සහජිවන නිර්මාණ- මුල් අවධියේ අවස්ථා

විකිපීඩියා වෙතින්

සහජිවන නිර්මාණ- මුල් අවධියේ අවස්ථා

(caprion of pic 1) : Emil chol fantasmagorie (caption of Pic 2) : සහජීවනය කරන ලද රේස් අශ්වයෙකු

ඡායාරෑපකරණය Endweard <uybridge මුල් ප්‍රකාශනය philadelphia වේදි 1887 දි.

මුල් අවධියේ පටන්ම, චලිතය නැමති සංසිද්දියේ නිශ්චල රෑප නිර්මාණය කිරිමට උත්සහා දරා ඇත. මෙයට හොදම උදාහරණය පුරාණ හෛලමය ලෙන් සිතුවම්ය. මේවායෙහි. සත්වයින් නිරෑපණය කර ඇත්තේ පාද කිහිපයක් එක මත එක වැටෙන පරිදි චිත්‍රයට නැගීමෙනි.

Phenakistoscope, zoetrope සහ praxinoscope මෙන්ම බහුලව දක්නට ලැබන filp-book ද 1800 දි පමණ යොදා ගත් සජීවිකරණ උපාංග වේ. තාක්ෂණය යොදා ගනිමින් පටිපාටගත චිත්‍ර හසුරැවමින් චලනය ඇති කර ගත හැකි වුව ද, සජිවිකරණ තාක්ෂණය motion picture චිත්‍රපට සම්ප්‍රාප්තිය වන තෙක් වැඩි දියුණුවක් පෙන් වුයේ නැත.

චිත්‍රපට සජීවිකරණයේ නිර්මාතෘ ලෙස එක් පුද්ගලයෙකු ලෙස නම් කල නොහැක. වෙනස් සජිවිකරණ අංශ ඔස්සේ විවිධ ව්‍යාපෘති එකම කාලයක් තුලදි කර ගෙන යාම මීට හේතුව වේ.

විශේස ආචරණය සහිත චිත්‍රපට වල නිර්මාතෲවරයෙක් ලෙස Melies හැදින්වේ. ඔහුගේ තාක්ෂණය යොදා ගනිමින් සජීවිකරණයේ යෙදුනු පුද්ගලයින් අතර ඔහු පලමු කිහිපදෙනාට අයත් වේ. ඔහු අත්වැරැද්දකින් සොයා ගත් ක්‍රමය වන්නේ දර්ශනයේ යම් කිසි වෙනසක් සිදු කිරීමට කැමරාව රොලි කිරිම නවතා සේවා පටලය රෝල් කිරිමය. මෙම අදහස පසු කාලිනව stop- motion සජීවනය ලෙස හැදිනිවිය. Melies මෙම ක්‍රමය සොයා ගනු ලැබුවේ අත්වැරැද්දකින් ඔහුගේ කැමරාව කැඩුළණු විටකදීය. ඔහු එම අවස්ථාවේදී රෑගත කරමින් සිටියේ ගමන් කරමින් සිටි බසයකි. ඔහු කැමරාව නැවත සකස් කරගෙන සේයාපටය නැවත රොල් කරමින් කැමරාව පණගැන්වු විට එතනින් අශ්වයෙකු ගමන් කර ඇත. ඔහුගේ සේයාපටයේ මෙම දර්ශන පෙල සටහන් වුයේ බස් රථයක් අශ්වයෙක් බවට පරිවර්ථනය විමක් ලෙසය. මෙය මුල් අවධියේ සජිවිකරණ කලාවට දායක වු මහගු අවස්ථාවකි.

stop- motion සහ hand- drawn සජිවන ක්‍රම යොදාගත් පළමු ඇමරිකානු චිත්‍රපට නිර්මාණකරැවා ලෙස J. Stuart blackton හැදින්විය හැක. Edison වලින් චිත්‍රපට කර්මාන්තයට එකතු වු මොහු. 20 වන සියවසේදි මෙම සංකල්ප වලට පුරෝගාමිත්වය ලබා දුන්නේය. 1900 දී පමණ ඔහුගේ ප්‍රකාශන හිමිකම් සහිත ප්‍රථම නිර්මාණය එළි දැක්විණි. The Enchanted Drawing සහ Humorous phones of funny faces (1906) යන චිත්‍රපට Blakton ගේ lightenuing artisit ක්‍රමය අනුගමනය කර ඇති අතර, melies ගේ මුල්කා‍ලින stop- motion ක්‍රමෝපායන්හි වැඩි දියුනු කරන ලද අනුවාද යොදා ගනු ලැබුවේ කළු ලැල්ලක අදින ලද චිත මතුවි හැඩගැසෙන පරිදිය. Humorous phonen of funny facen ප්‍රථම සත්‍ය සජීවන චිත්‍රපටය ලෙස සලකනු ලබන අතර, Blaktorus ප්‍රථම සත්‍ය සජිවන ශිල්පියා ලෙස සලකයි. Emile cohl යන ප්‍රංශ චිත්‍ර ශිල්පියා කාටුන් තිරැ නිර්මාණයෙන් පසු 1908 දී Fantas magorie නම් චිත්‍රපටය නිර්මාණය කලේය. මෙම චිත්‍රපටයේ විශාල වශයෙන් අන්තර්ගත වුයේ චලනය වන කෝටු මිනිසුන් සහ වයින් බෝතල් මල් බවට පරිවර්ථනය වීම් වැනි වස්තු රෑපකරණයයි. මෙහි සමහර දර්ශන වලදි සජීවිකරණ ශිල්පියාගේ අත් ද දක්නට ලැබෙයි. මෙම චිත්‍ර පටය නිර්මාණය කර ඇත්තේ එක් එක් රාමු කඩදාසි මත ඇද ඒවා ප්‍රතිච්චායාව මතට ගෙන කැමරාගත කිරීමෙනි මෙමගින් රෑපයට කළු ලැල්ලක ස්වභාවයක් එක් විය. මෙම හේතුව නිසා සාම්ප්‍රදායික (hand – drawn) සජීවනය ලෙස පසුකාලිනව හැදින්වනු ලැබු ක්‍රමය යොදා ගනු ලැබු ප්‍රථම චිත්‍රපටය බවට පත් වේ. blakton සහ cohl ලැබු සාර්ථකත්වය සමග තවත් බොහෝ කලාකරැවන් සජිවිකරණය යොදා ගනිමින් අත්හදා බැලිම් කරන්නට විය. එවන් එක් කලාකරැවෙක් වුයේ, සාර්ථක ප්‍රවෘත්ති පත්‍ර කාටුන් ශිල්පියෙක් වන winsor Meay . සෑම රාමුවක්ම කඩදාසි මත අදින ලද බැවින්, සෑම පසුතලයක්ම සහ සෑම චරිතයක්ම නැතව නැවතත් ඇද, සජීවිකරණය කිරිමට සිදුවිය. Me cay විසින් කරන ලද චිත්‍රපට අතර Little nemo (1911), Gertie the Dinosaur (1914) සහ The stin king of the Lusitania (1918) ප්‍රධාන තැනක් ගනි.

සජීවිකරණය කරන ලද කෙටි චිත්‍රපට නිශ්පාදනය, එනම් කාටුන් නිශ්පාදනය 1910 පමණ වන විට තනි කර්මාන්තයක් ලෙස ප්‍රචලිත විය. මෙම artoon shorts නිශ්පාදනය කරන්නේ චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය කිරිමටය. John Randolph Bray මුල් අවධියේ සජිවිකරන ශිල්පින් අතර ඉතා සාර්ථකත්වය ලැබුවෙක් ලෙස නම් කල හැක. මොහු සජීවිකරණ ශිල්පි Earl Hurd සමග එකතු වී, දශකය පුරාම සජීවිකරණ කර්මාන්තය තුල ප්‍රධාන තැනක් ඉසුලු cel animation තාක්ෂණය සදහා ජේටන්ට් බලපත්‍රය ලබා ගත්තේය.