Jump to content

සමනල සංධ්වනිය

විකිපීඩියා වෙතින්
සමනල සංධ්වනිය
Butterfly Symphony
ගොනුව:SamanalaSandwaniya.png
අධ්‍යක්ෂණයජයන්ත චන්ද්‍රසිරි
නිෂ්පාදනයපාලිත ගුණවර්ධන
රුවන් ජයසිංහ
කථාව ලිවීමජයන්ත චන්ද්‍රසිරි
රගපෑමඋද්දික ප්‍රේමරත්න
යශෝධා විමලධර්ම
පුබුදු චතුරංග
විල්සන් ගුණරත්න
සංගීතයදර්ශන රුවන්
සංස්කරණයරවින්ද්‍ර ගුරුගේ
නිකුත් කල දිනය
2013 ඔක්තෝබර් 4
රට ශ්‍රී ලංකාව
භාෂාවසිංහල

සමනල සංධ්වනිය චිත්‍රපටය 2013 වර්ෂයේ තිරගතවූ ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටයකි. උද්දික ප්‍රේමරත්න හා යශෝධා විමලධර්ම ප්‍රධාන රංගනයෙන් දායක වූ මෙය සංගීතමය දෘෂ්‍ය කාව්‍යක් ලෙසත් ප්‍රේම වෘත්තාන්තයක් ලෙසත් වර්ගීකරණය කර ඇත. මෙම චිත්‍රපටය 2013 ඔක්තෝබර් මස 4 දින ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා වල ප්‍රදර්ශනය ආරම්භ කරනලදී.

වාදීෂ දේවමින්ද වික්‍රමනායක (උද්දික ප්‍රේමරත්න) නිර්මාණශීලී හා සංවේදී සංගීතවේදියෙකි. ඔහුගේ පාසල් දිවියේ පටන්ම සංගීත නිර්මාණ ඔහු අතින් නිමවේ. තැපැල්කරුවෙකු අතින් ගිලිහුණු ලිපියක් (පුණ්‍යා විසින් රේවත දිසානායක අය හට තම පෙම ප්‍රකාශ කොට යැවූ ලිපිය) වාදීෂ අතට පත්වීම හා එම ලිපිය නැවත පුණ්‍යා අතට පත් කිරීමට ඔහු සිදුකරන උත්සාහය චිත්‍රපටයෙහි දිගහැරෙයි. අවස්තා දෙකකදී නැවත එම ලිපිය පුණ්‍යා අතට ලබා දීමට ඔහු සිදුකරන උත්සාහය සහ පසුව වාදීශගේ සොහොයුරා අතට ලිපිය පත් වීමත් සමග නැවත ලිපිය දීමටත් පුන්‍යා මුණගැසීමෙන් වළකින ලෙස සොයුරාගෙන් ලබන දැඩි අවවාදයත් කථාව තුල මූලික ලෙස මතුකර දක්වා තිබේ. මෙම සිදුවීමෙන් අනතුරුව වාදිශගේ ළමා කළ ගෙවී ගොස් රටේ ප්‍රසිද්ධ කලාකරුවෙක් ලෙස වසර 21කට පසු ඔහුගේ ජීවිතයේ දෙවන අදියර ගොඩනැගෙන ආකාරය චිත්‍රපටයෙහි පිළිබිඹු කරයි.

රංගනය

[සංස්කරණය]

චිත්‍රපටයේ ගීත

[සංස්කරණය]
# ගීතය ගායනය පදරචනය
1 මගේ සිහින මැදුරේ ෂම්මිකා අමානි ජයන්ත චන්ද්‍රසිරි
2 ඉකිගසා හඬන අමරසිරි පීරිස් අමිල තේනුවර
3 ගගන සරන්නට කියා ඉන්දික රුවන් ජයන්ත චන්ද්‍රසිරි
"https://si.wikipedia.org/w/index.php?title=සමනල_සංධ්වනිය&oldid=774154" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි