සංස්ථාව - හිමිකාරීත්වය සහ පාලනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

පුද්ගලයන්ගෙන් සමන්විත පුද්ගල සහ වෙනත් නෛතික ආයතනවලට (සංවිධාන සහ වෙනත් සංස්ථා වැනි) ඡන්දය ප‍්‍රකාශ කිරීමට සහ සංස්ථාවේ කොටස්වලින් ලබෙන ලාභය බෙදාගනීමට අයිතියක් ඇත. ඒ අනුව ලාභය මුල්කරගත් සංස්ථාවල කොටස් තොග පවත්වාගෙන යන මෙම ඡුන්දහිමියන් කොටස් හිමියන් හෝ තොග හිමියන් ලෙසට හඳුන්වයි. තොග හිමියන් නොමති විට සංස්ථාවක්, තොග නොවන සංස්ථාවක් ලෙසට පැවතිය හැකිය. ඒ වගේම එවන් වූ අවස්ථාවක තොග හිමියන් වෙනුවට, සංස්ථාවේ කටයුතු සඳහා ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අයිතිය ඇති සාමාජිකයන් පිරිසකගෙන් සංස්ථාව සමන්විත වේ. තොග නොවන සංස්ථාව ලාභය ලබීමේ අරමුණකින තොරව කටයුතු කරන්නේ නම් එය ලාභ නොලබන සංස්ථාවක් ලෙසට හඳුන්වනු ලබේ. නොඑසේ නම් ලාභය අරමුණු කර නොගත් සංස්ථා ලෙසට හඳුන්වනු ලැබේ.

වෙනත් ආකාරයකින් සංස්ථාව යන්න හඳුනාගැනීමේදී, සංස්ථාව වූ කලී නිශ්චිත වූ නීතිමය තත්ත්වයක් සහිත සහ වෙනත් ස්ථාපිත නොවූ සාමාන්‍ය ව්‍යාපාරයකට, පුද්ගල කණ්ඩායමකට හෝ ස්වේච්ඡා සමාගමකට නොලැබෙන ආකාරයේ විශේෂ වරප‍්‍රසාදයන් ලැබෙන පුද්ගල සමූහයකි.

ඊළඟ ඡේදවලින් කියවෙන කරුණුවලදී තොග සංස්ථාවල තොග හිමියන් හැඳින්වීමටත් තොග නොවන සංස්ථාව සාමාජිකයන් හැඳින්වීමටත් ”සාමාජිකයන්” යන පදය භාවිත කරනු ලැබේ.

ලෝකය තුළ සංස්ථාපිත පාලන රටාවලියේ පුළුල්වූ පංති දෙකක් දක්නට ලැබේ. ලොව වැඩි ප‍්‍රමාණයක් තුළ, සංස්ථා පාලනය සිදුකරන්නේ එහි කොටස් හිමියන් විසින් ඡන්දයෙන් පත්කරගන්නා ලද අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි. ජර්මනිය වැනි රටවල සංස්ථාවේ පාලනය කොටස් දෙකකට බෙදනු ලැබේ. එහිදී නෛතිකමය හෝ වෙනත් බල අධිකාරිමය බලයකින් තෝරා පත්කරනු ලබන අධීක්ෂක මණ්ඩලයක් සහ එම අධීක්ෂක මණ්ඩලය විසින් තෝරාගනු ලබන කළමනාකරණ මණ්ඩලයක් වශයෙන් කොටස් දෙකක් දක්නට ලැබේ. තවද ජර්මනියේ එයටම ආවේණික වූ පාලන ක‍්‍රමයක්ද දක්නට ලැබේ. භාගයක් සේවක නියෝජිතයන්ගෙන් සමන්විත අධීක්ෂක මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබන එම ක‍්‍රමවේදය සම නීර්ණය (කෝ ඩිටර්මිනේෂන්) යනුවෙන් හඳුන්වනු ලැබේ.

සංස්ථා සම්බන්ධතා කළමණාකරණය සඳහා ප‍්‍රධාන විධායක නිලධාරි, සභාපති, භාණ්ඩාගාරික සහ වෙනත් පදවිලත් තනතුරු සාමාන්‍යයෙන් තෝරාගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක් විසිනි. කොටස් හිමියන්ගේ බලපෑම්වලට අමතරව බංකුවල සිදුවන ආකාරයට ණය හිමියන්ද සංස්ථා කොටස් වශයෙන් පාලනය කිරීමට හැක. නැවත ලබාගැනීමේ අරමුණින් සංස්ථාවකට ණය මුදල් දීමෙන් පසුව, අධ්‍යක්ෂක මණ්ඩලයේ එක් අයෙක් හෝ වැඩි ගණනක් ඇතුළත්ව තමාටද සංස්ථාවේ සාමාජිකයෙකු ලෙසට එහි පොලී අනුපාතය සමාන ලෙස පාලනය කිරීමට ණය හිමියාට ඉල්ලූම් කළ හැක. සමහර නෛතිකමය හෝ වෙනත් බල අධිකාරිමය සාධකයන් තුළින් ජපානය, ජර්මනිය වැනි රටවල විශේෂයෙන් බැංකු තමන්ගේ කොටස් සංස්ථාව තුළම රඳවා තබාගැනීමට කටයුතු කර තිබේ. අනෙත් අතට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය වැනි රටවල බැංකු, වෙනත් නෛතිකමය සාධකයන් හරහා තමන්ගේ කොටස් බාහිර සංස්ථාවලට ලබාදීම තහනම් කොට තිබේ.

සමහර අය සංස්ථාවල සාමාජිකයන්ට (ලාභය අරමුණු කර නොගත් සංස්ථා) අවශේෂ පොලියක් ලබාගන්නට යැයි ද කියනු ලැබේ. තවද සංස්ථාවක පැවැත්ම අවසාන වන විට එහි ණය හිමියන්ට සහ සෙසු අයට අදාල පොලී ආදිය ගෙවා දැමීමෙන් අනතුරුව සංස්ථාවේ වත්කම් එහි සාමාජිකයන්ට ලැබිය යුතුයි. මේ ආකාරයට සංස්ථාවක් තුළ පමණක් ආයෝජනය කිරීම අවදානමක් සහිත විය හැකියි. නමුත් විවිධ ලෙසට විවිධ තැන්වල කරනු ලබන ආයෝජන කළඹක් තුළින් එම අවධානම අඩුකර ගත හැකිය. ඊට අමතරව වගකීම් සීමාසහිත නීති රීති පද්ධතියක් යටතේ කොටස් හිමියන්ට වාසි ලැබේ. තවද කොටස් හිමියන් වගකිව යුතු වන්නේ ඔවුන් විසින් දායකවී තිබෙන කොටස්වල වටිනාකමට පමණි. කෙසේ වුවද මෙම ක‍්‍රමය යොදාගත හැක්කේ ලාභය අරමුණු කරගත් සංස්ථාවලට පමණි. ලාභය මුල්කර නොගත් සංස්ථාවල සාමාජිකයන් හට අවශේෂ වාසීන් ලැබීමට අවසරයක් නොලැබේ.

ව්‍යාපාරික සංස්ථාවන්හි හැසිරීම් රටාවේ මුලික නෛසර්ගික ලක්ෂණ[සංස්කරණය]

මුලික නෛසර්ගික ලක්ෂණ පහත සඳහන් අයුරු වේ.

· ලාභය - ලාභ ලැබීම ව්‍යාපාරයන්හි මුලික පරමාර්ථය වේ. මහපරිමාණ ව්‍යාපාරික සංස්ථාවන් අවම වශයෙන් දීර්ඝ කාලීනවත් අඩු ලාභයක් වෙනුවට වැඩි ලාභයක් ලැබීමට කැමැත්තක් දක්වයි.

ලාභ ලැබීමේ පරමාර්ථය අත්‍යාවශ්‍යයෙන්ම සමාජයට සුභ සාධනයක් සැලසිම නොවුවත්, ලාභ නොලබන ආයතනයකට වඩා වැඩි සේවක සංඛ්‍යාවකට රැකියා සැපයීම එයින් ඉටුවේ. මෙම ව්‍යාපාරයන් පවත්වාගෙන යාමේ දී ව්‍යාපාරයට වාසිදායක වුවත්, පරිසරයට, සේවකයන්ට හා රාජ්‍යයට හානිකර නොවිය යුතු කරුණු සම්බන්ධයෙන් ගැටළු ඇති විය හැක.

තීරණ ගැනීමේ අයිතිය ජ්‍යෙෂ්ඨ කළමණාකරණය හිමිව ඇති ආයතන වල ජ්‍යෙෂ්ඨ කළමණාකරු සමහර අවස්ථාවලදී ලාභ ලැබීමේ පරමාර්ථ පසෙකලා සිය රැකියාව ආරක්ෂා කරගැනීමේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹේ. ව්‍යාපාරික සංස්ථාවන් සිය ව්‍යාපාරයන් පුළුල් කිරීමට කැමති වුවත්, සමහර අවස්ථාවලදී එසේ කිරීමට යෑමේ දී කොටස් වලට කැඩී ගිය අවස්ථාවද දැකිය හැක.


· අනාචාර ධර්‍ම - ප්‍රාණියෙක් නොවන බැවින් සංස්ථාවන්ට ආචාර ධර්‍ම හෝ පරහිතකාමී අරමුණු ‍නොමැත. එසේ වුවත් ඒවා පවත්වාගෙන යන්නන් අදාල රාමුව තුල ආචාර ධර්‍මයන්ට නතුවේ.

· ආධිපත්‍යය - ව්‍යාපාරික ආධිපත්‍ය විවිධ මට්ටම් වලින් ඇති අතර සීමිත ව්‍යාපාර කීපයක් තුල පමණක් කළමණාකරුවන් ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී අයිතිවාසිකම් හිමිවී ඇත. බ්‍රසීලයේ ජිකාඩෝ සෙම්ලර් සිය සේවකයන්ට කළමණාකරුවන් සහ ක්‍රමෝපායන් සොයා ගැනීමේ අයිතිය පවරා ඇත. එපමණක් නොව ඔහුද ප්‍රධාන විධායක තනතුර සඳහා තරඟ වදියි. එය එවැනි ආයතනයකට හොඳ නිදසුනකි.


· සංවිධානයේ ලාභ රාමුව - ලාභ ලැබීම අරමුණු කරගත් සංවිධානයක අරමුණු ලාභ ලැබීමය. එම ලාභ ලැබීම සඳහා උපකාර වනුයේ ඒවාහි නිෂ්පාදන ක්‍රියාවලින් හා ක්‍රමෝපායන් පිටුපස සිටින සේවකයන්ය. ලාභය සහ ලාභ ලැබීම තීරණය වන්නේ ඔවුන්ගේ නිර්මාණ කෞෂල්‍ය, නව සොයා ගැනීම්, ජවය යොමුවීම සහ කැපවීම මතය.

එසේ වුවත් හොඳම සේවකයන් බඳවා ගැනීමෙන්ම පමණක් සාර්ථකත්වයක් නොලැබේ. එවැනි සමහරෙක් සේවයට පැමිණියත් ප්‍රධානීන්ගේ සහෝදර සේවකයන් සමඟ ගැටළු ඇතිවීම නිසා ඉවත්ව යති. නිසි මානව සම්පත් දායකත්වයෙන් පමණකි ආයතනයක සාර්ථකත්වය රඳා පවතින්නේ. ලාභ ලැබීමේ රාමුවක් තුල සාමුහික ක්‍රියාකාරීත්වය තුලින් සාර්ථකත්වය ලැබීම, මනෝ විද්‍යාව අවබෝධ කර ගැනීමත් සාර්ථක විය හැකි බව ලාභ රාමුවේ නිර්මාතෘ ජේමිස් ලියොන් චැන් ෂු ගේ අදහසයි.

ලාභ ලබන නෛසර්ගික ලක්ෂණයෙන් යුතු ආයතනයක සාර්ථකත්වය කෙරෙහි පහත කරුණු 6 බලපායි. 1. විශාල අරමුණු

2. ඒකාබද්ධ අනන්‍යතාවය

3. වෙනසක් ඇති කළ හැකි ක්‍රම වේදයක්

4. පොදු භාෂාවක්

5. අනෝන්‍ය සහයෝගය ලබාගත හැකි පරිසරයක්

6. මුල්‍යමය දැනුම

ව්‍යාපාරික වාසි[සංස්කරණය]

සංවිධානයක ස්වභාවය අනුව CSR වාසි‍යේ ප්‍රමාණය වෙනස් ස්වරූපය ගනු ලැබේ. මුල්‍යමය වාසි වලින් ඔබ්බට ගිය හැකි වාසි පිළිබඳ උපදෙස් ලබා දෙන මුද්‍රිත ලිපි විශාල සංඛ්‍යාවක් තිබුණත් එය සංඛ්‍යාත්මක ලෙස ප්‍රකාශ කිරීම අපහසු කාර්යයකි. (උදා- ඩේමින්ගේ ඒකක 14 - සමබර ලකුණු කාඩ් පත ) Orlizy, Schmist සහ Rynes සමාජ වාතාවරණය, ව්‍යාපාරික කටයුතු සිදුකරන ආකාරය සහ මුදල් කටයුතු සිදුකරන ආකාරයන් අතර සම්බන්ධතාවයක් දුටුවහ. කෙසේ වුවත් යම් ව්‍යාපාරයක් සිය CSR උපාය මාර්ගයන් වැඩි දියුණු කරන අතරදී කෙටිකාලීන මුල්‍ය වාසි ලැබීමට අදහස් නොකරණු ඇත.

යම් සංවිධානයක යොදා ගන්නා CSR පිළිබඳ අර්ථකතනය එහි කොටස්කරුවන්ගේ බලපෑම, CSR වෙනුවෙන් පෙනීසිටින කණ්ඩාය‍මේ අදහස, පරිත්‍යාග ලබා ගැනීමට ගන්නා උත්සාහයන් හා ස්වේච්ඡා කණ්ඩායම් වල ක්‍රියාකාරිත්වය මත වෙනස්වේ. CSR යම් සංවිධානයක මහජන සම්බන්ධතා, ව්‍යාපාර සංවර්ධන, ප්‍රජා සමබන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවට ඇතුළත් විය හැකිය. එසේ නොමැති නම් ceo වට බලපාන වෙනම දෙපාර්තමේන්තුවකට ඇතුළත් කොට විශේෂ තීන්දු දීම සෘජුවම මණ්ඩලයට යැවිය හැකිය. සමහර සමාගම් කණ්ඩායමක් හෝ වැඩසටහනක් නොමැතිවම CSR ආකාරයේ අගයන් පමණක් යොදා ගනිමින් කටයුතු කරනු ඇත.

යම් සමාගමක CSR කටයුතු පහත සඳහන් උපකල්පන එකක් හෝ කීපයක් මත රඳා පැවතිය හැක.

මානව සම්පත්[සංස්කරණය]

CSR වැඩසටහනක් තරඟකාරී උපාධීධාරී ශිෂ්‍ය වෙළඳපොල අවස්ථාවකට බඳවා ගැනීමේ හා රඳවා ගැනීමේ අධාරකයක් ලෙසද තබාගත හැකිය. හැකියාව ඇති ඉල්ලුම්කරුවන් නිතර ආයතනයේ CSR පිළිවෙත ගැන විමසන බැවින් අවබෝධකරගත හැකි පිළිවෙතක් තිබීම වාසියක් විය හැකිය. විශේෂයෙන් සේවක මණ්ඩලය ප්‍රජා සේවා කටයුතු, අරමුදල් තර කිරීමේ කටයුතු හා වැටුප් ඉපයීම් කටයුතු වල යෙදෙන විට ආයතනය පිළිබඳව අවබෝධය වැඩි දියුණු කර ගැනීමට ද CSR ඉවහල්වේ.


අවදානම් කළමනාකරණය[සංස්කරණය]

විශාල සමාගමක අවදානම් කළමනාකරණය ඉතා වැදගත් උපාය මාර්ගයකි. දශක ගණනාවක් තුළ අත්කරගත් ව්‍යාපාරික කීර්තිය දූෂිත විෂම කටකතාවක් හෝ වාතාවරණික හදිසි සිදුවීමක් නිසා පැය කීපයකින් බිඳ වැටිය හැකිය.‍ මෙවැනි සිදුවීම් නිසා උසාවි, ජනමාධ්‍ය, රාජ්‍ය පාලකයන්, ආයතනයක අඛන්ඩ පවත්වා ගැනීම් අධ්‍යයනය කරන නිලධාරීන් ආදී අංශ වල අනවශ්‍ය අවධානයක් ඇතිවේ. “ සැමවිටම නිවැරදි දේ කිරී‍මේ ” සංස්කෘතියක් සිය ආයතනය තුළ ඇති කර ගැනීමෙන් අවදානම් පි‍ටු දැකිය හැකිය.


වෙළඳ නාමය පවත්වා ගැනීම[සංස්කරණය]

ව්‍යාපාරිකයන් බහුලව සිටින වෙළඳපොලක් සහිත සමාගම් නිතරම සිය භාණ්ඩ හා සේවා සඳහා අද්විතීය වෙළඳාම් තත්වයක් පවත්වා ගැනීමට දැඩි උත්සාහයක යෙදෙති. එමගින් පාරිභෝගිකයාට තරඟකාරී මනසින් යුතුව සිය නාමය වෙන් කොට තබා ගැනීමට හැකියාවක් ලැබේ. CSR මඟින් කැපීපෙනෙන සදාචා‍ර අගයන් මත පදනම්වී ඇති පාරිභෝගික විශ්වාසය ගොඩ නැගීමෙහිලා වැදගත් භූමිකාවක් ඉ‍ටු කළ හැකිය. The Co-operative Group සහ The Body Shop වැනි සුවිසල් වෙළඳ නාමයන් ගොඩනැගී ඇත්තේ සදාචාර අගයන් මතය. ව්‍යාපාරික සේවා ආයතනයකට සිය අවංකත්වය හා උසස්තම සේවාව මඟින් ඇති කරගන්නා කීර්තිය තුළින් මහත් වාසි අත් කර ගත හැකිය.


සටහන[සංස්කරණය]

Corporate behaviour Key characteristics of for profit Corporate