සමර් ඔෆ් '69

විකිපීඩියා වෙතින්
"සමර් ඔෆ් '69"
ගොනුව:Bryan Adams - Summer of '69.jpg
ගීතය ගයන්නේ බ්‍රයන් ඇඩම්ස්
Reckless ඇල්බමයෙනි
B-side"Kids Wanna Rock"
"The Best Was Yet to Come"
මුදාහැරුණේ1985 ජුනි
ආකෘතියග්‍රැමෆෝන් රෙකොඩ්, මැක්සි සින්ගල්
පටිගත කළේ1984
ගණයපොප් රොක්, හාර්ට්ලන්ඩ් රොක්, හාඩ් රොක්
දිග3:32
ලේබලයඑ අන්ඩ් එම්
ගීතරචක(යන්)බ්‍රයන් ඇඩ්ම්ස්, ජිම් වොලන්ස්
Producer(s)බොබ් ක්ලියර්මවුන්ටන්, බ්‍රයන් ඇඩ්ම්ස්
සැකිල්ල:Extra music sample

"සමර් ඔෆ් '69" කැනේඩියානු ගායක බ්‍රයන් ඇඩම්ස් විසින් ඔහුගේ සිවුවැනි ගීත ඇල්බමයට, රෙක්ලස් (1984) ගායනා කරන ලද ගීතයකි. මෙම ගීතය රචනා කරන ලද්දේ ඇඩ්ම්ස් සහ ඔහුගේ දිර්ඝකාලීන ගීත රචක සහකරුවා වන ජිම් වොලන්ස් විසිනි. සමර් ඔෆ් '69 ගීතය ඇඩ්ම්ස් සහ බොබ් ක්ලියර්මවුන්ටන් විසින් නිෂ්පාදනය කරන ලදි. 1985 දී මෙය නිකුත් කරන ලද්දේ එ අන්ඩ් එම් රෙකොඩ්ස් යටතේ රෙක්ලස් ඇල්බමයේ සිව්වැනි ගීතය ලෙසයි.ඇඩම්ස්ගේ බොහෝ ගීත මෙන් මෙයද වේග තාලයේ රොක් ගීතයකී.

මෙම ගීතය සමග "කිඩ්ස් වොන රොක් යු" සහ "ද බෙස්ට් වොස් යෙට් ටු කම්" යන​ බී-සයිඩ් ගීත 2ක නිකුත් කරන ලදි. එම ගීත 2ක රෙක්ලස් සහ කට්ස් ලයික(ර්) නයිෆ් යන ඇල්බම 2කේ ඇතුලත් විණි. සමර් ඔෆ් 69 සංගීත විවේචකයන්ගේ යහපත් ධනාත්මක ප්‍රතිචාර ලබාගැනිමට සමත් විය​. අන්තර්ජාතික ගීත දර්ශක රැසක ඉහල ස්ථාන ලබාගැනිමට සමත් වුනු සමර් ඔෆ් 69 නෙදර්ලන්ත ගීත දර්ශකයේ 4 වෙනි ස්ථානය ලබාගැනිම කැපි පෙණිනු අතර අවම ප්‍රතිචාර ලබාගත්තේ ජර්මනියේදීය​. මෙම ගීතයට ස්ටිව් බරොන් විසින් සංගීත විඩීයෝවක් නිර්මණය කරන ලද අතර එහි ඇඩම්ස් සහ ඔහුගේ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් පොලීසීයෙන් පැනයන සිදුවිමක් සහ​ විවිධ පසුතල වල සිටින දර්ශන ඇතුලත් විය​.

සංකල්පනාව සහ තේමා[සංස්කරණය]

කට්ස් ලයික නයිෆ් ඇල්බමයේ ලොව වටා සංචාරයෙන් පසු ඔහු ඉක්මනින්ම ඔහුගේ රෙක්ලස් නව ඇල්බමයේ ගීත පටිගත කිරිම අරම්භ කරන ලදි. සමර් ඔෆ් 69 1984 ජනවාරි 25 වන විට,[1] ජිම් වොලන්ස් සමග රචනා කර ඔහුගේ යටමාලයේ ශබ්දාගාරයේ පටිගත කර අවසාන කරන ලදි. ඇඩ්ම්ස් සහ වොලන්ස් දෙදෙනාම මෙම ගීතය, ගීත ඇල්බමයකට ඇතුලත් කිරිමට තරම් තත්වයක නොමැති බව සිතු නිසා විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය කරන ලදි. ඔවුන්ගේ මුල් කටුසටහනේ "සමර් ඔෆ් '69" යන කොටස ඇතුලත් වුනේ එක්වරක් පමණි. ඒවන විට ඔවුන් සිතාගෙන සිටියේ මෙය "බෙස්ට් ඩේස් ඔෆ් මයි ලයිෆ්" ලෙස නම් කිරිමටය​. පළමු කටුසටහනේ මෙම "බෙස්ට් ඩේස් ඔෆ් මයි ලයිෆ් " යන කොටස හත් වරක් යෙදී තිබුනු අතර අවසාන කටුසටහනේදි එය "සමර් ඔෆ් '69" යන පදයෙන් ප්‍රතිස්ථාපනය කර බැවින් අවසානයේ එය යෙදි තිබෙන්නේ දෙවරක් පමණි.[2]

"ජිමි ක්(උ)විට් ඇන්ඩ් ජෝඩි ගොට් මැරිඩ්"("Jimmy quit and Jody got married" )යන කොටස රචනා කරන විට වොලන්ස් යෝජනා කරේ තම පාසල් කල සංගීත කණ්ඩායමේ සාමාජිකයන් මතක් වන ලෙස​ "වූඩි ක්(උ)විට් ඇන්ඩ් ගෝඩී ගොට් මැරිඩ්"("Woody quit and Gordy got married"),ලෙස යොදමු ලෙසය​,නමුත් ඇඩ්ම්ස් තමන්ගේ වචන වලට කැමති විය​.ඇඩ්ම්ස් වරක් සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ ඔහු එසේ යෙදුවේ මුල්කල ඔහු සමග සිටි ඩ්‍රම්ස්වාදන ශිල්පීයෙක් මතක් වීමට කියාය​. "ජෝඩි" කියා සඳහන් කර ඇත්තේ ඇඩ්ම්ස්ගේ ශබ්ද සංගීත නිෂ්පාදකයා වන "ජෝඩී පර්පික්" පටිගතකිරිමේ කාලය අතරතුර විවාහ පත් වීම අරමුණු කරගෙනය​. මුල් අවස්ථාවෙදී මෙය අරම්භ වුයේ ගීතයක මැද අවස්ථාවල බොහො විට යොදන තත් 12ක කොටසකින් වන අතර පසුව එය තත 6ක ලොකු කොටසකින් අරම්භ කරන ලදී. ගීතය විවිධ ආකරයෙන් තුන් හතර වරක් පටිගත කරන ලද අතර නමුත් ඇඩ්ම්ස් සහ වොලන්ස් අවසාන නිර්මණය කුමක්දැයි කියා තොරාගත නොහැකිව පසුවුණි.[2]

2008දී ඇඩ්ම්ස් ද එ(ර්)ලි ශො(ර්) වැඩසටහනට සහභාගී වු විට ඔහුගෙන් මෙම "සමර් ඔෆ් '69" ගීතය ගැන සහ එහි පද වල තේරුම විමසා සිටියේය​. එවිට ඇඩ්ම්ස් කියා සිටියේ මෙය ලිංගික ඇසුර සහ වසන්ත සමයේදී තම සහකාරිය සමග එක්විම ගැන ලියවුනු ගීතයක් බවයි. 69 ලෙස සඳහන් කරේ ලිංගික ඉරියව්වක් පිළිබඳවය​.[3] රෙක්ලස් ගීත ඇලබමයේ 25 වෙනි සංවත්සරය දින ඇඩම්ස් ඉන් ද ස්ටුඩියෝ වැඩසටහනට පැවසුවේ ගීතය නිර්මාණය වුයේ අතීතය මතකයන් වන , "සංස්කෟතික විප්ලවය", ද බීට්ල්ස් සංගීත කණ්ඩායමේ බිඳවැටිම , ඔහු සංගීත ලොකයට පිවිසීම, හඳ මත ගොඩබැසීම සහ යම් පුද්ගලයෙකු තම ඇඟිලි වලින් ලේ එන තුරු ගිටාරය වාදනය කිරිම සහ පළමුවර ලිංගික ඇසුරක යෙදිම මතය.[4] නමුත් වොලන්ස් වඩා සාම්ප්‍රදායික තේරුමක් ඉදිරිපත් කර ඇති අතර ඔහු පවසන අකාරයට මෙය හුදෙක් එම අවුරුද්ද සම්බන්ධයෙන් ආ නමක් බවයි.ඔහු කියන අකාරයට ඔහු ආභාෂයට ගෙන ඇත්තේ 1965 සහ 1969 වසර වලට සම් බන්ධයක් ඇති ජැක්සන් බ්‍රවුන්ගේ රනින්(ග්) ඔන් එම්ප්ටි "ගීතයෙන් බවයි.,එවගේම තමාව පෙළඹුවේ සමර් ඔෆ් '42 චිත්‍රපටිය බව ඇඩ්ම්ස් පැවසු බවද ඔහු පවසන ලදී..[2]

"මෙම ගීතය දැන් වසර 25ක් පැරණි නිසා සිත් තුල වර්ධනය වීමට කාලය ලැබි ඇත. අනෙකුත් බොහෝ ගීත ලෙසම මෙය ඇමෙරිකාව තුල ලොකු ජනප්‍රියත්වයක් හිමි කරගත්තද අනෙකුත් රටවල් වල එලෙස ජනප්‍රිය නොවිණි.නිකුත් කර වසර 10ක් යනතුරු මෙය යුරෝපයේ කිසිම රටක ගීත දර්ශකයකට ඇතුලත් නොවිණි. [...] මං සිතන ආකාරයට සැම ගීතයකටම ප්‍රවර්ධන ක්‍රියාවලින් ස්වාධීනවු අනන්‍ය ජීවිතකාලයක් ඇත​."

1985දී මෙම ගීතය​ ඇමෙරිකා ජනපදයේ රේඩියෝවල ප්‍රචාරය වීම සම්බන්‍ධයෙන් බීඑම්‍අයි (බ්‍රෝඩ්කාස්ටින්(ග්) මියුසික් ඉන්කෝප(ර්)රේෂන්) කුසලතා අගයකිරිමෙන් ද​, ඊළග වසරේ එනම් 1986 දී කැනේඩීයානු රේඩියෝ ප්‍රචාරය සඳහා වන -ප්‍රෝකාන් සම්මානය (Performing Rights Organization of Canada) සහ 2000 දී 100,000 අධික කැනේඩීයානු රේඩියෝ ප්‍රචාර සඳහා වන සෝකෑන් ක්ලැසික් සම්මානද හිමි විය​.[2] 2006 දී ඩේසීමා රිස​(ර්)ච් විසින් පවත්වනු ලැබු මත විමසුමකදී කැනේඩීයානු ජනතාව වාහන පදවන විට ගායනා කරනු ලබන ගීත අතර හොඳම ගීතයට හිමි සම්මානය හිමිවිය​. එම දර්ශකයේ මෙම ගීතය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවය අතර මෙන්ම ඉංග්‍රීසී සහ ප්‍රංශ කථා කරන කැනේඩියානු සියලු ජනතව අතර ඉහළම ජනප්‍රියතාවය හිමි කරගන්නා ලදි..[5] 2010 දී මෙම ගීතය ජර්මනියේ ජනප්‍රියතම ගිම්හාන ගීතය ලෙස සම්මානයට පත් විය​..[6] 2000 දී පැවත්වු තවත් මත විමසුමකදී ඩීෆන්(ක්)ට් කැනේඩියානු සඟරාවේ ගීත දර්ශකයේන් "සමර් ඔෆ් 69" එදා මෙදා තුර හොඳම ගීත අතර සිවුවෙනි ස්ථානයට පත්විය​,[7] ඊට අවුරුදු 4කට පෙර එය එදා මෙදා තුර ජනප්‍රියම දර්ශකයේ 24 වෙනි ස්ථානයට පත්විය​.[8] මෙම ගීතය සී.බී.සී රේඩියෝහී ගීත 50-කැනේඩියානු සංස්කරණය දර්ශකයේ 17 වෙනි ස්ථානයට පත්විය​.[9] 2008දී නෝර්වේ රටේ ගුවන් විදුලි අසන්නන් අතර පැවති සමීක්‍ෂණයකදී එදා මෙදා තුර හොඳම ගීත අතර 87 වෙනි ස්ථානට පත්විය​ තවද මෙය එම සමික්‍ෂණයේ 2 වෙනියට ඉහළටම පැමිණි බ්‍රයන් ඇඩම්ස්ගේ ගීතය වු අතර ප්‍රථම ස්ථානයට පැමිණියේ 1991 දී නිකුත් වු "ඵව්‍රිතින් අයි ඩු අයි ඩු ඉට් ෆෝ යු"ගීතයයි.[10] 2008 දී බෙල්ජීයමේ ගුවන් විදුලි නාළිකාවක් වන රේඩියෝ 2 විසින් මෙම ගීතය හොඳම ගීත අතර 4 වෙනි ස්ථානට තොරාගන්නා ලදී. , [11]

තවමත්‍ ලෝකයේ රටවල් වීශාල ප්‍රමාණයක මෙම "සමර් ඔෆ් '69" ගීතය දැවැන්ත ජනප්‍රියතාවයක් හිමි කරගෙන සිටී. නේපාලය​ යේ මෙම ගීතයට දැවැන්ත පිළිගැනීමක් ඇත. එ නිසාම​​ එහි සංගීත කණ්ඩායම් මෙම ගීතය වාදනය කරන විට උණුසුම් ප්‍රතිචාර හිමි වේ.[12] බ්‍රයන් ඇඩ්ම්ස් විසින් බංග්ලාදේශයේ පැවති 2011 ලෝක ක්‍රිකට් ශුරතාවය සමාරම්භක උළෙල දී මෙය ගායනා කරන ලදි.

ගෞරව ප්‍රදාන​[සංස්කරණය]

"සමර් ඔෆ් '69" ගීතය ලොව බොහෝ සංගීත ප්‍රකාශකයන්ගේ සහ විචාරකයන්ගේ "එදා මෙදා තුර හොඳම" ගීත දර්ශක වල ඇතුලත් වී ඇත​. පහත ඇත්තේ එයින් කිහිපයකි:[13]

ප්‍රකාශන රට​ ගෞරවයන් වසර​ ස්ථානය​
බ්ලෙන්ඩර් එක්සත් ජනපදය "1980-2000 අතර හොඳම ගීත 500 ​" 2005 70
චාර්ට් ඇටෑක් කැනඩාව "කැනේඩීයානු එදා මෙදා තුර හොඳම ගීත 100" 1996 24
චාර්ට් ඇටැක් කැනඩාව "එදා මෙදා තුර හොඳම කැනේඩීයානු ගීත 50" 2000 4
චක් එඩී එක්සත් ජනපදය​ "80 දශකයේ හොඳම ගීත 100" 1990 50
ඩේව් මාර්ශ් එක්සත් ජනපදය "එදා මෙදා තුර විශිෂ්ටම ගීත 1001" 1989 635

ගීත දර්ශක[සංස්කරණය]

Adams during his 2009 concert in Peterborough, Canada

1985දී "සමර් ඔෆ් '69" තනි ගීතයක් ලෙස අන්තර්ජාතිකව නිකුත් කරනු ලැබු අතර බිල් බෝ(ර්)ඩ් හොට්100 ගීත දර්ශකයේ 5 වෙනි ස්ථානයට පත් වීමට සමත් විය​.[14] මීට පෙර නිකුත් කර​ රෙක්ලස්, "හෙවන්"ගීත ලෙසම "සමර් ඔෆ් '69" ගීතයත් අන්තර්ජාතිකව ඉමහත් ජනප්‍රියත්වක් හිමි කරගන්නා ලදී. "සමර් ඔෆ් '69" ප්‍රථමව​ එක්සත් රාජධානියේ ගීත දර්ශකයේ 59 වෙනි ස්ථානයට පත්වුනු අතර ඉන් පසුව දර්ශකයේ ඉහළට යැමට සමත් විය​. සති 2කට පසුව එනම් 1985 අගෝස්තු 24 වෙනිදා මෙය පැමිණි ඉහළම ස්ථානය වු 42 වෙනි ස්ථානට පත්විය​. මෙය 1985අගෝස්තු සිට සැප්තැම්බර් දක්වා සති 4ක් මෙම දර්ශකයේ හොඳම ගීත 100 අතර අඛණ්ඩව රැදී සිටින ලදී.[15] නවසීලන්ත ගීත දර්ශකයේ ප්‍රථමව 22 වෙනි ස්ථානයට පත්වුනු මෙම ගීතය 5 වෙනි සතියේදී එහි පැමිණි ඉහළම ස්ථානය වු 7 වෙනි ස්ථානයට පත් විය​. 1985 ජුනි 29 වෙනිදා ප්‍රථමව 95 වෙනි ස්ථානයෙන් කැනේඩීයානු "ආර්පිඑම්" ගීත දර්ශකයට ඇතුලත් වු ​[16] මෙය 2 වෙනි සතියේදී 50 වෙනි ස්ථානයට පත් විය​.[17] මෙය පැමිණි ඉහළම ස්ථානය වු 11 වෙනි ස්ථානයට 1985 සැප්තැම් බ්‍ර් 14 වෙනිදා පත්වුනු අතර දර්ශකයේ සති 7ක් රැදී සිටිමෙන් පසු ඉවත් විය​. [18]

නෝර්විජීයානු ගීත දර්ශක​යට එය පැමිණි ඉහළම ස්ථානය වු 9 වෙනි ස්ථානයෙන් අගෝස්තු 9 වෙනිදා ඇතුලත් වුනු මෙය සති 4ක් දර්ශකයේ රැදී සිට ඉවත් විය​. "සමර් ඔෆ් '69" ගීතය ස්විඩින් ගීත දර්ශක​යේ අඛණ්ඩව සති 5ක් රැදී සිටින ලදී. දෙසැම්බර් 13 වෙනි දින 20 වෙනි ස්ථානයෙන් දර්ශකයට ඇතුලත් වුනු මෙය සති 2කට පසුව එය පැමිණි ඉහළම ස්ථානය වු 13 වෙනි ස්ථානයට පැමිණෙන ලදී. මෙය තවත් සති 3ක් දර්ශකයේ රැදි සිට ඉවත් විය​. ඔස්ට්‍රීයන් ගීත දර්ශක​ යේ සති 5ක් රැදි සිටි මෙම ගීතය පැමිණි ඉහළම ස්ථානය 17 වෙනි ස්ථානයයි. මෙම ගීතය වඩාත්ම සාර්ථකත්වයට පත්වු ප්‍රදේශය වුයේ නෙදර්ලන්තයයි. එය 1990 සැප්තැම්බර් 22 වෙනි දින එය පැමිණි ඉහළම ස්ථානය වු 4 වෙනි ස්ථානයට පත් විය​. මෙම ගීතය අඩුවෙන්ම සාර්ථකවු ප්‍රදේශය වුයේ ජර්මනියයි. එහිදී පැමිණි ඉහළම ස්ථානය වුයේ 62 වෙනි ස්ථානය වන අතර සති 5ක් දර්ශකයේ රැදි සිට ඉවත් විය​.

සංගීත වීඩියෝව​[සංස්කරණය]

1985දී මෙහි සංගීත වීඩියෝව අධ‍යක්‍ෂණය කරනු ලැබුවේ අයර්ලන්ත ජාතික ස්ටිව් බාරෝන් විසිනි.[19] 1985දී එම්ටීවී සංගීත විඩියෝ සම්මාන උළෙල​දී ගායකයන්ගේ හොඳම සංගීත විඩියෝව ලෙස යෝජනා විය​. මෙය එම සම්මානය දිනා නොගත්තද මෙය ඇඩම්ස්ගේ 4 වෙනි ඇල්බමය වන "රෙක්ලස්" වලින් යෝජනා වු 4 වෙනි ගීතය විය.[20] මෙම සංගීත විඩීයෝවේ ලිසෙට් ඇන්තනී සහ​ මිෂෙල් බ්‍රැන්ඩ්න් රඟපැම් ඇතුලත් විය.

ගීත ලේඛනය​[සංස්කරණය]

අංකය. ගීතය කාලය
1. "Summer of '69"   3:36
2. "Kids Wanna Rock"   2:35
3. "The Best Was Yet to Come"   2:52

පුද්ගල සහභාගීත්වය[සංස්කරණය]

  • බ්‍රයන් ඇඩම්ස් - රිදම් ගිටාරය, කටහඩ
  • කෙයිත් ස්කොට් - ලීඩ් ගිටාරය, පසුබිම් කටහඩ
  • ඩේව් ටේලර්- බේස් ගිටාරය
  • පැට් ස්ටුවඩ් - බෙර වාදනය
  • ටොමි මැන්ඩෙල් - ඕගනය
  • බෲස් පවුලෙන්- පසුබිම් කටහඩ

ගීත දර්ශක[සංස්කරණය]

ගීත දර්ශක ස්ථාන​[සංස්කරණය]

සැකිල්ල:Singlechartසැකිල්ල:Singlechartසැකිල්ල:Singlechartසැකිල්ල:Singlechartසැකිල්ල:Singlechartසැකිල්ල:Singlechart
ගීත දර්ශක​ (1985) ඉහළම ස්ථානය​
position
ඔස්ට්‍රේලියාව​ (කෙන්ට් මියුසික් රෙකෝඩ්ස්)[21] 14
බෙල්ජියම​ (විආර්ටි ෆ්ලැන්ඩරස්)[22] 7
කැනඩාව​ (ආර්පිඑම්)[18] 11
අයර්ලන්තය (අයිආර්එම්ඒ​)[23] 18
එක්සත් රාජධානිය​ (The Official Charts Company)[15] 42
US Billboard Hot 100[14] 5
US Mainstream Rock Tracks[14] 40
Chart (1990) Peak
position
Chart (2006) Peak
position
United Kingdom (The Official Charts Company)[24] 54
Chart (2007) Peak
position
United Kingdom (The Official Charts Company)[24] 140
Chart (2008) Peak
position
United Kingdom (The Official Charts Company)[24] 88

වසර අවසාන ස්ථාන​[සංස්කරණය]

Chart (1985) Peak
position
Canadian RPM Singles Chart[25] 99
US Billboard Hot 100[26] 74

යොමුව​[සංස්කරණය]

  1. Album notes for Anthology by Dave Marsh (CD booklet). A&M Records (A&M 5613). August 11, 2010.
  2. 2.0 2.1 2.2 2.3 ""Summer of '69". Jimvallance.com. සම්ප්‍රවේශය August 11, 2010.
  3. "Bryan Adams says 'Summer of 69′ is about 'making love in the Summertime'". CBS News. February 11, 2009. සම්ප්‍රවේශය September 11, 2011.
  4. Adams "Reckless — 25th Anniversary". In the Studio. සම්ප්‍රවේශය August 15, 2010. {{cite web}}: Check |url= value (help)
  5. "Summer of '69 tops list of favourite driving songs". Canadian Broadcasting Corporation (CBC.ca). August 8, 2006. January 8, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 11, 2010.
  6. "Hits, die in Sommerstimmung (...)" (German බසින්). Südwestrundfunk (Southwest Broadcasting). සම්ප්‍රවේශය August 12, 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  7. "Top 50 Canadian Songs Of All-Time". Chart. June 30, 2000. April 28, 2001 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 12, 2010.
  8. "Top 100 Canadian Singles Of All-Time". Chart. 1996. December 5, 1998 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 12, 2010.
  9. ""50 Tracks" list of essential Canadian music". සී.බී.සී රේඩියෝ. 2005. April 12, 2005 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය August 16, 2010.
  10. "Topp 1000 liste på Radio Norge". Verdens Gang (Norwegian බසින්). 2008. සම්ප්‍රවේශය August 15, 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  11. "Ann Christy stoot Queen van eerste plaats op Radio 2". Gazet van Antwerpen (Norwegian බසින්). December 31, 2008. සම්ප්‍රවේශය August 15, 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  12. Jolly, Joanna (3 September 2011). "Close-up: Nepal's love for Bryan Adams hit Summer of '69". BBC. සම්ප්‍රවේශය 22 April 2012.
  13. "Summer of '69". Acclaimed Music. සම්ප්‍රවේශය August 28, 2010.
  14. 14.0 14.1 14.2 [[[:සැකිල්ල:Allmusic]] "Artist Chart History (singles) - Bryan Adams"]. Allmusic. සම්ප්‍රවේශය August 11, 2010. {{cite web}}: Check |url= value (help)
  15. 15.0 15.1 "Summer of '69". Chart Stats. සම්ප්‍රවේශය August 11, 2010.
  16. "Top Singles - Volume 42, No. 16, June 29, 1985". RPM. සම්ප්‍රවේශය August 11, 2010.
  17. "Top Singles - Volume 42, No. 18, July 13, 1985". RPM. සම්ප්‍රවේශය August 11, 2010.
  18. 18.0 18.1 "Top Singles - Volume 43, No. 1, September 14, 1985". RPM. සම්ප්‍රවේශය August 11, 2010.
  19. "The Life Of Bryan" (Danish බසින්). Skolarbete.nu. සම්ප්‍රවේශය August 11, 2010.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  20. "Rock On The Net: Bryan Adams". rockonthenet.com. සම්ප්‍රවේශය August 11, 2010.
  21. Kent, David (1993). Australian Chart Book 1970–1992 (doc). Australian Chart Book, St Ives, N.S.W. ISBN 0-646-11917-6. {{cite book}}: |access-date= requires |url= (help); |format= requires |url= (help)
  22. Belgian peak, http://top30-2.radio2.be/#/search/Bryan_Adams, ප්‍රතිෂ්ඨාපනය 2013-03-24 
  23. "Irish Singles Chart". Irish Singles Charts (IRMA). සම්ප්‍රවේශය August 11, 2010.
  24. 24.0 24.1 24.2 "Chart Log UK: A – Azzido Da Bass". zobbel.de. සම්ප්‍රවේශය August 11, 2010.
  25. "Top Singles - Volume 43, No. 16, December 28, 1985". RPM. සම්ප්‍රවේශය 2011-05-01. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  26. "Longbored Surfer - Charts: Billboard Hot 100 - 1985". longboredsurfer.com. සම්ප්‍රවේශය September 3, 2010.

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමර්_ඔෆ්_%2769&oldid=618162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි