සවානා පරිසර කලාප

විකිපීඩියා වෙතින්

සවානා පරිසර කලාප විවිධ වර්ග කිපයකට අයත් වේ.

කැමරූන් හි නැගෙනහිර ප්‍රදේශයෙහි සමකයට ආසන්න සවානා ප්‍රදේශයක්
  • නිවර්තන සහ උපනිවර්තන සවානා. - මේවා වර්ගිකරණය කර ඇත්තේ නිවර්ථන සහ උපනිවර්ථන තෘණ භූමි සහ පඳුරු බිම් ලෙසය. එනම් නිවර්ථන සහ උපනිවර්ථන තෘණ බිම්, සවානා සහ පඳුරු බිම් බයෝම ලෙසයි. අප්‍රිකාවෙහි සෙරන්ගෙටි හි සවානා බිම් එහි වන ජීවිතය සඳහා ප්‍රසිද්ධියක් දරයි.
  • සෞම්‍ය සවානා බිම්. - මේවා මධ්‍ය අක්ෂාංශ සවාන බිම් වන අතර ඒවාට තෙත් ග්‍රීෂ්ම සෘතුවක් සහ වියළි ශ්‍රීත සෘතුවක් අයත්වේ. ඒවා සෞම්‍ය සවානා සහ පඳුරු බිම් ලෙස වර්ගීකරණය කර ඇත. එනම් උෂ්ණ තෘණ බිම්, සවානා සහ පඳුරු බිම් බයෝමයි.
  • මධ්‍යධරණි සවානා. - මේවා මධ්‍ය අක්ෂාංශ සවානා බිම් වන අතර ඒවා මධ්‍යධරණි දේශ ගුණයක් පවතින මද වැසි ඇති ශීත කලාප සහ වියළි උණුසුම් ග්‍රීෂ්ම කලාප පවතින මධ්‍යධරණි කැළෑ දැව භූමි සහ පඳුරු බයෝම වල අන්තර්ගත වේ. කැලිෆෝනියාවේ ඕක් ශාක සවානා යනු කැලිෆෝනියාවේ චැපරාල් සහ දැව භූමි කලාපවල කොටසකි.


  • ජල ගැලීම් වලට ලක්වන සවානා. - මේවා නම් යම්කිසි කාලයකට හෝ වසරක් පාසා ජලගැලීම් වලට ලක්වන සවානා වර්ග වේ. ඒවා ජල ගැලීම් වලට ලක්වන තෘණ බිම් සහ සවානා බයෝම ලෙස වර්ගීකරණයට ලක්වේ. මේවා බොහෝ විට දක්නට ලැබෙන්නේ නිවර්ථන සහ උපනිවර්ථන ප්‍රදේශ වලයි.
  • කඳුකර සවානා. -මේවා ඉහළ උන්නතාංශ වල පිහිටන සවානා වර්ග වන අතර ඒවා ‍ලොව පුරා ඉහළ කඳු මුදුන් ප්‍රදේශ වල ස්ථාන කිහිපයක පමණක් පිහිටා ඇත. ඒවා කඳුකර තෘණ භූමි සහ පදුරු බිම් බයෝම වේ. ඇන්ගෝලන් බෑවුම් සවානා සහ දැව බිම් සවානා වර්ග මෙකී වර්ග වල‍ට උදාහරණ වේ.


මූලාශ්‍ර[සංස්කරණය]

Savanna_ecoregions

"https://si.wikipedia.org/w/index.php?title=සවානා_පරිසර_කලාප&oldid=212834" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි