සසුන සුරැකි සංගායනා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හෝ

බුදු දහමේ චිර පැවැත්ම සඳහා සිදු කෙරුණ විවිධ ක්‍රියාකාරකම් අතර ධර්ම සංගායනා ප්‍රමුඛ ස්ථානයක් ගනියි. ධර්ම සංගායනාවක් යනු ‘‘බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකරන ලද ධර්මය හා පනවන ලද විනය භික්ෂූන් වහන්සේලා එක් වී සජ්®ායනා කිරීම˜ යැයි සරල ව අර්ථකථනය කළ හැකි ය.
එය තරමක් විස්තරාත්මක ව ඉදිරිපත් කළ හොත්,ඉන් අදහස් වන්නේ ශාසනාභිවෘද්ධිකාමී මහ තෙරවරුන් විසින් බුද්ධ වචනය ඒකරාශි කොට වැරැදි අදහස් ඇතුළත් වී ඇත්නම් එAවා නිවැරැදි කොට ඇති වන ගැටලූ ධර්ම විනයට අනුව විසඳමින්, ශාසන ශෝධනයක් ඇති කරලීම අරමුණු කොට ගෙන සිදු කරන ක්‍රියාවලියකි.

මේ උතුම් අරමුණ පෙරදැරි ව සිදු කළ සංගායනා පිළිබඳ ව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. එ් අනුව ථේරවාදී බෞද්ධ සම්ප‍්‍රදාය මගින් පැවැත්වූ සංගායනා හයකි. ඉන් පළමු වැන්න බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසක් ගිය තැන මගධ රාජ්‍යයේ රජගහ නුවර දී ද, දෙවැන්න බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයක් ගිය තැන විශාලා මහනුවර දී ද, තෙවැන්න බුදුරදුන් පිරිනිවන් පා වසර 236 ක් ගිය තැන පැළලූප් නුවර දී ද පවත්වා ඇත. හතර වන ධර්ම සංගායනාව ක‍්‍රි.පූ. පළමු වැනි සියවසේ ලංකාවේ මාතලේ අලූවිහාරයේ දී ද, පස් වන හා හය වන සංගායනාව මියැන්මාරයේ දී (බුරුමය) ද පවත්වා ඇත. මීට අමතරව භාරතයේ ම පැවති හතර වන ධර්ම සංගායනාවක් ගැන ද ඉතිහාසයේ සඳහන් වෙයි. එය ථේරවාදී සම්ප‍්‍රදායට අයත් නොවෙයි.

අලූවිහාර සංගීතිය හෙවත් සිව් වන ථේරවාද සංගීතිය[සංස්කරණය]

සියවස් පහකට වැඩි කාලයක් පවත්වාගෙන එන ලැබූ ථේරවාදී බුදු දහම පළමු වරට පුස්කොළ පොත්වල ලියවුණේ මෙම සංගීතියේ දී ය. එ් නිසා ම මෙය පුස්තකාරූඪ සංගීතිය ලෙස ද හැඳින්වෙයි.
බුද්ධ පරිනිර්වාණයේ පටන් ශාසන මාමක භාණක තෙරවරුන් විසින් මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන ආ ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථාරූඪ කිරීම මෙහි දී සිදු විය. එය ශී‍්‍ර ලාංකික ගෞරවනීය මහා සංඝරත්නය විසින් කරන ලද උතුම් යුග මෙහෙවරකි.

සංගායනාව පැවැත්වීමට හේතු[සංස්කරණය]

ශාසන ඉතිහාසය විමසීමේ දී පුස්තකාරූඪ සංගීතිය පැවැත්වීමට ලාංකේය භික්ෂූන් වහස්සේලා පෙළඹවූ හේතු ගණනාවක් හඳුනා ගත හැකි ය.


1.බුදු දහම ලංකාවට ලැබුණු දා පටන් එය ආරක්ෂා කරමින් පවත්වා ගෙන එනු ලැබුවේ මහා විහාරීය භික්ෂුන් වහන්සේලා විසිනි. එ් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය නොමඳ ව ලැබුණි. නමුත් ක‍්‍රි.පූ. පළමු සියවසේ බලයට පත් වට්ඨගාමිණි අභය හෙවත් වළගම්බා රජු දෙවන වර බලයට පත් වීමත් සමග මේ තත්ත්වයේ වෙනසක් ඇති විය. එම රජු විසින් තමන්ට දෙවන වර බලයට පත් වීමට උපකාර කළ කුපික්කල මහා තිස්ස හිමියන්ට ප‍්‍රතිඋපකාරයක් වශයෙන් අභයගිරිය කරවා පූජා කිරීමත් සමග ශාසනික අර්බුදයක් මෙරට නිර්මාණය විය. රජු අභයගිරි පාර්ශ්වයට හිතවත් ව කටයුතු කිරීමත් එම පාර්ශ්වය ඉන්දියාවෙන් පැමිණි ධර්මරුචි නම් භික්ෂුවගේ ඉගැන්වීම් ගුරුකොට ක‍්‍රියා කිරීමත් නිසා මහාවිහාරික භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කළ ථේරවාද බුදු දහමට අභියෝගයක් එල්ල විය. ධර්මරුචි තෙරුන් වහන්සේගේ ඉගැන්වීම් ථේරවාදී බුදුදහමට පටහැනි විය. අනාගතයේ දී එම දහම ථේරවාදී බුදු දහමට හානි කරනු ඇතැයි ලක්දිව තෙරවරුන් තුළ ඇති වූ සැකය මෙම සංගීතිය පැවැත්වීමට හේතු වූ එක් කරුණකි.


2.වළගම්බා රාජ්‍ය සමයේ බැමිණිතියා නම් සාගතයක් ද ඇති විය. මේ සාගතයට වසර දොළහක් මුළුල්ලේ පැවති මහා නියඟය බලපෑවේ ය. එම වකවානුවේ ගිහි ජනතාව මෙන් ම භික්ෂූන් වහන්සේ ද ආහාර අහේනියෙන් පෙළුණහ. ත‍්‍රිපිටකය කට පාඩමින් පවත්වා ගෙන ආ සමහර භික්ෂූන් වහන්සේලා මෙම සාගතය නිසා අහේනියෙන් අපවත් වූහ. ඇතැම් භික්ෂූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කොට ජීවිතය ආරක්ෂා කර ගත්හ. තවත් පිරිසක් හාමතේ මියයතත් ලක්බිම හැර නොයාමට තීරණය කොට මහවැලි ගගේ වැලි තලාවේ වැතිර ත‍්‍රිපිටකය කට පාඩම් කළ බව සඳහන් වේ. සාගතය අවසානයේ ඉතිරි වූ භික්ෂූන් වහන්සේලා මහා විහාරයට රැුස්වූ අතර දහම කට පාඩමින් ම පවත්වා ගෙන යාම මෙවන් තත්ත්වයක් යටතේ අනතුරුදායක බව අවධානයට යොමු කළහ.

3.වළගම්බා රාජ්‍ය සමය යුද ගැටුම්වලින් පිරුණකි. සිහසුනට පත් ව නොබෝ කලකින් දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක‍්‍රමණිකයෝ වළගම්බා රජතුමා පළවා හැර සිහසුන අත්පත් කර ගත්හ. ආක‍්‍රමණිකයන් සත් දෙනෙකු සිටි බව ද ඔවුන් එකිනෙකා මරා ගනිමින් දාහතර වසරක් රට පාලනය කළ බව ද සඳහන් වේ. භික්ෂූන් වහන්සේලාගේ මග පෙන්වීම ද දේශ හිතෛෂී ජන නායකයන්ගේ හා ප‍්‍රජාවගේ අනුග‍්‍රහය ද ඇති ව වළගම්බා රජතෙමේ අවසන් ආක‍්‍රමණිකයා පළවා හැර සිහසුනට පත් විය. මෙම දීර්ඝකාලීන යුද වාතාවරණය ශාසනික සංවිධානයේ යහපැවැත්මට මෙන් ම ථේරවාද බුදු දහමේ චිරස්ථිතියට ද හානිකර ලෙස බලපෑවේ ය. මුඛ පරම්පරාවෙන් ධර්මය පවත්වා ගෙන ගිය ගුරු ශිෂ්‍ය භික්ෂූහු විසිර නොමිලේ බෙදාහැරීම ස`දහාය 104ගියහ. යුද බිය නිසා විටෙක වනගත වූහත හුදෙකලා වූහ. ධර්මය මුඛ පරම්පරාවෙන් ගෙන යාමට අවශ්‍ය කාය චිත්ත විවේකය ද නැති විය. මේ තත්ත්වය තුළ යුද ගැටුම් අවසන් වූ පසු ති‍්‍රපිටක ධර්මයේ සුරක්ෂිත බව සඳහා එය ග‍්‍රන්ථාරූඪ කිරීමේ වැදගත්කම තෙරුන් වහන්සේලාට පෙනී ගියේ ය.

4.ලක්දිව ඇතැම් භික්ෂූන් වහන්සේලා ශාසනික පිළිවෙතින් පිරිහී යාම ද අලූවිහාර සංගායනාව පැවැත්වීමට මහ තෙරවරුන් පෙළඹවූ තවත් කරුණකි. ධර්ම විනය මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යෑමේ වගකීම පිළිවෙතින් පිරිහී යමින් සිටින ස`ග පරපුර විසින් නිසි ලෙස ඉටු නොකරනු ඇතැයි මහ තෙරවරුන් තුළ සැකයක් ඇති වී යැයි සිතිය හැකි ය. මහා නිද්දේසයට ඇතුළත් ධර්ම කරුණු දැන සිටි එක ම භික්ෂුව ද දුසිල් ජීවිතයක් ගතකළ බව සඳහන් වේ. මේ තත්ත්වය ද ත‍්‍රිපිටක ධර්මය ග‍්‍රන්ථාරූඪ කිරීමේ අවශ්‍යතාව ඇති කළ බව සැලකිය හැකි ය.

5.ලාංකේය භික්ෂූන් වහන්සේ මෙකල කණ්ඩායම් දෙකකට බෙදී සිටියහ. ග‍්‍රන්ථ ධුරය වඩන භික්ෂූන් හා විදර්ශනා ධුරය වඩන භික්ෂූන් වශයෙනි. ග‍්‍රන්ථ ධුරය වැඩූ භික්ෂූහු විදර්ශනා ධුරය වැඩූ භික්ෂූන්ට වඩා ප‍්‍රබල වූහ. ග‍්‍රන්ථ ධුරය වැඞීම සඳහා ත‍්‍රිපිටකය ලේඛනාරූඪ කිරීම වඩාත් වැදගත් වීම ද මෙම සංගායනාව පැවැත්වීමට හේතු වී තිබේ.

6.මේ වන විට ධර්මය ඇසීමටත්, ඉගෙනීමටත්, එ් පිළිබඳ පර්යේෂණ පැවැත්වීමටත් ඇතැමුන් තුළ උනන්දුවක් ඇති වී තිබේ. එබඳු කටයුතු මුඛ පරම්පරාවෙන් පමණක් පවත්වාගෙන යාම අපහසු බව ඔවුනට වැටහිණි. ත‍්‍රිපිටකය ලේඛනගත කිරීමෙන් එයට විසඳුම් ලබා ගත හැකි බව තේරුම් ගැනිණි. මෙබඳු හේතු ගණනාවක් පදනම් කරගෙන ක‍්‍රි.පූ. පළමු සියවසේ මාතලේ අලූවිහාරයේ දී ප‍්‍රදේශීය නායකයෙකුගේ අනුග‍්‍රහ ඇති ව භික්ෂූන් වහන්සේ පන්සීයකගේ සහභාගිත්වයෙන් හතර වන ධර්ම සංගීතිය පවත්වන ලදි. එහි දී සිදු වූයේ පාලි භාෂාමය වූ ථේරවාද ති‍්‍රපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීමයි.

උපුටා ගැනීම[සංස්කරණය]

☻ ○ බුද්ධ ධර්මය 10 ශ්‍රේණිය පොතේ 19 වන පාඩමින් උපුටා ගන්නා ලදී. ○ ☻

"https://si.wikipedia.org/w/index.php?title=සසුන_සුරැකි_සංගායනා&oldid=373407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි