ස්වකීය ස්වස්ථතාව

විකිපීඩියා වෙතින්

ස්වකීය ස්වස්ථතාව ආරක්‍ෂා කරගැනීමේ ක්‍රම සදහා උදාහරණ පහත පරිදි වේ.

පොදුවේ ගත් කළ ,

  • සිරුර සහ හිසකෙස් සේදීම.
  • ස්නානය කිරීම
  • ඇදුම් සහ ජීවත්වන අවට වටපිටාව පිරිසිදුව තබාගැනීම.
  • වෙනයම් පුද්ගලයෙකු නිදාගත් පසුව ඇද රෙදි මාරු කිරීම.
  • නියපොතු කැපීම.
  • කොණ්ඩය කැපීම.
  • නියපොතු පිරිසිදුව තාබාගැනීම.
  • නිවස පිරිසිදුව තබාගැනීම.

දෑත්

  • දෑත් සහ මුහුණ නිරතුරුවම සොදා පිරිසිදු කර ගැනීම.
  • වැසිකිලි ගිය පසු හොදින් දෑත් පිරිසිදු කර ගැනීම.
  • කහින විට හෝ කිවිසන විට මුඛය ලේන්සුවකින් හෝ අතින් ආවරණය කර ගැනීම ඉන් පසුව දෑත් හොදින් පිරිසිදු කර ගැනීම.
  • ආහාර ගැනීමට පෙර සතුන් අත පත ගෑමෙන් වැළකීම එසේ කරයි නම් ආහාර ගැනීමට ප්‍රථම දෑත් හොදින් පිරිසිදු කර ගැනීම.
  • නාසයට ඇගිල්ල දෑමීම, කුරුලෑ ඇල්ලීම සහ නියපොතු සැපීම වැනි පිළිකුල් සහගත ක්‍රියාවන් නොකිරීම.
  • දත් බුරුසු, රේසර්, තුවා, පනාවන් වැන‍ි අනෙකුත් පෞද්ගලික උපකරණ පොදුවේ පරිහරණය නොකිරීම.


මුඛ ‍ස්වස්ථතාව[සංස්කරණය]

  • දන්ත සෞඛ්‍ය - දත් සහ විදුරුමස් පිළිබදව අවධානය යොමු කිරීම මගින් හුස්මවල අධික දුර්ගන්ධයක් ඇති වීම වැළැක් වීම හෝ ප්‍රතිකාර කිරීම.
  • දත් බෙහෙත් භාවිතා කරමින් හොදින් දත් මැදීම මගින් දත් දිරායාම සහ විදුරුමස් රෝග ඇති වීම වළක්වා ගැනීමයි. එමගින් හුස්මවල අධික දුර්ගන්ධයක් ඇති වීම වළක්වාගත හැකිය.
  • බැක්ටීරියා නාශක දියරයන් භාවිතා කිරීමෙන් මුඛය සේදීම මගින් හෝ චුයින්ගම් සැපීම මගින් මුඛයෙන් දුර්ගන්ධය වළක්වා ගැනීම කළ හැකිය.

වෙනත්

  • රුධිරය, මළපහ , මුත්‍රා සහ වමනය වැනි අපද්‍රව්‍ය සමග ස්පර්ශ වීම වළක්වා ගැනීම.
  • දිනපතා පිරිසිදු යට ඇදුම් ඇදීම සහ ඒවා නිරතුරුව හොදින්සොදා පිරිසිදු කර ගැනීම.
  • නිරතුරුවම මුහුණ සේදීම.


හැඩවැඩ වීම[සංස්කරණය]

මෙමගින් පුද්ගලයකුගේ බාහිර ශාරීරික පෙනුම වඩා අලංකාරවත් ලෙස වෙනස් කරන අතර එමගින් සිරුරෙහි ඇති අවලක්ෂණයන් ඉවත් කොට පුද්ගලයෙකුගේ සනීපාරක්ෂාව වැඩි දියුණු කරයි.

පුද්ගලයෙකු හැඩවැඩ වීම සදහා බොහෝ අවස්ථා වලදී හිසකෙස් සොදා පිරිසිදු කරගැනීම, හිස පිරීම, හිස කෙස් අලංකාර කිරීම සිදු කරනු ලැබේ. මීට අමතරව බාහිර රූපාලංකරණ ක්‍රම ද භාවිතා කරයි.

"https://si.wikipedia.org/w/index.php?title=ස්වකීය_ස්වස්ථතාව&oldid=468705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි