සංස්ථා-හිමිකාරීත්වය සහ පාලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හිමිකාරීත්වය සහ පාලනය


පුද්ගලයන්ගෙන් සමන්විත පුද්ගල සහ වෙනත් නෛතික ආයතනවලට (සංවිධාන සහ වෙනත් සංස්ථා වැනි) ඡන්දය ප‍්‍රකාශ කිරීමට සහ සංස්ථාවේ කොටස්වලින් ලබෙන ලාභය බෙදාගනීමට අයිතියක් ඇත. ඒ අනුව ලාභය මුල්කරගත් සංස්ථාවල කොටස් තොග පවත්වාගෙන යන මෙම ඡුන්දහිමියන් කොටස් හිමියන් හෝ තොග හිමියන් ලෙසට හඳුන්වයි. තොග හිමියන් නොමති විට සංස්ථාවක්, තොග නොවන සංස්ථාවක් ලෙසට පැවතිය හැකිය. ඒ වගේම එවන් වූ අවස්ථාවක තොග හිමියන් වෙනුවට, සංස්ථාවේ කටයුතු සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට අයිතිය ඇති සාමාජිකයන් පිරිසකගෙන් සංස්ථාව සමන්විත වේ. තොග නොවන සංස්ථාව ලාභය ලබීමේ අරමුණකින තොරව කටයුතු කරන්නේ නම් එය ලාභ නොලබන සංස්ථාවක් ලෙසට හඳුන්වනු ලබේ. නොඑසේ නම් ලාභය අරමුණු කර නොගත් සංස්ථා ලෙසට හඳුන්වනු ලැබේ.

වෙනත් ආකාරයකින් සංස්ථාව යන්න හඳුනාගැනීමේදී, සංස්ථාව වූ කලී නිශ්චිත වූ නීතිමය තත්ත්වයක් සහිත සහ වෙනත් ස්ථාපිත නොවූ සාමාන්‍ය ව්‍යාපාරයකට, පුද්ගල කණ්ඩායමකට හෝ ස්වේච්ඡා සමාගමකට නොලැබෙන ආකාරයේ විශේෂ වරප‍්‍රසාදයන් ලැබෙන පුද්ගල සමූහයකි.

ඊළඟ ඡේදවලින් කියවෙන කරුණුවලදී තොග සංස්ථාවල තොග හිමියන් හැඳින්වීමටත් තොග නොවන සංස්ථාව සාමාජිකයන් හැඳින්වීමටත් ”සාමාජිකයන්” යන පදය භාවිත කරනු ලැබේ.

ලෝකය තුළ සංස්ථාපිත පාලන රටාවලියේ පුළුල්වූ පංති දෙකක් දක්නට ලැබේ. ලොව වැඩි ප‍්‍රමාණයක් තුළ, සංස්ථා පාලනය සිදුකරන්නේ එහි කොටස් හිමියන් විසින් ඡුන්දයෙන් පත්කරගන්නා ලද අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි. ජර්මනිය වැනි රටවල සංස්ථාවේ පාලනය කොටස් දෙකකට බෙදනු ලැබේ. එහිදී නෛතිකමය හෝ වෙනත් බල අධිකාරිමය බලයකින් තෝරා පත්කරනු ලබන අධීක්ෂක මණ්ඩලයක් සහ එම අධීක්ෂක මණ්ඩලය විසින් තෝරාගනු ලබන කළමනාකරණ මණ්ඩලයක් වශයෙන් කොටස් දෙකක් දක්නට ලැබේ. තවද ජර්මනියේ එයටම ආවේණික වූ පාලන ක‍්‍රමයක්ද දක්නට ලැබේ. භාගයක් සේවක නියෝජිතයන්ගෙන් සමන්විත අධීක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබන එම ක‍්‍රමවේදය සම නීර්ණය (කෝ ඩිටර්මිනේෂන්) යනුවෙන් හඳුන්වනු ලැබේ. සංස්ථා සම්බන්ධතා කළමණාකරණය සඳහා ප‍්‍රධාන විධායක නිලධාරි, සභාපති, භාණ්ඩාගාරික සහ වෙනත් පදවිලත් තනතුරු සාමාන්‍යයෙන් තෝරාගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි.

කොටස් හිමියන්ගේ බලපෑම්වලට අමතරව බංකුවල සිදුවන ආකාරයට ණය හිමියන්ද සංස්ථා කොටස් වශයෙන් පාලනය කිරීමට හැක. නැවත ලබාගැනීමේ අරමුණින් සංස්ථාවකට ණය මුදල් දීමෙන් පසුව, අධ්‍යක්ෂක මණ්ඩලයේ එක් අයෙක් හෝ වැඩි ගණනක් ඇතුළත්ව තමාටද සංස්ථාවේ සාමාජිකයෙකු ලෙසට එහි පොලී අනුපාතය සමාන ලෙස පාලනය කිරීමට ණය හිමියාට ඉල්ලූම් කළ හැක. සමහර නෛතිකමය හෝ වෙනත් බල අධිකාරිමය සාධකයන් තුළින් ජපානය, ජර්මනිය වැනි රටවල විශේෂයෙන් බැංකු තමන්ගේ කොටස් සංස්ථාව තුළම රඳවා තබාගැනීමට කටයුතු කර තිබේ. අනෙත් අතට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල බැංකු, වෙනත් නෛතිකමය සාධකයන් හරහා තමන්ගේ කොටස් බාහිර සංස්ථාවලට ලබාදීම තහනම් කොට තිබේ.

සමහර අය සංස්ථාවල සාමාජිකයන්ට (ලාභය අරමුණු කර නොගත් සංස්ථා) අවශේෂ පොලියක් ලබාගන්නට යැයි ද කියනු ලැබේ. තවද සංස්ථාවක පැවැත්ම අවසාන වන විට එහි ණය හිමියන්ට සහ සෙසු අයට අදාල පොලී ආදිය ගෙවා දැමීමෙන් අනතුරුව සංස්ථාවේ වත්කම් එහි සාමාජිකයන්ට ලැබිය යුතුයි. මේ ආකාරයට සංස්ථාවක් තුළ පමණක් ආයෝජනය කිරීම අවදානමක් සහිත විය හැකියි. නමුත් විවිධ ලෙසට විවිධ තැන්වල කරනු ලබන ආයෝජන කළඹක් තුළින් එම අවධානම අඩුකර ගත හැකිය. ඊට අමතරව වගකීම් සීමාසහිත නීති රීති පද්ධතියක් යටතේ කොටස් හිමියන්ට වාසි ලැබේ. තවද කොටස් හිමියන් වගකිව යුතු වන්නේ ඔවුන් විසින් දායකවී තිබෙන කොටස්වල වටිනාකමට පමණි. කෙසේ වුවද මෙම ක‍්‍රමය යොදාගත හැක්කේ ලාභය අරමුණු කරගත් සංස්ථාවලට පමණි. ලාභය මුල්කර නොගත් සංස්ථාවල සාමාජිකයන් හට අවශේෂ වාසීන් ලැබීමට අවසරයක් නොලැබේ.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Corporation#Ownership_and_control