සමාජ වගකීම සහ ජන මාධ්‍ය

විකිපීඩියා වෙතින්

සමාජ වගකීම් සහ ජනමාධ්‍ය[සංස්කරණය]

ජන මාධ්‍ය යනු දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් සිදුවන සියලු තොරතුරු පිළිබඳව සාමාන්‍ය මිනිසාට නොහොත් පොදු මිනිසාට දැනගත හැකි ප්‍රධානතම ක්‍රමයයි. මෙය ලෝකයේ ඕනෑම අවස්ථාවක ඕනෑම ස්ථානයක සිදුවූ සිදුවීම් ලෝකවාසීන්ට දැනගත හැකි ප්‍රබල මාධ්‍යයක් බවට පත්වී තිබේ. වර්ථමානය වන විට මිනිසාගේ නොයෙකුත් ආශාවන් සිතුම් පැතුම් ඉටුවනවා වාගේම ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු වලට විසදුම් ලබාදෙන ප්‍රබල මාධ්‍යයක් බවට ජන මාධ්‍ය පත්වී තිබේ. මහාචාර්‍ය චන්ද්‍රසිරි රාජපක්ෂයන් විසින් රචිත මාධ්‍ය විමර්ශී - 2, නැමති සන්නිවේදන ළිපි සංග්‍රහයට අනුව ජනමාධ්‍ය සතු බලය සහ එමගින් කලහැකි සමාජ මෙහෙවර ආකාර 12 කට වර්ගකොට දැක්විය හැකිය. 1. ජනමාධ්‍යයන්ට මිනිසුන්ගේ ක්ෂිතිජය හෙවත් නැවුම් ආකාරයට ලොව පිළිබද දැක්ම විශාල ලෙස පුළුල් කල හැකිය. එනම් දියුණු රටවල අත්දැකී උකහාගනිමින් නව මානයන් ඔස්සේ තම සාම්ප්‍රදායික ජීවන රටාව පුළුල් තලයකට ඔසවා තැබීමට මාධ්‍ය ඔස්සේ ලබාගන්නා තොරතුරු භාවිතාකල හැකිය.

ජනමාධ්‍යන්ට අවධානය කේන්ද්‍රගත කල හැකිය[සංස්කරණය]

එනම් ජනසමාජය තුල ඕනෑම ක්ෂේත්‍රයක සමාන ශක්තීන් සහ අනෙක් සියලු සාධක සමාන වන තොරතුරු සමූහයක් අතුරින් ත් තෝරාගත් එකකක් වෙත ජනමතය කේන්ද්‍ර ගතකිරීමේ බලය ඇත.එබැවින් මෙමගින් ව්‍යාපාරික වේවා සමාජයීය වේවා දේශපාලනික මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද මිනිසා කේන්ද්‍ර ගතකිරීම ජනමාධ්‍ය සිදුකරයි.

ජනමාධ්‍යන්ට අභිලාශය නැංවිය හැකිය[සංස්කරණය]

 විවිධ ක්ෂේත්‍ර සම්භන්ධ ජනතා අභිලාශයන් හදුනාගෙන ඒ පිළිබද සැබෑ උත්තේජක්  ලබා දියහැකි සංවිධාන බලගැන්වීමේ සමාජ වගකීම ඉටුකිරීමේ බලය ජනමාධ්‍ය සතුවේ.  

සංවර්ධනය සදහා ජනමාධ්‍යන්ට දේශගුණයක් බිහිකල හැකිය[සංස්කරණය]

එනම් ලොපුරා භාවිතකල සහ දැනනට භාවිතකරන තොරතුරු වෙත මාධ්‍ය අවධානය යොමුකර එය උත්තේජනාත්මක ලෙස ප්‍රචාරණය තුලින් පොදු ජනමතයක් ගොඩනැගීමය.