සමන්තරතාවය

විකිපීඩියා වෙතින්

බෞද්ධ සංකල්පයන් භෞතික විද්‍යාවයේ ඉගැන්වීම හා සම්බන්ධ කිරීමට උත්සාහ ගෙන ඇත. භෞතික විද්‍යාවේ නිර්මාතෘ වරුන් වන අයින්ස්ටයින්‚ හයිසන්බර්ග්‚ සහ ෂුයිඩින්ගර් සඳහන් කොට ඇත්තේ භෞතික විද්‍යාවේ සංකල්පයන් බෞද්ධාගම හා ඈඳා ගැනීමට පුළුවන් නමුත් ඔවුන්ගේ සංකල්පයන්ට බුද්ධාගම බලපෑමක් නොකර ගත් බවය. එනමුත් විද්වතුන් සඳහන් කොට ඇත්තේ බෞද්ධ ආගමත් භෞතික විද්‍යාවත් අතර තිබෙන සම්බන්ධතාවය විද්‍යාත්මක යැයි වැරදි ලෙස ගත් මතවාදයකි. අයින්ස්ටයින් සඳහන්කොට ඇත්තේ බුද්ධාගම යනු ආගම් ප්‍රතිභාවන්තයෙක් විසින් ඉදිරිපත් කර ඇති ඉතාමත් ශක්තිජනක මූලද්‍රව්‍යක් ලෙසය. 1933 දී භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ අර්වින් ස්කෝඩින්ග ගේ ප්‍රාර්ථනාව වූයේ බටහිර විද්‍යාව ආධ්‍යාත්මික රක්තතාවයෙන් ගලවා ගැනීමට බටහිරත් නැගෙණහිරත් ඇති අදහස් එකිනෙක හා කිරීමය අවශ්‍ය බවයි. ස්කෝඩින්ග ගේ “ඉන් ඕල් ද වර්ල්ඩ්” කෘතියෙහි “මයි විව් ඔෆ් ද වර්ල්ඩ්” 5 වැනි පියවරේදී සඳහන් කොට ඇත්තේ ආගමත් විද්‍යාවත් සම්බන්ධ කර හැකි රාමුවක් නැති බවය. දැනට අප හදාගෙන ඇති රාමුව වැරදි බවත් එය නිවැරදි කර හැක්කේ ආදි කාලයේ බිහිවුනු උපනිෂද් වල ඥානයෙන් යන්නය. ඩේවිඩ් බෝම් දලයි ලාමාව කිහිප වතාවක් හමුවූ කෙනෙකි. නැගෙනහිර ලෝකෝත්තරවාදයේ පුරුදු සම්බන්ධයෙන් පැහැදීමට පත් වූ අයෙකි. ඔහු මෙලෙස සඳහන් කොට ඇත: “භාවනාව අපගේ සියලුම කරදර වලට විසඳුම් සොයාගැනීම පහසු කරයි. භාවනාව අපගේ සිත වෙනත් අතකට යොමු කර අපගේ විඥ්ඥානය වෙනස් කරනු ලබයි” 1974 දී ශොග්යාම් ට්රුම්පා නැමැති බෞද්ධ ඇදුරුතුමා අනුමාන කරන ලද්දේ බුදධාගම බටහිර දේශයන් තුළ ප්‍රචලිත වන්නේ මනෝ විද්‍යාවත් සමග යන්නය. ඒවාගේම බුද්ධාගමේ සඳහන් ඇතැම් සංකල්ප මනෝ විද්‍යාවේ යොදා ගෙන ඇත. බුද්ධාගම සහ විද්‍යාව අතර සමානාත්මතාවයක් සටහන් වන්නේ යෝගාකාරක ධර්මයන් හරහාය. විශේෂයෙන්ම ජීව විද්‍යාවයේදී මෙය හඳුනා ගත හැකි වන්නේය. මේ සම්බන්ධයෙන් වැඩිපුර කරුණු විලියම් වෝල්රන් නම්වූ පුද්ගලයාගේ කෘතීන් මගින් දැක ගත හැකිය. 1970 දී ‚ නොයෙකුත් පරීක්ෂණ හා අධ්‍යනයන් වලදී සොයා ගනු ලැබුවේ බුද්ධාගමෙහි හඳුන්වා දෙන භාවනාවන් මනෝමය අවස්ථාවන්හීදී ප්‍රයෝජනයට ගත හැකි බවය.මොලය පරීක්ෂාවට ලක් කරණ නොයෙකුත් නූතන යන්ත්‍රයන් මගිනුත් මෙය තහවුරු වී ඇත. මෙම අධනයන් දලයිලාමා සහ ටෙන්සින් ගියට්සෝ හෝ රුකුල් දෙන්නෝය. කෙසේ හෝ විද්‍යාඥයින් සුලු කොටසක් බුද්ධාගම ස්නායු සම්බන්ධ විද්‍යාවන්හි යොදා ගැනීමට ගුප්ත වාදයක් ආරම්භ කෙරෙයි යන්න පිළිබඳව සඳහන් කොට ඇත.

ආශ්‍රිත[සංස්කරණය]

Buddhism_and_science Parallels

"https://si.wikipedia.org/w/index.php?title=සමන්තරතාවය&oldid=624671" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි