සමානුපාතික නියෝජන ක්‍රමය

විකිපීඩියා වෙතින්

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණයකදී 12.5% ට වඩා අඩු ඡන්ද ප්‍ර‍තිශතයන් ලබාගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් තේරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීීම සදහා ප්‍රතිපාදන පනවා තිබිණි. එම දුර්වලතාව යම් ප්‍ර‍‍මාණයකට අඩු කිරීමේ ක්‍රමවේදයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වන සංශෝධනය මගින් එම ප්‍ර‍තිශතය 5% දක්වා අඩු කිරීමට කටයුතු කරන ලදී.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණ ක්‍රමයක් ලෙස හඳුන්වා දුන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයයි. සමානුපාතික නියෝජන ක්‍රමය යනු යම් මැතිවරණ කොට්ඨාසයකට තරගකරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික ව ආසන බෙදී යන නියෝජන ක්‍රමයයි. මෙම ක්‍ර‍මය ලොව පවතින නියෝජන ක්‍ර‍ම අතර වඩාත් ප්‍රශස්ත නියෝජන ක්‍රමයක් වන අතර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සහිතවේ. එහිදී සෑම මතවාදී කණ්ඩායමකට ම යම් නියෝජනයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවීම සහතික කර ඇත.

ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙනු ලැබූ සමානුපාතික නියෝජන ක්‍රමය තුළ ඉහත සඳහන් කරන ලද ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණ සාපේක්ෂ වශයෙන් අඩු බවක් නිරීක්ෂණය වේ. මැතිවරණ කොට්ඨාස මට්ටමින් 12.5% නොඉක්මවන නියෝජනයන් සහිත සියලුම කණ්ඩායම් වල ඡන්ද තරඟයෙන් ඉවත් කිරීම තුළ එය ජාතික වශයෙන් ගණනය කිරීමේදී ජනමතයේ නියෝජනය සම්බන්ධව බරපතළ විකෘතියක් ජනනය කරයි. උදාහරණයක් ලෙස ගතහොත් ඡන්දදායකයින් ලක්ෂයක් අතුරින් 12,500 කට අඩුවෙන් ඡන්ද ලබා ගන්නා සියළු කණ්ඩායම් වල නියෝජනය නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී නොසලකා හරිනු ලැබේ. එය ජාතික මැතිවරණයක් සම්බන්ධව ගතහොත් එය අති විශාල ඡන්ද ප්‍ර‍මාණයක් නොසලකා හැරීමකි.

මෙය සුළුතර දේශපාලන කණ්ඩායම් හා වෙනස් මත දරණ කණ්ඩායම් වල නියෝජනය සම්පූර්ණයෙන් අවහිර කිරීම සඳහා ව්‍යවස්ථාමය වශයෙන් පනවන ලද උපක්‍රමයක් ලෙස  විග්‍රහ කළ හැකිය. මෙම තත්වය දිරීඝකාලීනව විකාශනය වීම තුළ දේශපාලනික වශයෙන් රටක් තුළ විකල්ප ක්‍රියාකාරකම් වර්ධනය වීම නොවැලැක්විය හැකි කරුණක් බවට පත්වෙයි.

සුළු ජන කණ්ඩායම් හෝ ප්‍රධාන ධාරාවට වෙනස් මතවාද දරන කණ්ඩායම් වල හෝ පක්ෂ වල නියෝජනය අවහිර වීම තුළ ඔවුන් විසින් සිය මතය එළිදැක්වීමට වෙනත් ක්‍රමවේද භාවිතා කිරීම්ට වක්‍රාකාර පෙළඹවීම්ක් ඇති කරනු ලැබීමේ තත්ත්වයක් නිර්මාණය වේ. කැරලි කෝලාහල, සිවිල් අරගල හෝ රහසිගත යුදමය ක්‍රියාකාරීත්වයන් වෙත යොමුවීමට අවශ්‍ය කරන පසුබිම මේ හරහා නිර්මාණයය වීම නිතැතින්ම සිදු වනු ඇත.

දකුණේ දී ජනතා විමුක්ති පෙරමුණ ද උතුරේදී විවිධ ද්‍රවිඩ කණ්ඩායම් ද පහසුවෙන් ගොඩනැගීමට හා වර්ධනයවීම සිදුවන්නේ මෙවැනි වටපිටාවක් ආණ්ඩුකම ව්‍යවස්ථාව විසින්ම නිර්මාණය කිරීම තුළ බව මොනවට පැහැදිලි වෙයි. මෙම තත්වය වෙනස් මතයක් දැරීමේ හා එම මතය නියෝජනය කිරීමට පුද්ගලිකව හෝ පුද්ගල කණ්ඩායමකට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් හා නොසලකා හැරීමක් බව පෙනී යයි.

මෙමගින් නීතියේ ආධිපත්‍යයට අදාලව ඇති  සමානාත්මතාවය සහ සමානයින් සමාන  ලෙස සැලකුම් ලැබිය යුතුය යන මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය වෙයි. මෙම අවුල් සහගත ප්‍ර‍තිපාදනයෙන් ඉස්මතුවූ දෝෂ සමතයකට පත් කිරීමේ උත්සාහයක් ලෙස නියෝජනය පිළිබඳව සලකා බැලීමේ ප්‍රතිශතය 5% දක්වා පහළොස්වන සංශෝධනය මගින් අඩු කරන ලද්දේ වූව ද මෙම 5% නියෝජන මට්ටමද ජාතික වශයෙන් ගත් කළ සාපේක්ෂව ඉහළ අගයක් වේ. ජාතික තලයේ දී 5% ක ඡන්ද පදනමක් යනු සැලකියයුතු ජනමතයක් නියෝජනය කරයි. ඒ අනුව එවැනි ප්‍ර‍මාණයක් නියෝජනයෙන් ඉවත් කිරීම ප්‍රජාතන්ත්‍රීය ලක්ෂණයන්ට හානි කරනු ලබන ක්‍රියාදාමයක් වන අතර හිමි විය යුතු අවස්ථා අහිමි කිරීමක් ලෙස ද පෙනී යයි.

බාහිර සබැදි[සංස්කරණය]

1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාව