සත්ව වර්ගයා හා ඔවුන්ගේ උප බෙදීම්.

විකිපීඩියා වෙතින්

සත්ව වර්ගයා හා ඔවුන්ගේ උප බෙදීම්.


පෘෂ්ඨික සතුන්:-පෘෂ්ඨික සතුන් යනු රොන් මඩ හෝ පස මතුපිත ජීවත්වෙන සතුන්ය.

අභ්‍යන්තර සතුන්:-අව සත්වයින් යනු ජලය යට පිහිටි තට්ටුව තුල (එය මත ජීවත් වනවාට වඩා) ජීවත් වන ජලජ සතුන්ය.බැක්ටීරියාත් ක්ෂුද්‍ර ඇල්ගීත් පතුලෙහි ඇති අවසාදිතයන්ගේ සිදුරු තුල ජීවත් වේ.පොදුවේ ගත්කල ජලයේ ගැඹුර සහ වෙරළේ සිට ඇති දුර වැඩිවන විට අභ්‍යන්තර සතුන් ක්‍රමයෙන් දුලබ වී යයි. බැක්ටීරියාවන් අන්තරාලීය මුහුදු ජලය එක් මිලි ලීටරයකට සෛල බිලියනයක් වශයෙන් සුලභතාවය ඒකාකාර ලෙස පවතී. ( අභ්‍යන්තර සත්ත්වයින් යනු ජලය යටින්පිහිටි මඩෙහි සැඟැවී ජීවත් වන නිතල වාසීන්ය. )

විශාල සත්ත්වයින් :- විශාල ජීවීන් යනු අවම වශයෙන් මිලිමීටරයක්වත් දිගැති නිතල හෝ පාංශු ජීවීන්ය.

ඉතා විශාල සත්ත්වයින්:-ඉතා විශාල සත්ත්වයින් යනු ඕනෑම විශේෂිත ප්‍රදේශයක හෝ කාලයක සිටින විශාල ජීවීන්ය.උදාහරණයක් ලෙස ඕස්ට්‍රේලියානු අති විශාල ජීවීන්.

අල්ප ප්‍රමණයේ සත්ත්වයින්:ඌන සත්ත්වයින් යනු කරදිය හා මිරිදිය පරිසර වල නිතල වාසී අපෘෂ්ඨවංශිකයන්ය.ඌන සත්වයින් යන යෙදුම ජීවී කාණ්ඩයක් වර්ගීකරණ විද්‍යාවට අනුව වර්ග කරනවාට වඩා ඔවුන්ගේ ප්‍රමාණය (ක්ෂුද්‍ර සත්ත්වයින් වඩා විශාල වන අතර විශාල සත්ත්වයින් වඩා කුඩාය. )විස්තර කරයි. ප්‍රායෝගිකව මොවුන් මිලිමීටර එකක දැලක් හරහා යැවිය හැකි අතර මෛක්‍රොමීටර 45 ක දැලකින් රඳවාගනි.නමුත් නිවැරදිම ප්‍රමාණය පරීක්ෂකයාගෙන් පරීක්ෂකයාට වෙනස් වේ.යම් සත්වයින් මිලිමීර 1කක දැලක් හරහා යැවුවද වර්ග කරන විට සත්වයා ජීවත් වනවාද ,නැතහොත් මියගොස්ද යනවග මත රදා පවතී.

මධ්‍යම ප්‍රමණයේ සතුන්:- මධ්‍යම ප්‍රමණයේ සතුන් යනු ආර්ත්‍රොපෝඩාවන්, බිම් පණුවන් සහ නෙමටෝඩාවන් වැනි මහේක්ෂ්‍ය පාංශු අපෘෂ්ඨවංශිකයන්ය.

ක්ෂුද්‍ර ප්‍රමණයේ සතුන්:- ක්ෂුද්‍ර ප්‍රමණයේ සතුන් යනු අන්වීක්ෂීය හෝ ඉතාම කුඩා සතුන්ය (සාමාන්‍යයෙන් මෙයට ප්‍රොටොසෝවාවන් සහ, රොප්ටේරුවන් වැනි ඉතා කුඩා සතුන් අයත්වේ. )

වෙනත්:- ඇවිෆෝනා එනම් කුරුල්ලන් මත්ස්‍ය සත්ත්වයින් (හෝ ඉක්තියෝෆෝනා ), එනම් මසුන් වැනි යෙදුම් මෙයට අයත්වේ.