සදකඩ පහනේ නිමිත්ථ

විකිපීඩියා වෙතින්

  • එම්.සී.පී.බෙල් මොහු ප්‍රකාශ කරනු ලබන්නේ සදකඩ පහන සතර දිසාව නිරූපණය කරන්නක් බවයි. වින්සන් ද ස්මිත් ඡේ. ඡී. ප්‍රගල්, බෙන්ඡමින් රෝලන්ඩ් ද යන අය ද බෙල්ගේ අදහස අනුමත කරයි.
  • සෙනරත් පරණවිතානමොහු‍ගේ මෙම අදහස අනුව සඳකඩ පහනේ අග පිහිටි කවාකාර තීරැවේ පෙනෙන ගිනිදල් මෝස්තරය කමාග්නියේද කෝධාන්තියේද සංකේතයකි. ඇතා අශ්වයා ,සිංහයා,වෘෂභයා, යන සතුක් සිව්දෙනා සංකේතවත් කරන්නේ ඡාති,ඡරා,ව්‍යාධි, මරණ යන සතර බියයි.ලියවැල වු කලී තණ්හාවේ සංකේතය වන ලතාවයි. හංස රූප අභිනිෂ්ක්‍රමණය ද මැද පියුම් ශ්‍රද්ධාවද දක්වන සංකේතවේ. මේ අනුව මුළු සදකඩපහණ ම සංසාරය පිළිබඳ සංකේතයකි. තවද සදකඩපහණ අර්ධ කවයක හැඩයෙන් දක්වන නමුත් එය සම්පූර්ණ කවයකින් අඩක් පමණ බවත් සියලු භවවලින් ගහණ වූ භව චක්‍රය එයින් නිරූපිත වන බවත් පරණවිතාන මහතා කියයි.ගොනුව:.84280205 1301e143ae.jpg
"https://si.wikipedia.org/w/index.php?title=සදකඩ_පහනේ_නිමිත්ථ&oldid=332476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි