ස්වාභාවික විද්‍යා ජාතික ආයතන, ජපානය

විකිපීඩියා වෙතින්
ස්වාභාවික විද්‍යා ජාතික ආයතනය
පිහිටවූයේ2004
සභාපතියොශීරෝ ශිමූරා
කාර්ය මණ්ඩලය1685
අයවැයඑකතුව යෙන් බිලියන 34
ස්ථානයටෝකියෝ, ජපානය
ලිපිනයකමියාචෝ සෙන්ට්‍රල් ප්ලේස් 2F
4-3-13 ටොරාන්මොන්, මිනාටෝ-කු
ටෝකියෝ, 105-0001 ජපානය
වෙබ් අඩවියhttp://www.nins.jp/english

ස්වාභාවික විද්‍යා ජාතික ආයතනය (自然科学研究機構, Shizenkagaku kenkyuukikou) (NINS) යනු අන්තර්-විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන සංස්ථාවකි. මෙය සාමාජික ආයතන පහකින් සමන්විතය: ජාතික ග්‍රහලෝක නිරීක්ෂණාගාරය (NAOJ), විලයන විද්‍යාව සදහා වූ ජාතික ආයතනය (NIFS), මූලික ජීව විද්‍යාව සඳහා වූ ජාතික ආයතනය (NIBB), කායික විද්‍යා සඳහා වූ ජාතික ආයතනය (NIPS) හා අණුක විද්‍යා සඳහා වූ ආයතන (IMS) ඒවා වේ. ස්වාභාවික විද්‍යා ජාතික ආයතනය, ජපානයේ ස්වභාවික විද්‍යාවන්හි තවදුරටත් සංවර්ධනය ඇති කිරීම සඳහා 2004 අප්‍රේල් මස ආරම්භ කරන ලදී.[1]

දළ විස්තරය[සංස්කරණය]

ස්වාභාවික විද්‍යා ජාතික ආයතනය, ස්වාධීන පරිපාලන ආයතන සංස්ථාගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රතිසංවිධානය කරන ලද, අන්තර්-විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතනය සමාගම් හතර අතරින් එකකි. මෙහි සාමාජික ආයතන පහ ස්වාභාවික විද්‍යාවේ ක්ෂේත්‍ර වන තාරකා විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව සහ තවත් ක්ෂේත්‍ර වල පර්යේෂණ ප්‍රවර්ධනය සඳහා එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරයි. එමෙන්ම මෙම ආයතනය ජාත්‍යන්තර පර්යේෂණ ව්‍යාපෘති සඳහා සහය ලබාගැනීමේ අරමුණින් එක්සත් ජනපදය, යුරෝපය හා නැගෙනහිර ආසියාවේ ආයතන සමඟ එක්ව කටයුතු කරයි.

සංවිධානය[සංස්කරණය]

ස්වාභාවික විද්‍යා ජාතික ආයතනය යටතේ ස්ථාපිත ආයතන පහ ඒවාට අදාළ ක්ෂේත්‍රයන්ට අදාළව ජපානයේ ප්‍රධාන ශාස්ත්‍රීය පර්යේෂණ මධ්‍යස්ථාන වේ. මෙම ආයතන විශ්ව විද්‍යාල සමඟ ස්වාභාවික විද්‍යාවෙහි අන්තර්ක්ෂේත්‍ර අධ්‍යයන පර්යේෂණ සඳහා පදනමක් ලෙස ක්‍රියාකාරීව සහයෝගය ලබාදේ, විශ්ව විද්‍යාල අනුබද්ධිත පර්යේෂණ ආයතන හා අන්තර්-විශ්වවිද්‍යාල පර්යේෂණ ආයතන හරහා නව පර්යේෂණ ප්‍රජාවන් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමද සිදුකරයි.

ස්වාභාවික විද්‍යා ජාතික ආයතනයේ පර්යේෂණ සහයෝගිතා කරුණු සාකච්ඡා හා සැලසුම් කිරීමට, ජනාධිපතිවරයා යටතේ පර්යේෂණ සහයෝගිතා සහ සම්බන්ධීකරණ කමිටුව පිහිටුවන ලදී. පර්යේෂණ සහයෝගිතා සහ සම්බන්ධීකරණ කමිටුව විසින් ඉදිරිපත් කරන සැලසුම් ක්‍රියාත්මක කිරීම භාරව පර්යේෂණ සහයෝගිතා සහ සම්බන්ධීකරණ කාර්යාලයක්ද ස්ථාපිත කර ඇත. එම පර්යේෂණ සහයෝගිතා සහ සම්බන්ධීකරණ කාර්යාලය අදාල ක්ෂේත්‍ර වල සහයෝගීතාව සඳහා තේමා ලෙස "අනුරූපණ විද්‍යාව" සහ "ස්වභාවික විද්‍යාවෙහි ධූරාවලිය හා සාකල්‍යවාදය" පිහිටුවා තිබේ. එමෙන්ම සම්මන්ත්රණ හා මෙම තේමා යටතේ අනෙකුත් ව්‍යාපෘතීන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් දියත් කර ඇත.

ජපානයේ ජාතික ග්‍රහලෝක නිරීක්ෂණාගාරය[සංස්කරණය]

ජාතික ග්‍රහලෝක නිරීක්ෂණාගාරය ජපානයේ තාරකා විද්‍යාවට අදාල පර්යේෂණ කටයුතු සඳහා ජාතික මධ්‍යස්ථානය වේ. එය රට පුරා සිටින පර්යේෂකයන් සදහා නිරීක්ෂණ පහසුකම් සපයනු ලැබේ. එමෙන්ම ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කරනු ලැබේ. එය තාරකා විද්‍යාව හා වෙනත් අදාළ ක්ෂේත්‍ර සංවර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගය සඳහා අවස්ථාවන් සැලසීමද සිදු කරයි.[2]

විලයන විද්‍යාව සදහා වූ ජාතික ආයතනය[සංස්කරණය]

විලයන විද්‍යා සඳහා වූ ජාතික ආයතනය, න්‍යෂ්ටික විලයන බලශක්තිය ව්‍යාප්ත කිරීම සඳහා විලයන සහ ප්ලාස්මා මත මූලික පර්යේෂණ වල නිරතව සිටින බව වාර්තා වේ. ආරක්ෂිත හා පරිසර හිතකාමී ලෙස බලශක්තිය නිපදවීම පිළිබඳ බලාපොරොත්තු තබා ඇති බවද වාර්ථා වේ.[3]

මූලික ජීව විද්‍යාව සඳහා වූ ජාතික ආයතනය[සංස්කරණය]

මූලික ජීව විද්‍යාව සඳහා වූ ජාතික ආයතනය ජීව විද්යාත්මක සංසිද්ධි වන ප්‍රෝටීන් ප්‍රකාශනය සහ තවත් එවැනි ජානමය කාර්යයන් පිළිබද උසස් පර්යේෂණ ක්‍රියාත්මක කරයි. එය ජපානය තුළ හා විදේශ රටවල විවිධ පර්යේෂකයන්ට තම පර්යේෂන කටයුතු සදහා පහසුකම් සපයයි.[4]

කායික විද්‍යා සඳහා වූ ජාතික ආයතනය[සංස්කරණය]

කායික විද්‍යා සඳහා වූ ජාතික ආයතනයේ අරමුණ වෛද්‍ය විද්‍යාවේ පදනම වන "මිනිස් සිරුරේ සාමාන්‍ය කාර්යයන් වල යාන්ත්‍රණය" පැහැදිලි කිරීම ය. එය කායික පර්යේෂණ සඳහා මධ්‍යස්ථානයක් ලෙස ජපානය තුළ හා විදේශ රටවල විවිධ පර්යේෂකයන්ට තම පර්යේෂන කටයුතු සදහා පහසුකම් සැපයීමට අපේක්ෂා කරයි.[5]

අණුක විද්‍යා සඳහා වූ ආයතනය[සංස්කරණය]

අණුක විද්‍යා සඳහා වන ආයතනයේ අරමුණ වන්නේ, ද්‍රව්‍යය වල පදනම වන අණු හා අණුක සමස්තයන්වල ව්‍යුහයන් හා කාර්යයන් පරීක්ෂනාත්මකව හා න්‍යායාත්මකව සොයා ගැනීමය. එය අණුක විද්‍යා පර්යෙශණ සඳහා මධ්‍යස්ථානයක් ලෙස ජපානය තුළ හා විදේශ රටවල විවිධ පර්යේෂකයන්ට තම පර්යේෂන කටයුතු ඉදරියට කරගෙන යාම සදහා පහසුකම් සැපයීමට අපේක්ෂා කරයි.[6]

ආශ්‍රිත[සංස්කරණය]

  1. [1] සංරක්ෂණය කළ පිටපත 2011-07-17 at the Wayback Machine Basic information and description of NINS
  2. [2] සංරක්ෂණය කළ පිටපත 2005-06-24 at the Wayback Machine NAOJ homepage
  3. [3] Annual reports of the National Institute for Fusion Science
  4. [4] Outline of NIBB
  5. [5] Message from the Director-General of the National Institute for Physiological Sciences
  6. [6] සංරක්ෂණය කළ පිටපත 2009-08-13 at the Wayback Machine Organization of the Institute for Molecular Science

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 35°39′50″N 139°44′39″E / 35.66389°N 139.74417°E / 35.66389; 139.74417