍යානයක් බවට පත් විය. (ප්‍රාදේශිය නාමය: ගන්සු ස්හාංග්යා ඩැන්සියා ජාතික භූ උද්‍යානය). මෙම භූ උද්‍යානය වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ එහි ඇති වර්ණවත් පාෂාණ පිහිටීම නිසාය. චීන මාධ්‍ය පවසන අන්දමට මෙම භූමිය චීනයේ සුන්දරම භූමි භාග වලින් එකක් සේ සැලකේ.

පිහිටීම[සංස්කරණය]

මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ ලින්සෙ සහ සුනන් යන ප්‍රාන්ත 2ට අතරමැදි වූ ක්යිලියන් කඳු (祁连山) පන්තියේ උප කන්දක් අසලය.

ඩැන්ක්සියා[සංස්කරණය]

ඩැන්ක්සියා භූ රූපාකාරයක් යනු ගිනිකොණ, නිරිතදිග, සහ වයඹදිග චීනයේ හමු වන විවිධාකාර භූ දර්ශනයි. මේවා බොහෝ විට පටු ප්‍රපාත වලින් සමන්විත රතු පැහැති භූ තට්ටු ලෙසින් දර්ශනය වේ.[1]

භූ දර්ශනය[සංස්කරණය]

ස්හාංග්යා ඩැන්ක්සියා එහි ඇති සුමට, තියුණු, මීටර සිය ගනනක් උස, අසාමාන්‍ය වර්ණවත් පාෂාණ හේතුවෙන් වඩාත් ජනප්‍රිය වී තිබේ. මේවා වසර මිලියන 24ක පමන කාලයක පටන් තැන්පත් වූ වැලිගල් සහ අනෙකුත් ඛණිජ වල ප්‍රතිපලයකි. තට්ටු කේක් එකකට සමාන ප්‍රතිරූපයක් නිරූපණය කරන මෙම පාෂාණ හිමාලයා කදු නිර්මාණය සඳහා දායක වූ භූ චලන තැටි වල ක්‍රියාකාරීත්ව සමග සහසම්බන්දකමක් පෙන්නුම් කරයි. සුලඟ, වැස්ස, සහ කාලය පාෂාණ වල අසාමාන්‍ය හැඩ නිර්මාණයට දායක වී ඇත.[2]

මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්‍රය[සංස්කරණය]

2005දී ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන 34කින් සමන්විත කමිටුවක් මගින් ස්හාංග්යා ඩැන්ක්සියා චීනයේ ඇති සුන්දරම භූ දර්ශන වලින් එකක් ලෙස නම් කෙරෙනු ලැබූහ. 2009දී, චයිනා නැෂනල් ජියෝග්‍රැෆි සඟරාව මගින් චීනයේ ඇති සුන්දරම භූ දර්ශන 6න් එකක් ලෙස ස්හාංග්යා ඩැන්ක්සියා නම් කරනු ලැබිණ.[3] මෙම ප්‍රදේශය ස්හාංග්යා නගරයට සංචාරක ආකර්ශනය කරන මූලාශ්‍රය බවට පත්ව ඇත. සංචාරකයන්ගේ පහසුව තකා ඇතුල්වීමේ මාර්ග සහ ඇවිදුම් පථ දාමයක් මෙහි ඉදි කර ඇත.[2] 2014දී යුවාන් මිලියන 100ක් මෙම ප්‍රදේශයේ පහසුකම් ඉහල නැංවීම සඳහා ආයෝජනය කරන ලදි.[4]

පාෂාණ සැකැස්ම[සංස්කරණය]

ස්හාංග්යා ඩැන්ක්සියා නිර්මාණය වීමට මූලිකම ප්‍රභවය ලෙස සැලකෙන්නේ රතු වැලිගල් වල ඛාදනයයි. මෙම රතු වැලිගල් ඛාදනය වී හුදෙකලා ශිඛර සහ අධික බෑවුම් සහිත ස්ථරීභවනය වූ උද්ගත නිර්මාණය කර තිබේ. මෙහි විශේෂ භූ විද්‍යාත්මක සැකැස්ම හා ඊට සමගාමී දිගුකාලීන කාන්තාර තත්වය, රාත්‍රී කාලයේ ඇති වන අධික සීත තත්වය නිසා පාෂාණ වල පතුරු ගැලවීම, වැස්ස සහ සුලගින් ඇති වූ ඛාදන හේතුවෙන් මෙම වර්තමාන තත්වයට මෙම පාෂාණ පත්ව ඇත.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Danxia Landform of China". whc.unesco.org. සම්ප්‍රවේශය 2009-12-16.
  2. 2.0 2.1 Chapple & Rex 2014.
  3. GSJW 2013.
  4. Yong 2014.