Jump to content

සමාධි අරුණාචය

විකිපීඩියා වෙතින්
සමාධි අරුණාචය
උපත25 නොවැම්බර් 1990 (1990-11-25) (වයස 35)
අනෙකුත් නම්Malee
වෘත්තියActress
සක්‍රීය වසර2010–present
SpouseSanjaya Moragolla (m. 2014)
දරුවන්3

සමාධි අරුණාචය මොරගොල්ල (පෙර අබේගුණරත්න උපත:1990 නොවැම්බර් 25)[2][3] මාලී ටෙලි නාට්‍යයේ සාර්ථකත්වයෙන් පසුව මාලී [4] ලෙස වඩාත් ප්‍රචලිත, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් පවත්වන ලද 2010 අවුරුදු කුමාරි තරඟයෙන් කිරුළු පැළඳීමෙන් පසු ප්‍රසිද්ධියට පත් වූ ශ්‍රී ලාංකික නිළියකි. ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ දෙරණ රූපවාහිනියේ විකාශය වූ සිය මංගල ටෙලිනාට්‍යය වන සවීනා සමඟින්, නමුත් ඇය වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පසුව නිමල් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ දෙරණ රූපවාහිනියේ ද විකාශය වූ ජනක සිරිවර්ධන විසින් නිෂ්පාදනය කරන ලද මාලී ටෙලි නාට්‍ය සඳහාය. [5] [6]

ළමා අවධිය

[සංස්කරණය]

සමාධි 1990 නොවැම්බර් 25 වැනි දින ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් පිහිටි තිස්සමහාරාමයේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු සමඟ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස උපත ලැබූ අතර ඇය අධ්‍යාපනය ලැබුවේ තංගල්ල බාලිකා විද්‍යාලයේය. ඇය 2014 වසරේදී සංජය මොරගොල්ල නමැති ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වී දරුවන් තිදෙනෙකු බිහිකර තිබෙනවා.

යොමු කිරීම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සමාධි_අරුණාචය&oldid=595053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි