සනාල පටක පද්ධතිය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Cross section of celery stalk, showing vascular bundles, which include both phloem and xylem.
Detail of the vasculature of a bramble leaf.
සනාල පටක පද්‍ධතිය

“ලෝකයේ ශාක 93% ක්ම සනාල ශාක වන අතර කඳ, පත්‍ර, මුල යන කොටස් තුළ ජලය, ඛනිජ අයන සහ කාබනික පෝෂක පරිවහනය සඳහා හැඩගැසී ඇති පටක පද්ධතිය සනාල පටක පද්ධතිය නම් වේ.”[1]
මෙම පද්ධතිය තුළ පවතින ප්‍රධාන පටක ආකාර 2කි.

  1. 1 ශෛලම පටක
  2. 2 ෆ්ලෝයම පටක

ශෛලම පටකය
[සංස්කරණය]

Xylem (blue) transports water and minerals from the roots upwards.

ශෛලම පටකය සෑදී ඇත්තේ ව්‍යූහමය වශයෙන් වෙනස් සෛල වර්‍ග 4කිනි.

#1 ශෛලම වාහිනී ඒකක සෛල
#2 ශෛලමීය වාහකාභ සෛල 
#3 ශෛලමීය තන්තු සෛල 
#4 ශෛලමීය මෘදුස්තර සෛල

මේ අතරින් ශෛලම වාහිනි දැකගත හැකි වන්නේ Anthophyta සහ Gnetophyta යන ශාකවල ශෛලමයේ පමණි. අනෙකුත් සනාල ශාකවල දැකිය හැක්කේ වාහකාභ, තන්තු, මෘදුස්තර පමණි. [2]

ශෛලම වාහිනී ඒකක[සංස්කරණය]

සැකිල්ල:Plain image with caption ශාකයක කඳේ හෝ මුලේ කාෂ්ඨය යේ ද පත්‍රවල නාරටි තුළ ද ශෛලම වාහිනී පවතී. කඳේ සහ මුලේ ෆ්ලෝයමයට ඇතුළතින් ශෛලමය පවතී.
ශෛලම පටකයේ වූ එක් ශෛලම වාහිනී සෛලයක් ශෛලමීය වාහිනී ඒකකයක් ලෙස හැඳින්වේ. මේවා දිගටි සිලිංඩරාකාර සෛලවන අතර වාහකාභවලට වඩා කෙටි සහ පළල් ය, ද්විතීක සෛල බිත්තිය ඝනකම් වැඩි ය, අජීවී වේ. ලිග්නීභවනය නිසා ද්විතීයික සෛල බිත්තිය ශක්තිමත් වන අතර අජීවී සෛල වන අතර සෛල මැද කුහරයක් පවතී. ශෛලම වාහිනී දෙකෙළවර පවතින උඩු සහ යටි අන්ත බිත්තිවල “සජිද්‍ර තල” පිහිටයි. නැතහොත් එම අන්ත බිත්ති සම්පූර්‍ණයෙන්ම බිඳ වැටී ජල ගමනාගමනයට පහසු මාර්‍ග සාදයි. මෙහි ඇති ඝනකම බිත්ති මඟින් ජල පරිවහනයේදී ඇතිවන ආතති දරා ගනී. සජිද්‍ර තල මඟින් සෛල අන්ත බිත්ති(වාහිනී වල) එකිනෙකට සම්බන්‍ධ කරමින් ඇතිවන අඛණ්ඩ නාලය ශෛලමවාහිනී නම් වේ. ශෛලම වාහිනියේ පාර්‍ශවික බිත්තිවල ‘කූව’ මඟින් අරීය ජල පරිවහනය සිදු කරයි.

ශෛලමීය වාහකාභ[සංස්කරණය]

සෑම ශාකයකම ශෛලමය තුළ වාහකාභ පවතී. මේවා ශෛලම වාහිනී තුළට සාපේක්‍ෂව දිගටි දෙකෙළවර සිහින් සෛල වේ. ශෛලම වාහිනී වලට වඩා දිගින් වැඩි ය, විශ්කම්භයෙන් අඩු ය, අජීවී වේ, බහුඅශ්‍රාකාර වේ. තවද අන්තබිත්තිවල පවතින “කූ සිදුරු” ද පාර්‍ශවික බිත්තිවල “කූව” පවති. ඒ තුළින් එක් වාහකාභයක සිට තවත් වාහකාභයකට ජලය ගමන් කරයි. ශෛලමවාහිනීවලට සාපේක්‍ෂව විශ්කම්භය අඩු නිසාත්, අන්තබිත්තිවල කුව තුළින් ජලය යන නිසාත් වාහිනීවලට සාපේක්‍ෂව ජල පරිවහනය සඳහා වූ “ප්‍රතිරෝධීතාවය” වැඩි ය.

ශෛලමීය තන්තු[සංස්කරණය]

ශෛලමීය තන්තු, ශෛලම පටකය තුළ විසිරී ඇති තර්කුරූපී “ලිග්නීභවනය” වූ අජීවී සෛල වේ. මේවා ජල පරිවහනයට දායක නොවන නමුත් ශෛලමයට අවශ්‍ය සන්‍ධාරණය සපයයි.

ශෛලමීය මෘදුස්තර[සංස්කරණය]

ශෛලම පටකයේ සෛල අතරින් පරිණත අවස්ථාවේ දී ද සජීවී එකම සෛල වර්‍ගය මෙයයි. මේවා සෛලමය තුළ “අරීය ජලපරිවහනය සහ පාර්ශ්වික ජලපර්වහනය”ට දායක වේ.

ෆ්ලෝයම පටකය
[සංස්කරණය]

Phloem (orange) transports products of photosynthesis to various parts of the plant.
Cross-section of a flax plant stem:

ආවෘත බීජක ශාක (Anthophyta) වල පහත සෛල වර්‍ග පවතී.

#1 පෙනේර නල ඒකක  
#2 සහචර සෛල 
#3 ෆ්ලෝයමීය තන්තු  
#4 ෆ්ලෝයමීය මෘදුස්තර 

නමුත් ආවෘත බීජක ශාක හැර අනෙකුත් ශාකවල “පෙනේර නල සහ සහචර සෛල” වෙනුවට පවතිනුයේ “පෙනේර සෛල” නම් වූ පටු දිගටි සෛල වර්‍ගයයි. ෆ්ලෝයමය ශාක කඳ තුළ ඇති පොත්තෙහි පවතී. සැකිල්ල:Plain image with caption

පෙනේර නල ඒකක සෛල[සංස්කරණය]

පෙනේර නල ඒකක සෛල පරිණත අවස්ථාවේ දී ද සජීවී ප්‍රාථමික සෛල බිත්තියක් සහිත සෛල වේ. මෙම සෛලවල සෛල ප්ලාස්මය ක්‍ෂීණ වන අතර සෛල ප්ලාස්මය තුනී ස්තරයක් ලෙස සෛලයේ පර්‍ය්‍යන්තයේ පවතී. මෙම සෛල ප්ලාස්මයේ,

  • • ඉන්‍ද්‍රයිකා සුළු වශයෙන් පවතී
  • • සෛල න්‍යෂ්ටි නො පවතී
  • • රෛබොසෝම හෝ අන්තඃප්ලාස්මීය ජාලිකා නැත
  • • කුඩා මෛටොකොංඩ්‍රියා පවතී

මෙම නිසා සෛල මධ්‍යයේ විශාල කුහරයක් පවතී. මේ නිසා කාබනික පෝෂක ද්‍රව්‍ය පහසුවෙන් පරිවහනය කළ හැක. එක් පෙනේර නල ඒකකයක කෙළවරට තවත් පෙනේර නලයක් සම්බන්‍ධ වීමෙන් දාමයක් ලෙස පිහිටීමෙන් “පෙනේර නාලය” නම් නාලාකාර මාර්‍ගය සාදයි. පෙනේර නල ඒකක 2ක් එකිනෙකට අන්ත බිත්තිවල ජිද්‍ර සහිත තල පිහිටයි. ඒවා පෙනේර නල ඒකක හරහා ද්‍රව්‍ය ගමන් කිරීමට ඉඩ සලසා දෙයි.

සහචර සෛල[සංස්කරණය]

සහචර සෛල සෑම පෙනේර නල ඒකකයකට ම පාර්ශවිකව පිහිටා ඇත. ඒවා ප්‍රාථමික සෛල බිත්තියක් සහිත සජීවී සෛල වේ. සහචර සෛලයත්, පෙනේර නල ඒකකයත් යන සෛල 2ම පොදු සම්භවයක් සහිත වේ. පෙනේර නල ඒකකයත් සහචර සෛලයත් එකිනෙකට සම්බන්‍ධ කරන ප්ලාස්ම බන්‍ධ විශාල ප්‍රමාණයක් පවතී. ඝන සෛල ප්ලාස්මයක් හා න්‍යෂ්ටියක් පවතී. මේවා පරිවෘත්තීයව සක්‍රීය සෛල වේ. මෙම සෛලවල,

  • • කුඩා රික්තක පවතී
  • • රෛබොසෝම, අන්තඃප්ලාස්මීය ජාලිකා, ගොල්ගි සංකීර්ණ, මෛටොකොංඩ්‍රියා ආදිය බහුල ය.

මෙම සහචර සෛලවල පවතින රෛබොසෝම මඟින් පෙනේර නල නඩත්තු කෙරේ.
සහචර සෛල, පත්‍රවල සිට මුල් දක්‍වා එම සෛල තුළින් සුක්‍රෝස් ගමන් නො කරයි. නමුත් පත්‍රවල පිහිටි ෆ්ලෝයමයේ සහචර සෛල, පෙනේර නල ඒකක තුළට සුක්‍රෝස් බැර කරන අතර සංචිත කෘත්‍ය ඉටු කරන ව්‍යුහ තුළ පවතින සහචර සෛල තුළින් සුක්‍රෝස් හර කිරීම (~ඉවත් කිරීම) සිදු කරයි. මෙසේ සෛල තුළට සුක්‍රෝස් හර හෝ බැර කිරීමට දායක වන එම සහචර සෛල “පරිවර්‍තක සෛල / සම්ප්‍රේෂක සෛල” ලෙස හඳුන්වයි.

ශෛලමීය මෘදු ස්තර සෛල සහ තන්තු[සංස්කරණය]

ශෛලමීය මෘදු ස්තර සජීවී දිගටි වන අතර ශෛලමීය තන්තු ලිග්නීභවනය වූ අජීවී සෛල වේ. [3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. https://biologydictionary.net/vascular-tissue/
  2. https://en.wikipedia.org/wiki/Vascular_tissue
  3. https://bio.libretexts.org/Bookshelves/Introductory_and_General_Biology/Book%3A_General_Biology_(Boundless)/25%3A_Seedless_Plants/25.4%3A_Seedless_Vascular_Plants/25.4B%3A_Vascular_Tissue%3A_Xylem_and_Phloem
"https://si.wikipedia.org/w/index.php?title=සනාල_පටක_පද්ධතිය&oldid=454852" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි