ස්වාභාවික සංඛ්‍යා
Jump to navigation
Jump to search
ගණිතයෙහි දී ප්‍රකෘති සංඛ්‍යාවක් (මේවා ගණින සංඛ්‍යා සංඛ්‍යා ලෙසද හඳුන්වයි.) යනු { 1,2,3……} අවයව සහිත සංඛ්‍යා කුලකයේ අවයවත් (ධන නිඛිල) හෝ {0,1,2,3…….} අවයව සහිත සංඛ්‍යා (ඍණ නොවන නිඛිල ) කුලකයක් අවයවයක් වේ. මේ අතරින් මුල් ආකාරය සංඛ්‍යා වාදයේදී භාවිතාවන අතර පසු ආකාරය ගණිතමය තර්කනය කුලකවාදය හා පරිගණක විද්‍යාවේදී භාවිතා වේ. වඩාත් විධිමත් අර්ථකතනයක් පසුව දැක්වේ.
ප්‍රකෘති සංඛ්‍යාවල ප්‍රධාන ප්‍රයෝජන දෙකකි. ඒවා ගණන් කිරීමට භාවිතා කළ හැක. (උදාහරණ - මේසය උඩ ඇපල් ගෙඩි තුනක් ඇත. ) ඒවා පටිපාතගත කිරීම්වලට භාවිතා කරයි.(මෙය රටේ ඇති තුන්වැනි විශාලම නගරයයි. )
භාජ්‍යතාව ආදී ප්‍රකෘති සංඛ්‍යාවල ගුණන සංඛ්‍යාවාදය යටතේ ප්‍රථමක සංඛ්‍යා ව්‍යාප්තිය ආදී ලෙසට අධ්‍යයනයට ලක් වේ. රැම්සේ වාදය වැනි ගණන් කිරීම හා සම්බන්ධ ගැටළු සමායෝජන විද්‍යාව යටතේ අධ්‍යයනය කෙරේ.