සමාජයේ දැනුවත් බව සහ අධ්‍යාපනය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

සංස්ථාවන්ට බලපෑම් කිරීම කෙරෙහි ඒකාබද්ධ කොටස් කරුවන් සාමූහිකව ක්‍රියාකාරීවීම සම්බන්ධයෙන් වන කාර්යභාරය වෙනස් වෙමින් පවතී. කොටස් කරුවන් සහ ආයෝජකයෝ සමාජයට යහපත් හා හිතවාදී සිය ආයෝජන තුළින් සංස්ථාවන්ට වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස බලකිරීමට ක්‍රියා කරති. රාජ්‍ය නොවන සංවිධාන ද මෙහිදී වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. එම සංවිධාන මාධ්‍ය සහ අන්තර්ජාලය ශක්තිමත් කර, නිරීක්ෂණය කිරීමෙන් සහ සාමූහික ක්‍රියාකාරිත්වය තුළින් සංස්ථාවන්ට අදාළ කටයුතු වර්ධනය කිරීමට කටයුතු කරයි. අධ්‍යාපනය ලබාදීම සහ සංවාද අනුසාරයෙන් ස්වකීය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වගකීම දැරීමට ද ප්‍රජාව සංවර්ධනය කිරීමට ක්‍රියා කරගෙන යති.


ආචාර ධර්ම – පුහුණුව සංස්ථාවන්ගේ චර්යාව සහ හැදියාව වෙනස් කිරීමෙහිලා බලපෑ ප්‍රධාන සාධකයන් වනුයේ, සංස්ථාවන්හි ආචාර ධර්ම පුහුණුව කෙරෙහි වූ නැඹුරුව සහ රජය මගින් පනවා ඇති ඇතැම් නීතිරීති ද වේ. ගැටළුවලට පිළිතුරු සොයා ගැනීමට අපහසු අවස්ථාවන්හිදී, ආචාර ධර්මයන්ට අනුකූලව තීරණ ගැනීමට සේවකයන්ට සහාය වීම මෙම පුහුණුවේ අභිප්‍රාය වේ. ටුල්බර්ග් මහතාගේ මතය වනුයේ (1971 සහ 1985 දී ටවර්ස් දැක්ම අනුව උපතින්ම මිනිසා වංචා කිරීමට සහ මවාපෙන්වීමට හැකියාව සහිතව හැඩගැසී ඇත. එනිසා මිනිසාගේ චර්යාව තුළ ප්‍රමාණික අගයන් සහ නීතිරීති පිළිබඳව දැනුම අවශ්‍ය වේ. (ටුල්බර්ග් 1996*. නීති කඩකිරීමෙන් සහ සදාචාරය උල්ලංඝනය කිරීමෙන් වන වංචනික ක්‍රියාවන්ට ඇති සම්භාව්‍යතාව අඩුවීම, දඩ පැනවීම සහ ප්‍රතිරූපය කැළැල් ඇති නොවීම මෙයින් ලැබෙන ප්‍රධාන මෙන්ම ඍජු ප්‍රතිලාභයන්ය. ද්වීතීයික ප්‍රතිලාභයක් වනුයේ ආයතනයට සේවකයන් තුළ ඇති ලැදියාව සහ අභිමානය වර්ධනය වීමය. උදාහරණයන් වශයෙන් කැටපිලර් සහ බෙස්ට් බයි ආයතන මෙවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ ආයතන ලෙස හඳුන්වා දිය හැකිය.


රාජ්‍ය නීති සහ රෙගුලාසි යටතේ රට වැසියන් සහ පරිසරයද ඇතුළුව පුළුල් වශයෙන් සමාජ යහපතට හානි වන අයුරින් සංස්ථාවන් ක්‍රියාකිරීම වැළැක්වීම සහතික කිරීමට කටයුතු යොදා ඇත. ඊට උපකාරීවන තවත් ඒකාබද්ධ සමාජීය වගකීමක් වනුයේ ස්වාධීන මැදිහත්කරුවන්ගේ සහ විශේෂයෙන් රජයේ කාර්ය භාරයයි. රොබට් රීච් වැනි ඒකාබද්ධ සමාජීය වගකීම් පිළිබඳව ක්‍රියාකරන විචාරකයන් පවසන පරිදි ව්‍යාපාරයන්ට වගකීමකින් යුතුව සිය ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා, රාජ්‍යයන් මගින් සමාජීය වගකීම් පිළිබඳව නීති සහ රෙගුලාසිවලට අනුකූල න්‍යාය පත්‍රයක් සකස් කර දිය යුතුය. රජය මඟින් රෙගුලාසි ගැටලූ රැසක් ඇතිකර ඇත.

සංස්ථාවක සියලූ ක්‍රියාකාරිත්වයන් ආවරණය කිරීමට මේ රෙගුලාසි වලට නොහැකිවී ඇත. එබැවින් නීතියේ සමහර විවාදාත්මක අඳුරු පැතිකඩයන් නිසා ඉසිලීමට දුෂ්කර නීතිමය ක්‍රියාදාමයකට පැටලීමට සිදුවී ඇත. (සකොනි 2004). කාබනික අපද්‍රව්‍යයන්ගෙන් හඞ්සන් ගඟ දුෂණය කළ ජෙනරල් ඉලෙක්ට්‍රික් සමාගම ගඟ පිරිසිදු කිරීමට අපොහොසත් වීම උදාහරණයක් ලෙස දැක්විය හැකිය. සමාගම තමන්ගේ වගකීම පිළිබඳව නීතිමය මාර්ගයකට අවතීර්ණ වී ඇති අතර ගඟ පිරිසිදු කිරීම ඇණහිට ඇත. (සුල්ලිවාන් සහ ෂියාෆො 2005) දෙවැනි ගැටළුව වන්නේ රෙගුලාසි මගින් ජාතික ආර්ථිකය මත පැටවිය හැකි මූල්‍ය බරය. ආර්ථික පාඩුව සහ ජාතික ඇල්ම සලකා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය 1997 කියොටෝ(Kyoto Pact)ලේඛණයට එකඟත්වය පළකිරීම මගහැර ක්‍රියාකිරීම. බල්කෙලි විසින් මේ සම්බන්ධයෙන් ඇති නිදසුනක් ලෙස ගෙනහැර පායි. ඕස්ට්‍රේලියානු රජයේ ස්ථාවරය වූයේ මෙම ගිවිසුමට අත්සන් කළහොත් ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානයේ අනෙකුත් රටවලට වඩා සැලකිය යුතු ආර්ථික පාඩුවක් දැරීමට තම රටට සිදුවෙන බවය. (බල්කෙලි 2001, පිටුව 436*. සංස්ථාපිත සමාජීය වගකීම් කියොටෝ(Kyoto Pact) හි දොස් දකින්නන් වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි සංවිධාන මගින් රජයට බදු ගෙවීමට හේතුව නම් ව්‍යාපාරයන් නිසා ඇතිවිය හැකි දරුණු පාරිසරික බලපෑම් වළක්වා ගැනීමයි.[තහවුරු කරන්න]


සමාජීය අර්බුද සහ ප්‍රතිවිපාක[සංස්කරණය]

අර්බුදයක් ඇතිවූ වහාම අවධානය යොමුවන්නේ ඒකාබද්ධ සමාජීය වගකීම් කෙරෙහිය. 1989 ඇලස්කාහිදී එක්සන් වැල්ඩස් (Exxon Valdez) සිද්ධියෙන් පසු පරිසර කළමනාකරණය කෙරෙහි ක්‍රියාකාරී වූයේ සීරීස් මූලධර්මය (ගේරස් සහ කොහෙන් 2006). සෙල්ලම් බඩු නිෂ්පාදනයෙහි දැවැන්තයෙක් වූ මැටල් (Mattel) සමාගම විෂ ඊයම් සහිත තීන්ත වර්ගයක් පාවිච්චි කිරීම නිසා ලොව වටා තිබූ දස ලක්ෂ ගණනක් සෙල්ලම් බඩු ආපසු කැඳවීමට සිදුවූ අතර අවදානම් කළමනාකරණය සහ තත්ත්ව පාලන පිළිවෙතක් ආරම්භ කිරීමට ද සිදු වීම තවත් උදාහරණයකි. දහස් ගණනක් පක්ෂීන් ඊයම් විෂ වීමෙන් මරණයට පත්වීම සම්බන්ධයෙන් වගකීමට බටහිර ඕස්ට්‍රේලියාවේ එස්පරන්ස් නගරයේ මැගලන් මෙටල්ස් සමාගමට සිදුවීම තවත් උදාහරණයකි. එම සමාගමට වහාම සිය ව්‍යාපාරය නවතා ස්වාධීන පාලන ආයතන සමග එක්ව පරිසරය පවිත්‍ර කිරීමට සිදුවිය.[තහවුරු කරන්න]


සටහන්[සංස්කරණය]

| Social_awareness_and_education |}