ස්වින්ග් නර්තන

විකිපීඩියා වෙතින්
tiny globe
ස්වින්ග් නර්තනය,1939

ස්වින්ග් ඩාන්ස්' යනු 1920, 30 හා 40 දශකවලදී ජෑස් සංගීතයට අනුව රිද්මයානුකූල පැද්දිම නර්තනයක් කොට ගත් ජන කණ්ඩායමක් විසින් ගොඩනගනු ලැබුවකි. නමුත් මෙම නර්තන ආකාරය ජෑස් සංගීතයේ රිද්මය දක්වා දිවයයි. වඩාත් ප්‍රචලිත නර්තන කණ්ඩායමක් වන්නේ ලින්ඩා බෝච් නැමැති කණ්ඩායමයි.මෙය එදා පටන් අද දක්වා පැවත එන සහකාර නර්තනයකි. මෙම නර්තන වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රිකානු ඇමරිකන් ජන සමුහ, අප්‍රිකානු ඇමරිකන් නර්තන ශීල්පින්, (වැල්බෝ ආ ඇන්ජලෝ) මෙන්ම ඇමරිකානු හා අනෙකුත් ජන සමාජ තුළය. මෙම පැද්දෙන නර්තනයේ මුල් ආකාරයන් ලෙස 'බ්ලැක් බොටම්',"චාල්ස්ටන්", "ටැබ්ඩාන්ස්", ඩික්සිලන්ඩ් ජෑස් හැඳින්විය හැකිය. දකුණු ඇමරිකන් හි නව සර්ලියන්ස් හි මෙම නර්තන සම්ප්‍රදාය ගොඩ නැගි ඇත. මෙම නර්තන උතුරු දිශාවේ පිහිටි නිව්යෝර්ක්, කැන්සාසිටි, හා චිකාගෝ යන නගර කරා 1920 දී ව්‍යාප්ත වුණි. ගම්බද කළු ජාතිකයන් ද පිඩාවලින් මිදිමට උතුරට සංක්‍රමණය වූහ. ජිම්ක්‍රෝලෝස්, ලින්චින් ප්‍රදේශවල හා පසුව දකුණේ පැවැති රැකියා වියුක්තිය එහි පැවැති අවනතිය ඊට හේතුවිය. ස්වින්ජෑස් බටහිර අප්‍රිකානු සහ ඇමරිකන් අප්‍රිකානු නර්තනය හා සංගීතයෙහි ස්වර සංයෝග විදහා පායි. මෙය 'ස්ව කාල' සහ 'අට වන ස්වර' නොහොත් තුන්පියවර වශයෙන්ද එහි නාද වන රිද්මයන්ගේ වෙනස් විම්ද කාලය අනුව පරතරයද වේ. වර්තමානයේ බොහෝ දියුණු රටවල මෙම ස්වින්ග් ඩාන්ස් ශෛලයන් දක්නට තිබේ. ලින්ට් හෝප් වඩාත් ප්‍රචලිත වුවත් ඒ ඒ රටවල නගරවල රග දැක්වෙන නර්තනයන් අනුව එකිනෙක වෙනස් වේ. සෑම ප්‍රාදේශිය ස්වින්ඩාන්ස් සමාජයක් තුළ ඊට ආවේණික සංස්කෘතියන් හා ස්වින්ග් ඩාන්ස් භාවිතා වන විවිධ ආකාරයන් ද වෙයි.


සටහන්[සංස්කරණය]

.


Swing dance
"https://si.wikipedia.org/w/index.php?title=ස්වින්ග්_නර්තන&oldid=469907" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි