සංවේදක ස්මරණය / ස්මෘතිය

විකිපීඩියා වෙතින්

සංවේදක ස්මරණය යනු මුල් ප්‍රතිචාරයක් නැතිවී ගියාට පසු සංවේදී තොරතුරක් රඳවා ගැනීමට ඇති හැකියාවයි.

මෙයින් අදහස් කරන්නේ ස්මරණ ග්‍රාහකවලින් සොයාගෙන තාවකාලික ව ස්මරණයේ රඳවා ගන්නා දේවල්ය. එවැනි පිළියෙළ තොරතුරු රැසක් රඳවා ගැනීමට ස්මරණයේ විශාල ධාරිතාවක් ඇත. එහෙත් ක්ෂණිකව අල්ලාගත හැකි සංවේදක ස්මරණවල නිවැරදි චිත්තරූප පමණි. බොහෝ ගවේෂණයට භාජන වූ සංවේදක ස්මරන දෙවර්ගය නම් අයිකොනික් (iconic memory ) ස්මරණය හා චොයිස් (echoic memory) වේ.

පරීක්ෂණ[සංස්කරණය]

මේ සංසිද්ධිය පිළිබඳව ආදි පරීක්ෂණවලින් එකක් කරන ලද්දේ 1740 දී ජර්මානු භෞතිකවාදියෙකු හා ගණිතඥයකු වූ ජෝන් ඇන්ඩ්‍රියාස් සෙග්නර් (1704-1777) විසිනි. එක්තරා පරීක්ෂණයක දී සෙග්නර් දිලිසෙන අඟුරු කැබැල්ලක් කරත්ත රෝදයට සවිකර නොබිඳුණු ආලෝක වෘත්තයක් නිරීක්ෂකයාට දර්ශනය වෙන තුරු එය වේගයෙන් කැරකැව්වේය. මේ ප්‍රතිඵලය ලබා ගැනීමට දිලිසෙන අඟුරු කැබැල්ලට මිනිත්තු 100 අඩුවෙන් අවශ්‍ය ඔහු ගණනය කළේය. ජෝර්ජ් ස්පර්ලින් මේ ප්‍රතිඵලය ලබා ගැනීමට 1960 දී ක්‍රමානුකූල අධ්‍යයනයක් කළේය. අකුරු 4 සහිත පේළි 3ක වචන ජාලයක් මිනිත්තු 50 සඳහා සහභාගි වෙන්නන්ට ඉදිරිපත් කිරීම ඔහුගේ පරීක්ෂණයට ඇතුළත් විය.

  • DHFG
  • VJSA
  • dhAu

අකුරු ඉදිරිපත් කිරීමෙන් පසු පුළුවන්තරම් වැඩි අකුරු ගණනක් මතක් කර ගැනීමට ඔවුන්හට දන්වන ලදී. තවත් අවස්ථාවක දී පළමුවන අවස්ථාවේ දෙවන අවස්ථාවේ හා තුන්වන අවස්ථාවේ දී කුමන වචන පේළියක් සහභාගී වන්නට මතකයේ රඳවා ගත හැකි අතර දෙවන අවස්ථාවේ මතක තබා ගත හැක්කේ ඔවුන්ට මුළු වචන ජාලයම පෙන්නුවත් තෝ‍රා ගත් පේළියක අකුරු හතරෙකින් තුනක් පමණකැයි ඔහු කියා සිටියේය. මෙහි අර්ථය නම් කෙටි මොහොතකට සහභාගී වෙන්නන්ට ජාලය ඉදිරිපත් කරන ලද්දේ සංවේදී ස්මරණයක් වශයෙනි.

වර්ගීකරණය[සංස්කරණය]

සංවේදී ස්මරණය තවමත් ක්‍රියාත්මක වන්නේ මෙම ආසන්න කාල රාමුව තුළය. (එක් තත්පරයක් ය‍ටතේ , දෙකක් නොවේ) එසේම ඉතා කෙටි කලක් පවතින එකකි. එහි ලක්ෂණය වන්නේ පාලනයෙන් තොර බවය. (එය ඉබේ සිදුවන අතර අනාරාධිතය. කෙටි කලක් එම තොරතුර රැඳී පවතින අතර, කෙටි කාලීන මතකය සමඟ පටලවා නොගත යුතුය. (නියම වශයෙන් එය තත්පර 10-15 පවතින අතර මතකයේ රඳවා ගත් දෙය යළි යළිත් පුහුණු නොකළ යුතුය. එසේ නම් කොට ඇත්තේ එය ජීවන කාලයක් තිස්සේ පවතින දිගු කාලීන ස්මරණයෙන් වෙන් කර හඳුනා ගත හැකි පරිදිය. http://en.wikipedia.org/wiki/Sensory_memory