Jump to content

සංස්කෘතික ඉතිහාසය

විකිපීඩියා වෙතින්

1970 දශකයේ සිට සාමාන්‍ය අර්ථය අනුව සංස්කෘතික ඉතිහාසය යනු මානව විද්‍යාව සහ ඉතිහාසය, ජනප්‍රිය සංස්කෘතික සිරිත් විරිත් හා ඓතිහාසික අත්දැකීම් අනුව ගෙනහැර දැක්වීමයි. පැරැන්නන්ගේ දැනුම, සිරිත් විරිත් හා කලාව අනුව සංස්කෘතික ඉතිහාසය සොයා ගත හැකිය. අතීතයෙන් වර්තමානයට හා අනාගතයට සංස්කෘතිය දායාද වන්නේ මෙම ඉතිහාසයට අනුවයි. අතීතයේ විසූ මිනිසාගේ සාමාජික, දේශපාලනික හා සංස්කෘතික ක්‍රියාවන් සහ සිරිත් විරිත්මෙන්ම කලාවට සම්බන්ධ අංගයන්ද අනුව මෙම ඉතිහාසය නිර්මාණය වේ. විවිධ ජන කණ්ඩායම්වල සමාජ පසුබිම හා උත්සව, ඇඳහීම් හා සංස්කෘතික ක්‍රියාවලීන් වලින් ඉතිහාසය සමන්විත වේ.

විස්තරය

සංස්කෘතික ඉතිහාසය ප්‍රංශ ජාතිකයන්ගේ සංක්‍රමණ සමඟ එකතු වී නව ඉතිහාසයක් බවට පත් වේ. ස්විට්සර්ලන්ත ජාතික ඉතිහාසඥයෙකුට අනුව සංස්කෘතික ඉතිහාසය යන්න යම් ඓතිහාසික කාල සීමාවක් තුළ කරන ලද අධ්‍යනයක් අනුව, චිත්‍ර කලාව ,ගෘහ නිර්මාණ ශිල්පය පමණක් නොව සමාජ අංග සියල්ල ඇතුලත්ව ගොඩ නැගිය යුතුය. මෙහිදී බොහෝ විට ඉලක්කය විය යුත්තේ සමාජයේ ප්‍රභූ නොවන පිරිසගේ හැසිරීම් රටා (උත්සව ,පූජා ) හා වෙනත් සිරිත් විරිත්, මිනිස් සබඳකම් හා සංස්කෘතික පරිණාමයන් මෙන්ම සමාජ වෙනස් වීම් (ජාති වාදය) ආදියයි. එමෙන්ම බලය, පන්තිය, ආකල්ප ජාතියද සළකා බලනු ලැබේ.

ශ්‍රි ලංකාවෙ ඉතිහාසය


| Cultural_history |-

"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘතික_ඉතිහාසය&oldid=492548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි