සහචර වගා කිරීම

විකිපීඩියා වෙතින්

ගෙවතුකරණයේ දී හා කෘෂිකර්මයේ දී සහචර වගා කිරීම යනු සමීප භෞතික ප්‍රදේශයක් තුළ විවිධ වගා වගා කිරීමයි. සිද්ධාන්තයට අනුව ඒවා එකිනෙකාට උදව් කරගනු ඇත. එය එක් බහු වගා ආකාරයකි. සහචර වගා කිරීම කාර්මීකරණය වූ හා සංවර්ධනය වන ර‍ටවල්වල ගොවියන් හා ගෙවතු කම්කරුවන් විසින් භාවිතා කරනු ලැබේ. සහචර වගා කිරීමේ බොහොමයක් නූතන න්‍යායන් ශත වර්ෂ ගණනකට පෙර ගෘහස්ථ ගෙවත්තේ (cottage garden) දී ඉදිරිපත් කර තිබේ. එහි ඓතිහාසික භාවිතය පිළිබඳ තොරතුරු විශාල ප්‍රමාණයක් තිබුණත් මෙම එක් එක් මැදිහත් වීමේ කාර්යක්ෂමතාව සඳහා විද්‍යාත්මක පරීක්ෂණ පැවතුණේ සීමා සහිත ගණනකි.

ගොවියන් සඳහා මෙම තාක්ෂණික ක්‍රම සංගෘහිත පලිබෝධ කළමණාකරණයේ දී යොදා ගන්නා අතර ගොවියන් සඳහා වැඩි ඵලදාවක් ලබා ගැනීම හා හෝ පලිබෝධකයන් අඩු කිරීමට පද්ධතියක් ගොඩනැංවිය හැක. දියුණු වන ලෝකයේ දී සමෝෂ්ණ වගා වෙනුවට නිවර්තන වගා යොදා ගන්නා අතර එමඟින් NGO හා අනෙකුත් සංවිධානවලට දුප්පත්කම අවම කිරීම සඳහා මෙවලමක් ලබා දෙයි.

ගෙවතු වගාකරුවන් සඳහා ශාක සංයුක්ත කිරීම් මඟින් වඩා විවිධත්වයකින් යුත් ආකර්ශනීය එළවළු ගෙවත්තක් ලබා දෙයි. ජෛව විවිධත්වය නැතිවී යාම පාලනය කිරිමට එය යොදා ගත හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සහචර_වගා_කිරීම&oldid=472438" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි