සවිවර අස්ථි

විකිපීඩියා වෙතින්
(සවිවර අස්ථිය වෙතින් යළි-යොමු කරන ලදි)
සවිවර අස්ථිය
දර්ශීය දිගු අස්ථියක සවිවර අස්ථි පිහිටුම පෙන්වන රූපය (රූපයේ සවිවර අස්ථිය "trabecular bone" ලෙස දක්වා ඇත)
චූර්ණීහරණයට ලක් වූ සවිවර අස්ථි පටක නිදර්ශකයක ආලෝක අන්වීක්ෂීය ව්‍යූහයක්, මෙහි මාවර (රෝස පැහැයෙන්) සහ මිදුළු පටකය (නිල් පැහැයෙන්) දැකිය හැක.
තොරතුරු
ලතින්substantia spongiosa ossium
හඳුන්වනයන්
ග්‍රේ ගේp.86
Dorlands
/Elsevier
s_27/12766958
TAA02.0.00.004
FMA24019
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

සවිවර අස්ථිය යනු අස්ථි පටකයේ අස්ථි ජනනයට හේතුවන ප්‍රධාන අස්ථි පටක වර්ග දෙන අතුරින් එකකි. එහි සෙසු අස්ථි පටක වර්ගය, සුසංහිත අස්ථි වේ.

ලක්ෂණ[සංස්කරණය]

සවිවිර අස්ථියක පෘෂ්ඨ-පරිමා අනුපාතය, සුසංහිත අස්ථියකට වඩා වැඩි ය. එයට හේතුව එහි ඝනකම අඩුවීමයි. මේ හේතුවෙන් සවිවර අස්ථියට මෘදු, දුර්වල, සහ නම්‍යශීලී ගුණාංග ලැබී ඇත. සුසංහිත අස්ථි සමග සසඳන විට එය සතු විශාල පෘෂ්ඨ වර්ගඵලය හේතුවෙන්, සවිවර අස්ථිය පරිවෘත්තීය ක්‍රියාවන් (උදා. කැල්සියම් අයන හුවමාරුව) සිදුවීමට වඩාත් සුදුසු තත්ත්වයක පවතී. සාමාන්‍යයෙන් සවිවර අස්ථි දිගු අස්ථිවල කෙළවර, කශේරුකාවල අභ්‍යන්තරයේ, සහ සන්ධිවලට ආසන්න ප්‍රදේශවල දැකිය හැක. සවිවර අස්ථි හොඳින් වාහිනීමත් වී ඇති අතර, බොහෝ විට රතු ඇටමිදුළු පිහිටයි. ඒවායේ රතු රුධිර සෛල ජනනය සිදු වේ. සවිවර අස්ථිවල ප්‍රධාන ව්‍යූහමය සහ කෘත්‍යමය ඒකකය මාවර වේ. සවිවර අස්ථි තුළ පිහිටි මාවර මානව ඌර්වස්ථිය වැනි දිගු අස්ථිවලදී දේහ බර ව්‍යාප්ත කිරීමට ද උපකාර වේ. කෙටි අස්ථි පිළිබඳ අවධානය යොමුව තිබුණත්, කශේරුක වෘන්තිකාවල මාවර සැකැස්ම පිළිබඳ අධ්‍යයනයන් ඇත.[1] ඉහළ විසර්ජනයක් ඇති පරිගණක ආකෘති යොදා ගනිමින් සවිවිර අස්ථිවල මහේක්ෂීය අවනති ශක්තිය පවා අනාවරණය කොටගෙන ඇත.[2]

එහි ලතින් නාමය සබ්ස්ටන්ෂියා ස්පොන්ජියෝසා හෝ සබ්ස්ටන්ෂියා ස්පොන්ජියෝසා ඔසියම් යන්නයි. මෙය පළමුව නිවැරදිව නිරූපණය කොට ඇත්තේ ක්‍රිසොස්ටොමෝ මාර්ටිනෙස්ගේ නිරේඛන සිතුවමක ය.[3]

සායනික වැදගත්කම[සංස්කරණය]

අස්ථිවෛවර්වයේ දී (විශේෂයෙන්ම 1වන වර්ගයේ දී, හෙවත් පශ්චාත්-ආර්තවාභාවයේදී), සුසංහිත අස්ථියට වඩා බෙහෙවින් සවිවිර අස්ථිය හායනයට ලක් වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. ග්ඩිසින්ස්කි, සී.එම්.; මැන්බැචි, ඒ. "ඔන් එස්ටිමේටිං ද ඩිරෙක්ෂනලි ඩිස්ට්‍රිබියුෂන් ඉන් ට්‍රැබකියුලර් බෝන් ෆ්‍රොම් මයික්‍රෝ-CT ඉමේජස්". ජර්නල් ඔෆ් ෆිසියොලොජිකල් මෙෂර්මන්ට්ස්. 35 (12): 2415–2428. doi:10.1088/0967-3334/35/12/2415. {{cite journal}}: Invalid |display-authors=සහ පිරිස (help)
  2. ලෙව්රෙරෝ, එෆ්.; මාගට්ස්, එල්. (2016). "ඉවැලුවේටිං ද මැක්‍රොස්කොපික් යීල්ඩ් බිහේවියර් ඔෆ් ට්‍රැබකියුලර් බොන් යූසිං අ නන්ලයිනියර් හෝමොජෙනිසේෂන් අප්‍රෝච්". ජර්නල් ඔෆ් ද මෙකෑනිකල් බිහේවියර් ඔෆ් බයෝමෙඩිකල් මැටීරියල්ස්. 61: 384–396. doi:10.1016/j.jmbbm.2016.04.008. {{cite journal}}: Invalid |display-authors=සහ පිරිස (help)
  3. ගෝමස්, සැන්ටියාගෝ (පෙබරවාරි 2002). "ක්‍රිසොස්ටොමෝ මාර්ටිනෙස්, 1638-1694: ද ඩිස්කවරර් ඔෆ් ට්‍රැබකියුලර් බෝන්". එන්ඩොක්‍රයින්. 17 (1): 3–4. doi:10.1385/ENDO:17:1:03. ISSN 1355-008X. PMID 12014701.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සවිවර_අස්ථි&oldid=385393" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි