සහසංයුජ බන්ධනය

විකිපීඩියා වෙතින්
හයිඩ්‍රිජන් පරමාණු දෙකක් ඉලෙක්ට්‍රොන දෙකක් හවුලේ තබාගෙන සාදන සහසංයුජ බන්ධනය (H2).

සහසංයුජ බන්ධන රසායනික බන්ධන විශේෂයක් වන අතර , පරමාණු අතර හෝ පරමාණු හා වෙනත් සහසංයුජ බන්ධන අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගැනීම මගින් බන්ධන නිර්මාණය කිරීම සහසංයුජ බන්ධනවලට ලාක්ෂණික වේ. එනම් පරමාණු ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගන්නා විට ඒවා අතර ඇතිවන ආකර්ෂණ හා විකර්ශන බලවල ස්ථායීතාව සහසංයුජ බන්ධනයක් හෝ සැලකිය හැක.

ඇගොස්ටික බන්ධන , ලෝහක බන්ධන ත්‍රිකේන්ද්‍රීය ද්වී ඉලෙක්ට්‍රෝනික බන්ධන , සිග්ම බන්ධන හා පයි බන්ධන යනාදී බන්ධන වර්ග රැසක් සහසංයුජ බන්ධන ලෙස වර්ග කළ හැක. සහසංයුජ බන්ධනයේ සදහා වූ ඉංග්‍රීසි නාමය 1939 වසරේදී නිර්මාණය කරන ලද්දකි. “සහසංයුජ” නම් වදනෙහි “සහ” යන උපසර්ගයන් “එක්ව ක්‍රියාවේ යෙදෙන” නැතහොත් “එක්තරා දුරකට යුගලමය ලෙස ක්‍රියා කරන” වැනි අරුතක් ගෙන දේ. ඒ අනුව “සහසංයුජ” යන්නෙන් අදහස් වනුයේ සංයුජතාවත් හවුල් කරගන්නා යන අරුත වේ. මෙම අර්ථය සංයුජතා කවච බන්ධන සිද්ධාන්තය හා ගැලපීමක් පෙන්වයි. H2 අණුවක හයිඩ්‍රජන් පරමාණු යුගල සහසංයුජ බන්ධනයක් හරහා ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම මේ සදහා උදාහරණයක් වේ.

බන්ධනයක සහසංයුජ ලක්ෂණ ඉතා ඉහළ වන්නේ බන්ධනය වූ පරමාණුවල විද්‍යුත් සෘණතා ආසන්න වශයෙන් වත් ‍සමාන වන විටයි. එබැවින් එකම මූලද්‍රව්‍යයේ පරමාණු දෙකක් නොවුන ද ආසන්න වශයෙන් සංසන්දනය කළ හැකි තරමේ විද්‍යුත් සෘණතාවක් දරණ පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධනයක් ඇති විය හැක. සහ සංයුජ බන්ධනයකදී ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් සිදුවන බැවින් ඉලෙක්ට්‍රෝන විස්ථානගත තත්වයක පවතී යයි කියමු. තවද අයනික බන්ධන වෙන් කොට , සහසංයුජ බන්ධනවල ශක්තිය රදා පවතින්නේ බහු පරමාණුක අණුවල පරමාණු අතර ඇති කෝණික සම්බන්ධතාවය මතයි.

බන්ධන පෙළ

සහසංයුජ බන්ධනයක් ඇති කිරීමට සහභාගී වන ඉලෙක්ට්‍රෝන යුගල ගණන ප්‍රකාශ කෙරෙන මිණුමක් ලෙස බන්ධනයක පෙළ සැලකිය හැක. මෙය ද්වි අණුක සංයෝග අණු අතර බන්ධන විස්තර කිරීමට හදුන්වා දී ඇතත් බහු පරමාණුක අණුවල පවතින බන්ධන විස්තර කිරීමට ද යොදා ගනු දැකිය හැක.

  1. වඩාත් බහුලතම සහසංයුජ බන්ධන වර්ගය වන්නේ ඒක බන්ධන වේ. ඒක බන්ධනයක් ඇතිවීමට එක් ඉලෙක්ට්‍රෝන යුගලක් හවුලේ තබාගැනීම සිදුවිය යුතුය. බොහෝ විට මෙය එක් සිග්මා බන්ධනයන් ඉලෙක්ට්‍රෝන යුගලකට වඩා සහභාගී වීමෙන් සියලු සහ සංයුජ බන්ධන බහු බන්ධන නම් වේ.
  2. ඉලෙක්ට්‍රෝන යුගල් 2ක් හවුලේ තබා ගැනීමෙන් ද්විත්ව බන්ධන ඇති‍වේ. මෙහිදී බොහෝ විට එක් බන්ධනයක් සිග්මා බන්ධනයක් ද අනෙක පයි බන්ධනයක් ද වේ. මෙවැනි බන්ධන සදහා උදාහරණය එතිලීන්හි කාබන් පරමාණු අතර දැකිය හැක.
  3. ත්‍රිත්ව බන්ධනයක් සෑදීමට ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සහභාගී වන අතර බොහෝ විට ත්‍රිත්ව බන්ධනය එක් බන්ධනයක් සිග්මා බන්ධනයක් වන අතර අනෙක් බන්ධන යුගල පයි බන්ධන වේ. හයිඩ්‍රජන් සයනයිඩ් අණුවෙහි කාබන් හා නයිට්‍රජන් පරමාණු අතර ඇත්තේ ත්‍රිත්ව බන්ධනයකි.
  4. මොලිබ්ඩිනම් හා රීතියම් වැනි ආන්තරික මූලද්‍රව්‍ය පරමාණු අතර චතුර් බන්ධන දැකිය හැක. මේ සදහා තවත් උදාහරණයක් ලෙස ද්විත්ව ටන්ග්ස්ටන් චාතුර්ත (hpp) පෙන්වාදිය හැක.
  5. පංච බන්ධන ඇතැම් ඩයික්‍රෝමියම් සංයෝගවල පවතින බව අනාවරණය කරගෙන තිබේ.
  6. ද්වි පරමාණුක මොලිබ්ඩනම් හා ටන්ග්ස්ටන් පරමාණු අතර පෘෂ්ඨ බන්ධන පවතී.

ඉහත වර්ගීකරණය ශක්තිමත් හා ව්‍යාප්ත එකක් වන නමුදු බොහෝ බන්ධන ව්‍යුහ විස්ථානගත තත්වයක ඉලෙක්ට්‍රෝනවලින් යුතු බැවින් , එහි වලංගුභාවය සීමා සහිත වේ. ත්‍රිකේන්ද්‍රීය බන්ධන ඉහත සම්මුතීන්වලට එකගව නොහැසිරීම මේ සදහා උදාහරණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=සහසංයුජ_බන්ධනය&oldid=469891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි