සබරගමුව පළාතේ සංස්කෘතිකමය වටිනාකම

විකිපීඩියා වෙතින්

සබරගමුව පළාතටම ආවේනික වූ වෙස් මුහුණු සහ ඒ ආශ්රිපත ඇදුම් පැළදුම් මෙහි සංස්කෘතිකමය වටිනාකම මොනවට කියා පාන අතර ‍ෙම්වා වසර සිය ගණනාවක් මුළුල්ලේම නොවෙනස්ව පැවත එයි.


‍ෙමහිම ආවේනික වි‍ෙශ්ෂ නර්තන වර්ගයක් වන ශාන්තිකර්ම, රෝග සඳහා සුවය ලබා දෙන පාරම්පරික ක්‍රමයක් ලෙසද, ආශිර්වාද කිරීමේ ක්‍රමයක් ලෙසද යොදා ගැනේ.


සංස්කෘතිකමය වැදගත්කමක් ඇති රසවත් සිද්ධීන්ද සබරගමුව පළා‍ෙත් අතීතයෙන් සොයා ගත හැකිය. මාවනැල්ලට නුදුරු උතුවන්කන්ද ද මෙවැනි පුරාවෘත්තයකට මූලික වූ ස්ථානයකි. 'ශ්‍රී‍ ලංකාවේ රොබින්හුඩ්' ලෙස අන්වර්ථ නාමයක් ලද උතුවන්කන්දේ සූර සරදියෙල් සිය සගයන් සමග වාසය කර ඇත්තේ මෙහිය. ඔහු ධනවතුන්ගේ වස්තුව කොල්ල කා දුප්පතුන් අතර බෙදා හැරි පුද්ගලයෙක් ලෙස ප්‍රසිද්ධය.


පසුකාලීනව ඉංග්‍රීසින් විසින් අත් පත් කර ගන්නා ලද රුවන්වැල්ලේ ලන්දේසි බලකොටුවද ශ්‍රර්‍ ලංකාවේ සංස්කෘතිකමය වටිනාකම මොනවට ඉස්මතු කර පෙන්වන සාධකයකි. වර්තමානයේදී මෙය එම ප්‍රදේශ‍ෙය් පොලිස් මූලස්ථානය ලෙස භාවිතා කරයි. ලන්දේසි බලකොටුව ආශ්‍රිතව ඉතිරි වී ඇති ලන්දේසි සහ ඉංග්‍රීසි නටඹුන් අදද දැක ගත හැකිය.