ස්ථිර තාපී රත්කිරීම්‍ හා සිසිල් කිරීම්‍

විකිපීඩියා වෙතින්

ස්ථිර තාපී රත්කිරීම්‍ හා සිසිල් කිරීම්‍ සාමාන්‍යයෙන් වායුවක පීඩනයේ වෙනස් වීම්‍ නිසා සිදුවන ක්‍රියාවලීන්ය. වායුවක පීඩනය වැඩි කරන විට එය ස්ථිර තාපී රත්වීමකි. ඩීසල් එන්ජිමක ඉන්ධන දහනය සඳහා අවශ්‍ය උෂ්ණත්වයට ඉන්ධන මිශ්‍රණය රත් කිරීමට එහි සම්‍පීඩන පහර තුලදී ඉන්ධන මිශ්‍රණය පීඩනයකට ලක්වේ. එහිදී ස්ථිර තාපී රත්කිරීමක් සිදු‍ෙව්‍. එසේම ජෙට්‍ එන්ජින් තුල ඉන්ධන විදීම හා දහනය සදහා ප්‍රමාණවත් තරම් වාතය සම්පීඩනය කර ගැනීම ස්ථිර තාපී උණුසුම්කරණය මත පදනම්ව සිදු කෙරේ.

ස්ථිර තාපී රත් කිරීම්‍ වායු ස්කන්ධයක් පහල බසින විට පෘතුවියේ වායුගෝලය තුලද සිදු‍ෙව්‍. උදා . කටබාවියානු සුළං සහ ෆෝහේන් සුළං දහරා (මේවා කඳු බෑවුම් ඔස්සේ පහළට හමායයි)

ස්ථිර තාපී සිසිලනය යම්‍ පද්ධතියක් මඟින් අවට පරිසරය මත කාර්යය කෙරෙන විට එහි පීඩනය අඩු වීමේදී සිදුවන ක්‍රියාවලියකි. ස්ථිරතාපී ක්‍රියාවලි තරලයක් තුළම සිදුවිය යුතු නැත. (0K ට වඩා කෙල්විනයකින් දාහෙන් හෝ මිලියනයකින් එකක් පමණ ඉහල උෂ්ණත්ව දක්වා) ඉතා පහල උෂ්ණත්වයන් ලබා ගැනීමට භාවිතා කරන තාක්ෂණයකි ස්ථිරතාපී විචුම්‍භක කරනය . මෙහිදී චුම්භකම‍ය ද්‍රව්‍යක් මත ක්‍රියා කරන චුම්‍භක ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමෙන් ස්ථිරතාපී සිසිලනය සිදු කෙරේ. ස්ථිරතාපී සිසිලනය පෘථිවි වායුගෝලයේ කඳු අතර ඇතිවන මුවා වායු තරංග මගින් ඇති ‍ෙව්‍.මේ ඔස්සේ වාතය තුෂාර අංකයට වසා සිසිල් වූ විට ඡත්‍ර හා මාසුර වලාකුළු සදහා ඇති ‍ෙව්‍.

පිපිරුමට පෙර ඉහල නගින මාග්මා ද ස්ථිරතාපී සිසිලනයකට ලක් ‍ෙව්‍.

මෙම උෂ්ණත්ව වෙනස් පරිපුර්ණ වායු නියම සහ ද්‍රවස්ථිති සමීකරණය මඟින් ප්‍රමාණීකරණ කල හැක.

කිසිම විපර්යාසයක් පරිපුර්ණ ස්ථිරතාපී නො‍ෙව්‍. බොහොමයක් ක්‍රියාවලි ස්ථිර තාපී ක්‍රියාවලි වලට ආසන්න වන අතර ස්ථිරතාපී උපකල්පන මගින් ඒවා පහසුවෙන් ස්ථිර තාපී බවට පත්කල හැක. නමුත් සෑම විටම මෙම ක්‍රියාවලියන්හි දී තාපහානියක් සිදුවේ. එයට හේතුව පරිපුර්ණ පරිවාරක නොපැවතීමයි.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Adiabatic_process#Adiabatic_heating_and_cooling