සඳෙහි ගුරුත්වාකර්ෂණය

විකිපීඩියා වෙතින්
සඳෙහි පෘෂ්ඨයේ පවතින අරීය ගුරුත්වාකර්ෂණ විෂමතාවය

සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය ඒ වටා කක්ෂ ගතවී ඇති අභ්‍යවකාශ යානා මගින් නිකුත් කරන රේඩියෝ සංඥා ඇසුරෙන් නිර්ණය කොට ඇත. මෙහිදී භාවිතා කරන මූලධර්මය ඩොප්ලර් ආචරණය මත පදනම්ව ඇත. මේ ඇසුරෙන් අභ්‍යවකාශ යානය සඳහා එක එල්ලේ පවතින ත්වරණය රේඩියෝ සංඥාවෙහි සංඛ්‍යාතයෙහි සිදුවන කුඩා විස්ථාපනයන් සහ පෘථිවිය මත පවතින මධ්‍යස්ථානය සහ අභ්‍යවකාශ යානය අතර පවතින දුර ප්‍රමාණය මත තීරණය කළ හැකිය. සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය අභ්‍යවකාශ යානාවේ කක්ෂයට බලපෑම් කරන බැවින් මෙම දත්තයන් සඳෙහි ගුරුත්වාකර්ෂණ විෂමතා සඳහා යටියනය කිරීමට භාවිත කළ හැකිය. කෙසේ නමුත් සඳෙහි සම මුහුර්තික භ්‍රමණය හේතුවෙන් සඳ වටා අභ්‍යවකාශ යානයක ගමන් මග සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීම කළ නොහැකියි. එහෙයින් සඳෙහි ඈතින් පිහිටි ප්‍රදේශයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය එතරම් හොඳින් අධ්‍යයනය කොට නැත.

සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රබල ලක්ෂණයක් වන්නේ Masconවල පැවැත්මයි. මේවා සඳ මත පිහිටන දැවැන්ත ආවාට හා බැඳුණු විශාල ධන ගුරුත්වාකර්ෂණ විෂමතා වේ. මෙම විෂමතාවයන් සඳ වටා කක්ෂ ගතවන අභ්‍යවකාශ යානාවක කක්ෂයට දැඩි ලෙස බලපෑම් කරන හෙයින් මිනිසුන් සහිත සහ මිනිසුන් රහිත මෙහෙයුම් සැලසුම් කිරීමේදී සඳ සම්බන්ධව නිවැරදි ගුරුත්වාකර්ෂණ ආකෘතියක් අත්‍යාවශ්‍ය වේ. ඇපලෝ වැඩසටහනට ප්‍රථමයෙන් සිදුකළ යාත්‍රා කිරීම සම්බන්ධ පර්යේෂණ තුළ දී මෙහෙයුමට අදාළ වන ප්‍රමාණය ඉක්ම වූ පිහිටුම් දෝෂයන්ට මහුණ දීමට සිදු වූ හෙයින් මුල් වරට මෙම විෂමතාවල පැවැත්ම Lunar Orbiter යානයෙහි ගමන් මග විශ්ලේෂණයෙන් හෙළිකර ගන්නා ලදී.

චන්ද්‍ර මතුපිට ගුරුත්ව ත්වරණය m/s2. Map from Lunar Gravity Model 2011.

සඳෙහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රය හා බැඳුණු Masconවල පැවැත්මට එක් හේතුවක් ලෙස එහි ආවාටයන් පිරෙන පරිදි ගලා ගොස් ඇති mare බැසෝල්ටික ලාවා ගැලුම් සැලකිය හැකිය. කෙසේ නමුත් ගුරුත්වාකර්ෂණ විචලනයන් සම්පූර්ණයෙන් පැහැදිලි කිරීම සඳහා ලාවා ගැලුම් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා කබොල සහ ප්‍රාවරය අතර අතුරු මුහුණතෙහි ඉහළ නැගීමද සළකා බැලිය යුතුය. Lunar Prospector ගුරුත්වාකර්ෂණ ආකෘති මත පදනම්ව mare බැසෝල්ටික ගිනි කඳු ක්‍රියාකාරකම් සඳහා සාක්ෂි නොදරන තවත් Mascon පවතින බවට අදහස් ප්‍රකාශ වී ඇත. Oceanus Procellarum ප්‍රදේශයේ පිහිටන දැවැන්ත mare බැසෝල්ටික ගිනිකඳු ක්‍රියාකාරකම් සහිත ප්‍රදේශය ධන ගුරුත්වාකර්ෂණ විෂමතාවයක් නොපෙන්වයි. [1] [2] [3]


ආශ්‍රිත[සංස්කරණය]

  1. C. Hirt and W. E. Featherstone (2012). "A 1.5 km-resolution gravity field model of the Moon". Earth and Planetary Science Letters. 329–330: 22–30. Bibcode:2012E&PSL.329...22H. doi:10.1016/j.epsl.2012.02.012. සම්ප්‍රවේශය 2012-08-21.
  2. P. Muller and W. Sjogren (1968). "Mascons: Lunar mass concentrations". Science. 161 (3842): 680–684. Bibcode:1968Sci...161..680M. doi:10.1126/science.161.3842.680. PMID 17801458.
  3. A. Konopliv, S. Asmar, E. Carranza, W. Sjogren and D. Yuan (2001). "Recent gravity models as a result of the Lunar Prospector mission". Icarus. 50: 1–18. Bibcode:2001Icar..150....1K. doi:10.1006/icar.2000.6573.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
"https://si.wikipedia.org/w/index.php?title=සඳෙහි_ගුරුත්වාකර්ෂණය&oldid=615508" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි