සමබල ආහාර සහ විටමින් A

විකිපීඩියා වෙතින්

පෝෂණය[සංස්කරණය]

📷 රෙටිනෝල්(retinol), කැරොටිනෝයිඩ් ඇසිඩ්(carotenoid acid) යන විවිධ නම් වලින් හදුන්වන විටමින් ඒ යනු මේදයේ ද්‍රාවය විටමිනයක් ලෙස හැදින්විය හැකිය. එලෙසම විටමින් ඒ (Vitamin A) යනු අපේ ශරීරයේ පැවැත්මට ඉතා වැදගත් සාධකයක් ලෙස හැදින්විය හැකිය. මන්ද, ඉතා සුලු ප්‍රමාන වලින් අවශය වුවද ශරීරයේ ක්‍රියාකාරීත්වයේදී විටමින් ඒ (Vitamin A) ඉතා වැදගත් කාර්යය භාරයක් ඉ‍ටු කරන බැවිනි. ඒ අනුව සමබල ආහාර වේලක ඉතා වැදගත් සංඝටකයක් ලෙස විටමින් ඒ හදුන්වා දිය හැකිය.

ශරීරයේ පැවත්මට විටමින් ඒ වල වැදගත්කම කුමක්ද..?[සංස්කරණය]

ඇසෙහි මනා ක්‍රියාකාරීත්වය සහ විටමින් ඒ විටමින් ඒ වල ප්‍රධාන වැදගත්කම ලෙස දැක්විය හැක්කේ පෙනීමට සම්බන්ධව එහි ඇති කාර්යය භරයයි. අපේ ඇසෙහි ක්‍රියාකාරීත්වය රදා පවතිනුයේ ආලෝකය වැටිමත් සමගම සිදුවන ඉතා සංකීර්ණ රසායනික ක්‍රියා දාමයක ප්‍රතිඵලයක් ලෙසය. ඒ අනුව මෙම ක්‍රියවලියේ අවසාන වශයෙන් දෘෂ්ඨික ස්නායුව උත්තේජනය වීම සිදුවේ. එමගින් අපට පැනීම ලැබේ. නමුත් මෙම ක්‍රියා වලිය අඩු ආලෝකයේදී සිදුවන්නේ ඉතා අක්‍රමවත් ලෙසය. මෙය ක්‍රමවත්ව පවත්වාගෙනයාම සදහා විටමින් ඒ අතයාවශය වේ.

සමෙහි පැවැත්ම සහ විටමින් ඒ සමෙහි බාහිර සෛල ස්තරය අපිචර්මය ලෙස හදුන්වනු ලැබේ. ඒ අනුව මෙම අපිචර්මයේ මනා ක්‍රියාකාරීත්වය රදාපවතින්නේ විටමින් ඒ වල සැපයුම මතය. ඒ අනුව සමහර සමේ රෝග සහ රූපලාවන්ය කටයුතු වලදී විටමින් ඒ භාවිත කිරීම සිදුවේ. ප්‍රතිශක්තීකරන පද්ධතියේ මනා ක්‍රියකාරීත්වය සහ විටමින් ඒ ප්‍රතිශක්තීකරන පද්ධතිය යනු විවිධ අවයව සහ සෛල වර්ග රාශියක එකතුවකි. එය බාහිර රෝගකාරක වලින් අපව ආරක්ශා කිරීමට ඉතා විශිෂ්ට කටයුත්තක් සිදුකරයි. සම හා විවිධ ආවරණ පටක රාශියක ක්‍රියකාරිත්වය රදාපවතිනුයේ විටමින් ඒ මතය. ඒ අනුව මනා ප්‍රතිශක්තීකරනයක් සදහා විටමින් ඒ ඉතා වැදගත් වේ.

ජාන වල නියමිත ක්‍රියකරීත්වය සහ විටමින් ඒ ජාන යනු අපේ ශරීරයේ ඉතා වැදගත් කොටසකි. සෛල නයෂ්ටියේ ඇති වැදගත්ව කොටස ලෙස මේවා දැක්විය හැකිය. මේවා අපේ ශරීරයේ ක්‍රියකාරීත්වය පාලනයේදී හා ඉදිරි පරම්පරාවට දත්ත ‍රැගෙන යාමේදී ඉතා වැදගත් වේ.

මෙලෙසම බොහෝ අවයව හා පද්ධතිවල ක්‍රියාකාරීත්වය සදහා විටමින් ඒ ක්‍රියාකාරීත්වය වැදගත් වේ.

විටමින් ඒ ඌනතාවය හදුනාගන්නේ කෙසේද..?[සංස්කරණය]

මෙහි වැදගත්ම හා මූලිකම රෝග ලක්ෂනය ලෙස සැදැ කාලයේ නොපෙනීම (අඩු ආලොකයේ/night blindness) දැක්විය හැකිය.

විටමින් ඒ ශරීරයට ලබා ගන්නේ කෙසේද..?[සංස්කරණය]

මූලිකවම ආහාර මේ සදහා වැදගත් වේ. කැරට් වැනි කහ පැහැති ආහාර වල වැඩි වශයෙන් විටමින් ඒ අඩන්ගු බව සදහන් වෙනවා. ඊට අමතරව අබ, බතල වැනි ශාක ආහාර මෙන්ම පීකුදු වැනි සත්ව ආහාර වලද මේව දක්නට ඇත. එයට අමතරව අපට පෙති වශයෙනුත් මේවා ලබාගත හැකි වෙනවා. නමුත් විටමින් ඒ විෂ විය හැකි තත්ත්ව ඇතිවිය හැකි නිසා වෛදය උපදෙස් වලින් තොරව ඒවා ලබ නොගත යුතු වෙනවා. 📷

දිනකට කොපමන විටමින් ඒ අවශයද..?[සංස්කරණය]

වයස අනුව පුද්ගලයෙකුගේ විටමින් ඒ අවශයතාව වෙනස් වෙනවා.

සංස්කරණය - මදුසංක බිබිලෙ

"https://si.wikipedia.org/w/index.php?title=සමබල_ආහාර_සහ_විටමින්_A&oldid=469858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි