ස්වස්ථතා භූගෝල විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ස්වස්ථතා භූගෝල විද්‍යාව ලෙසින් අදහස් වන්නේ, සෞඛ්‍යය, ලෙඩරෝග හා සෞඛ්‍යය සම්පන්න අධ්‍යයනය කිරීම සඳහා භූගෝලීය විද්‍යාත්මක තොරතුරු, යථාදර්ශනයන් හා ක්‍රමවේදයන් යොදා ගැනීමයි. මෙය වෛද්‍ය භූගෝලීය විද්‍යාව ලෙසද හඳුන්වයි. එය පාදක වූයේ සෞඛ්‍යයේ ජීව - වෛද්‍යමය ආකෘතිය මත වන අතර තාර්කික යථානුභූතවාදි දර්ශනයද සැලකිල්ලට ගනී. සමාජ, නොඑසේනම් සාමාජීය - පාරසරික ආකෘතිය මඟින් ලෙඩරෝග සඳහා වඩාත් සංකල්ප ප්‍රවේශයක් යොදාගනු ලබයි. එමගින් පද්ධතියේ උපාංගවලට නොව සමස්ථ පුද්ගලයාටම ප්‍රතිකාර කිරීම පිළිබදව අවධාරණය කරනු ලබයි. මෙම ආකෘතිය යටතේ නව ලෙඩ රෝග (උදා. මානසික අසනීප තත්වයන්) සොයාගන්නා අතර අනෙකුත් ආකාර වල ‍ඖෂධ (ආදේශනාත්මක හෝ විකල්ප ඖෂධ) සාම්ප්‍රදායික ඖෂධ සමඟ සංයෝග කරනු ලබයි. මෙම විකල්ප ක්‍රමවේදාත්මක ප්‍රවේශයෙන් අදහස් කලේ, ව්‍යුහකරණය, ව්‍යුහවාදය (ස්කෘති වාදය), සමාජ අන්තර් ක්‍රියා වාදය, ස්ත්‍රී වාදය වැනි දර්ශනයන් සංගත කිරීම පිණිස වෛද්‍ය භූගෝල විද්‍යාව පුළුල් වූ බවයි. එමනිසා සෞඛ්‍ය භූගෝල විද්‍යා ක්ෂේත්‍රය උපත ලැබීය.

අධ්‍යයන ක්ෂේත්‍රයන්[සංස්කරණය]

සෞඛ්‍ය භූගෝලීය විද්‍යාව මඟින් ජනගහනයේ සෞඛ්‍ය, ප්‍රදේශයන් තුල ලෙඩ රෝගවල ව්‍යාප්කතිය, සෞඛ්‍ය සහ ලෙඩරෝග කෙරෙහි පාරිසරික බලපෑම් යනාදිය පිළිබද අවබෝධයක් ලබාදේ. එසේම සෞඛ්‍ය පහසුකම් ලබාගත හැකි බව හා සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ ව්‍යාඵෘතික සමගද මෙය සම්බන්ධවේ. මෙම අධ්‍යයනය සලකනු ලබන්නේ මානුෂීය භූගෝල විද”්‍යාවේ උපනතියක් ලෙසයි. කෙසේ වුවත්, වසංගත අධ්‍යනය, දේශපාලන විදයාව වැනි අනෙකුත් ක්ෂේත්‍රයන් පිළිබදව අවබෝධයක් ද ඊට අවශ්‍යවේ. සෞඛ්‍ය සේවය පොදු භාණ්ඩයක් වුවුද, එය ශුද්ධ පොදු භාණ්ඩයක් නොවේ. වෙනත් වචන වලින් සදහන් කරන්නේ නම් එය සියළුම පුද්ගලයන්ට සමානව ලබාගත නොහැක. සෞඛ්‍ය සේවා වෙන් කිරීමෙන් භූ ගේලීය විද්‍යාවට මේ සම්බන්ධයෙන් කිරීමට බෙහෝදෑ පවතී. ජනගහනයේ ව්‍යාප්තියට අනුව පොදු සේවා සදහා වන ඉල්ලුම අඛණ්ඩව ව්‍යාප්තව පවති. නමුත් මෙම සේවාවන් සපයනු ලබන්නේ ඇතැම් ස්ථාන වල පමණි. එම නිසා ප්‍රත්‍යක්ශ වශයෙන් එම සේවා භාවිතා කිරීමේ ප්‍රායෝගික බව, ප්‍රවාහන පිරිවැය, ප්‍රවාහණ කාලය / වාරගණන ආදී වශයෙන් සෟඛ්‍ය සේවා සදහා වන ප්‍රවේශයේ අසාමානක්‍ය තාවයක් පවතී. සෞඛ්‍ය පහසුකම් වලට ප්‍රවිශ්ඨ වීමට / ලඟාවීමට බලපාන එකම ගුණාංගය වන්නේ භූ ගෝලීය හෝ ස්ථානීය සාධක (ආසන්න බව, ප්‍රවාහන කාලය) පමණක් නොවේ. භූගෝලීය සාධක හැරුණු විට මේසදහා බලපාන අනෙකුත් සාධක වන්නේ සමාජ, මූල්‍යමය හා ශ්‍රිතාත්මක සාධකයි. සෞඛ්‍ය සේවා වල සාමාජීය සුලභතාවය හෙවත් සමාජීය වශයෙන් ලඟාවිය හැකි බව රදා පවතිනුයේ ජාතිය (උදා - කළුජාතිකයන්ට හා සුදු ජාතිකයන්ට වෙන්වෙන් රෝහල්), වයස, ස්ත්‍රී පුරුෂ භාවය හා පුද්ලයන්ගේ අනෙකුත් සාමාජීය ගති ලක්ෂණ මතයි. රෝගියා හා වෛද්‍ය වරයා අතර සම්බන්ධතාවයද මෙහිදී වැදගත් වේ. ‍මූල්‍යමය සාධක රඳාපවතිනුයේ කිසියම් සෞඛ්‍ය පහසුකමක මිල මතයි. ශ්‍රිතාත්මක සාධක යනුවෙන් පිළිඹිබු වන්නේ සපයන සේවාවල ප්‍රමාණය සහ ව්‍යුහයයි. මෙය ලෝකයේ විවිධ රටින් රටට හා ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ. විවෘතව ඇති වේලාව, පොරෝත්තු ලයිස්තූන් යනාදීන් සෞඛ්‍ය සේවා වලට ප්‍රවේශ වීම සදහා බලපානු ලබයි‍. තින පුද්ගලයන්ට හෝ ජනගහනයේ උපකණ්ඩායම් වලට සෞඛ්‍ය පහසුකම් වලට ප්‍රවේශ වීමේ හැකියාව තීරණය කිරීමේදී මේවා වැදගත් කාර්යය භාර්යයක් ඉටු කරයි. මෙවනක් ආකාරයේ ප්‍රවේශයක්, “සඵලදායි ප්‍රවේශයක්” ලෙස හදුන්වනු ලබයි.

සෞඛ්‍ය සේවා පහසුකම් වල පිහිටිම විශාල වශයෙන් රඳාපවතිනුයේ ක්‍රියාවේ යොදවනු ලබන සෞඛ්‍ය සේවා පද්ධතියේ ස්වභාවය මතයි. එමෙන්ම ඓතිහාසික සාධකද විශාල වශයෙන් බලපානු ලබයි. (රෝහල්, සැත්කම් ආදී පහසුකම් වල ඉහළ ආයෝජන පිරිවැය නිසා) රෝගීන්ව විශේෂඥයෙකුට යොමු කිරිමේ පද්ධති පැවතීම ආදී සංවිධානමය සාධක හරහා සුළු පරතරයක් ඉවත් කළ හැක. සැලසුම් කළ සෞඛ්‍ය සේවා පද්දතියක් තුළ අපි අපේක්ෂා කරනු ලබන්නේ ඉල්ලුමේ ව්‍යාප්තියට සරිලන ආකාරයට පහසුකම් වල ව්‍යාප්තිය සාධාරණව හා සමීපව පැවතිමයි. කෙටියෙන් සදහන් කරන්නේ නම්, වෙළෙඳ පොළ අබිමුඛ කරගත් පද්ධතියක් මගින් ස්ථානීය රටාවන් (ප්‍රදේශීය පිහිටීම්) මැනවිම් පිළිඹිබු කර ගත යුතුය. විභව ලඟාවීමේ පහසුව හෝ සැබෑ ලඟාවීමේ පහසුව මිනුම් කිරීමට අපේක්ෂා කරනු ලැබිය හැකිය. නමුත් ප්‍රවේශය සමග වැඩිවන උපයෝගිතා රටාවක් ඇති බව මතකතබාගත යුතුය. එනම්, ප්‍රවේශයේ පහසු පුද්ගලයන් එම සෞඛ්‍ය සේවා බොහෝ විට භාවිතා කරයි.