ස්ටාර් ඔෆ් ඉන්ඩියා (මැණික)

විකිපීඩියා වෙතින්
ස්ටාර් ඔෆ් ඉන්ඩියා

ස්ටාර් ඔෆ් ඉන්ඩියා යනු කැරට් 563.35 (ග්රෑම් 112.67) ක බරකින් යුක්ත වූ ආරුනූල් නිල් මැණිකකි. එය ලෝකයේ විශාලතම මැණික් අතුරින් එකක් ලෙස සැළකේ.[1][lower-alpha 1] පළුදුවලින් තොර මෙම මැණිකෙහි දෙපසම තාරකා සළකුණ (නූල් හය) දැකගත හැකිවේ. අළු නිල් පැහැයට හුරු ස්ටාර් ඔෆ් ඉන්ඩියා මැණික, ශ්‍රී ලංකාව තුල සිදු කල කැණීමකින් හමුවූවක් වන අතර[3] එය මේ වන විට නිව්යෝර්ක් හී ස්වභාවික ඉතිහාසය පිළිබද අමෙරිකාණු කෞතුකාගාරය තුල තබා ඇත.

කරුණු[සංස්කරණය]

  1. කැරට් 733 ක් බරැති බ්ලැක් ස්ටාර් ඔෆ් ක්වීන්ස්ලන්ඩ් මැණික විශාලතම ආරුනූල් මැණික ලෙස සැළකේ.[2]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Star of India". American Museum of Natural History. සම්ප්‍රවේශය 23 October 2012.
  2. Kim, Victoria (January 5, 2010). "For some, a sapphire has not been their best friend". Los Angeles Times. සම්ප්‍රවේශය 21 August 2013.
  3. Preston, Douglas J. (2014). Dinosaurs in the Attic: An Excursion into the American Museum of Natural History. St. Martin's Press. pp. 210–220. ISBN 978-1-4668-7187-8.