ස්කේල්ඩ් කොම්පොසයිට්ස් හි ස්පේස්ෂිප් වන්

විකිපීඩියා වෙතින්
ගගනගාමී මයික් මෙල් විල් 2004 සැප්තැම්බර් 29 අභ්‍යාවකාශ ගමනින් පසු.

ස්පේස් ෂිප් වන යනු 2004 ජුනි මස 21 වන දින පුද්ගලික ආයෝජන හරහා මිනිස් අභ්‍යාවකාශ චාරිකාව සිදු කළ ප්‍රථම අභ්‍යාවකාශ යානයයි. මෙය නිර්මාණය කරන ලද‍්දේ ස්කේල්ඩ් කොම්පො සයිට්ස් විසිනි.

ස්පේස් ෂිප් වන් යනු දෙමුහුම් රොකට් මෝටරයක් භාවිතා කළ , පර්යේෂණාත්මක ,පහළ කක්ෂිය ගඟන යානයකි. මෙම නිර්මාණයෙහි එයට ආවේනික “ෆෙදරින්ග්” නැවත ඇතුළත් කර මෙම යානය යළි පෘථිවියට පැමිණීමේ දී එයටම ආවේණික “ෆෙදරින් පද්ධතියක් භාවිතා කරයි”. එහි දී තටුවේ පසුපස භාගය හා ද්විත්ව පසු පස තටුව පුරා දිවෙන අසව්වක් දිගේ උඩට නැවේ. මෙය ස්ථායීව පවතින අතර තුර යානයේ ඇදී යාම වැඩි කරයි. ස්පේස්ෂිප් වන්, අභ්‍යාවකාශ ෂටල වැනි කක්ෂ ගතවන අභ්‍යාවකාශ යානාවලට වඩා x – 15 ට වඩාත් සමීප වේ. අභ්‍යාවකාශ යානයක් කක්ෂීය වේගයකට ත්වරණය කිරීම සඳහා 100km දක්වා එසවීමට අවශ්‍ය ශක්තිය මෙන් 60 ගුණයක් ශක්තියක් අවශ්‍ය වේ.

ස්පේස් ෂිප්වන්, බර්ට් රූටන්ගේ ගුවන් යානා නිෂ්පාදන සමාගම වූ ස්කේල්ස් කොම්පො සයිට්ස් විසින් , ඔවු‍න්ගේ ටියර් වන් වැඩසටහන යටතේ රාජ්‍ය අරමුදල් නොමැතිව නිර්මාණය කරන ලදී. 2004 ජුනි 21 වන දින එය ප්‍රථම පුද්ගලිකව අරමුදල් සැපයූ අභ්‍යාවකාශ ගමනේ නිරත වූ අතර ඔක්තෝම්බර් 4 වන දා මිනිසුන් තුන් දෙනෙක් සමඟ සති දෙකක කාලයක් තුළටද දෙවරක් 100km උසට පැමි‍ණීමෙන් ඩොලර් මිලියන 10ක අන්සාරී x ප්‍රයිස් ත්‍යාගය ද දිනා ගන්නා ලදී. එහි දී ගුවන් ගමන් අතරේදී යානයේ ඉන්ධන නොවන බර නැවත ස්ථාපනය කරන ලද්දේ 10% කට අඩුවෙනි. නිර්මාණය කිරීම සඳහා වැය වූ මුළු මුදලම ආයෝජනය කරන ලද්දේ පෝල් ඇලන් විසිනි.

ස්පේස් ෂිප් වන් එහි පර්යේෂණ අභ්‍යාස අතර තුර දී, මාක් 1 හා මාක් 2 ඉක්මවා ගිය ප්‍රථම පුද්ගලිකව මුදල් යෙදවූ ගුවන් යානය , 100km උස තරණය කළ ප්‍රථම පුද්ගලිකව මුදල් යෙදවූ නැවතීභාවිතා කළ හැකි අභ්‍යාවකාශ යානය ඇතුළුව වැදගත් ප්‍රථම ස්ථාන ගණනක් හිමිකර ගත්තේය.

ස්පේස් ෂිප්වන් සඳහා වන බහුල වැරදි තේරුම් ගැනීමටත් වන්නේ එය මිනිසුන් විසින් පාලනය කරනවා යැයි සඳහන් නොකර ප්‍රථම පුද්ගලිකව මුදල් යෙදවූ අභ්‍යාවකාශ යානය ලෙස හැඳින්වීමයි. මෙයට පෙර 1990 සිට ඕර්බිටල් සයන්සස් පිගසස් මගින් ද , 2004 මැයි මස සති පහකට පෙර ජනතා අභ්‍යාවකාශ ගවේෂණ කණ්ඩායම විසින් ද මිනිසුන් රහිත පුද්ගලිකව මුදල් යෙදවූ අභ්‍යාවකාශ යානා සාදා ඇත. ස්කේල්ඩ් , ඕර්බිටල් සයන්සස් හි උප කොන්ත්‍රාත්කරුවෙකු ද වන අතර ඔවුන්ගේ පිගසස් රොකට් සඳහා සංයුක්ත තටු හා වල්පත් නිෂ්පාදනය කළේ ඔවුන්ය.