සංවාරක වේගය

විකිපීඩියා වෙතින්
Hamburg ඉහළින් Avro Lancaster යානය

ඡායාරූපකරණයේදී සංවාරක වේගය (Shutter speed) යනු ෂටරය විවෘතව පවතින කාලයයි. සම්පුර්ණ අනාවරණය, අනාවරණ කාලයට හෝ ආ‍ලෝකය තිරයට හෝ සංවේදකයට හෝ ලඟා වීමට ගන්නා කාලයට සමානුපාතික වේ.

සම්පුර්ණ නිරාවරණයට බලපාන කරුණු වන්නේ වස්තුවේ දීප්තතාව, සිදුරේ ප්‍රමාණය සහ නිරාවරණ කාලය (සංවාරක වේගය)යි. ෂටර වේගයේ සහ සිදුරේ ප්‍රමාණය නිසා ඇතිවන බලපෑම නැති කිරීමට - නැවතුම් ඡායාරූප ශිල්පියා භාවිත කළ හැකිය. මෙසේ නැවතුවක් භාවිතා කිරීම මඟින් තිරයට පිවිසෙන ආලෝකය අඩක් කිරීමට හෝ දෙගුණ කිරීම කළ හැකිය. දී ඇති ඕනෑම නිරාවරණයක් සඳහා වේගවත් ෂටර වේග යොදා ගැනීමට විශාල සිදුරක් (කුඩා අංකයක්) අවශ්‍ය වේ.

සාමාන්‍යයෙන් මන්දගාමී ෂටර වේග භාවිතා කරන්නේ අඩු ආලෝක තත්වයන්හිදීය. මෙමඟින් ෂටරය වැසීමට යන කාලය වැඩිවන බැවින් ඇතුළු වන ආලෝක ප්‍රමාණය වැඩිවේ. මෙම මුලික සංකල්පය සේයා පටල වලද, සංඛ්‍යාංක කැමරා වල ද භාවිතා වේ.

ෂටර වේගය තත්පර වලින් මනිනු ලබයි. සුර්යා‍ලෝකය ඇති විටක ඡායාරූපයක් ලබා ගැනීමට ෂටර වේගය තත්පර 1/125 ක් පමණ වේ. නිරාවරණයට අමතරව ප්‍රතිබිම්බ තිරයෙහි ඇතිවන ආකාරයද, ෂටරය වේගය මඟින් වෙනස් කෙ‍රේ. වේගයෙන් චලනය වන වස්තුවක සුන්දරත්වය සඳහා ඡායාරූපය අපැහැදිලි කිරීමට ඉතා දිගු ෂටර වේග භාවිතා කරයි.

සිදුර වෙනස් කිරීම මගින් ක්ෂේත්‍රයේ ගැඹුර තීරණය කරයි. මෙමඟින් කොපමණ දුරක ඇති වස්තුවක් තියුණු ඡායාරූපයක් බවට පත් කළ හැකිද යන්න තීරණය කරයි. සම්මතයකට අනුව සිදුරු ප්‍රවාහ දැක්වු විට එක් සිදුරක සිට අනෙක් සිදුර වෙත යාමේදී ආලෝක ප්‍රමාණයට හරියටම දෙගුණ වීම හෝ හරි අඩක් වීම සිදු වේ. (f/2.8, f/4, f/5.6, f/8, f/11f/16ECT). එක සිදුරු නැවතුමක් විවෘත කොට ෂටර වේගය එක් පියවරකින් අඩු කළ විට සමාන නිරාවරණයක් ලබා ගැනීමට ෂටර වේගය සඳහා සම්මත 2:1 පරිමාණය භාවිතා කරන ලදී. මේ අනුව එකඟ වු ෂටර වේග නම්,

* 1/1000 S * 1/500 S * 1/250 S * 1/125 S
* 1/60 S * 1/30 S * 1/15 S * 1/8 S
* 1/4 S * 1/2 S * 1 S

දිගු කාලීන නිරාවරණ සඳහා කැමරා ෂටර වේග යාන්ත්‍රණ 1 ක් හෝ 2 ක් භාවිතා වේ.

  • B (බල්බය) - ෂටර නිදහස්කරණය අල්ලන් සිටින තුරු ෂටර විවෘතයි
  • T (කාලය) - ෂටර නිදහස්කරණය නැවත වරක් ඔබන තුරු ෂටරය විවෘතයි

දක්නට හැකි අපැහැදිලි වීමකින් තොරව අත් කැමරාවක මන්දගාමී ෂටර වේගය භාවිතා කොට ඡායාරූපයක් ලබා ගැනීම ඡායාරූප ශිල්පියාගේ හැකියාවයි. ඉතා ලංකොට ගන්නා හෝ විශාල කිරීමට බලාපොරොත්තු වන ඡායාරූපයක් ගැනීමේදී අපැහැදිලි වීම වැලැක්වීම සඳහා වේගවත් ෂටර වේග භාවිතා කිරීමට සිදුවේ.

ෂටර ප්‍රමුඛතාවය ලබාදීම මඟින් අර්ධ ස්වයංක්‍රීය කැමරාවක ෂටර වේගය ශිල්පියා තෝරාගන්නා අතර, ඊට සුදුසු සිදුරු ප්‍රවාහය කැමරාව මඟින් සකස් කරගනී.

ඡායාරූපකරණයේදී නිර්මාණාත්මක භාවිතය[සංස්කරණය]

සංඛ්‍යාංක තිරයේ හෝ සේයා පටලය මත පතනය වන ආලෝක ප්‍රමාණය පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස සංවාරක වේගය හැඳින්විය හැක. මෙය අවසාන ප්‍රතිබිම්බයේ දෘශ්‍ය කාර්යය මෙහෙයවීමටද භාවිතා කරයි.

චලනය වන වස්තුවක් නිශ්චල ඡායාරූපයකට නැගීමේදී වස්තුවේ චලනය පෙන්වීම සඳහා මන්දගාමී ෂටර වේග භාවිතා කරයි.

අධිවේගී ෂටර භාවිතයෙන් චලනය වන වස්තුවක් වුවද ගල් ගල් ගැසී ඇති වස්තුවක් මෙන් ඡායාරූප ගත කල හැක. උදාහරණයක් ලෙස දුවන පුද්ගලයෙකුගේ පාද දෙකම අහසේ ඇති අවස්ථාවක් පවා මෙමඟින් ඡායාරූප ගත කළ හැක. මන්දගාමී ෂටර වේග භාවිතා කල විට චලනය ගබඩා කර ගැනීම සඳහා වැඩි කාලයක් ලැබේ. මන්දගාමී ෂටර වේග භාවිතයෙන් ඇතැම් කොටස් බොඳ කොට දැක්වීමට ඡායාරූප ශිල්පියාට ඉඩ සලසා දෙයි. උදාහරණයක් ලෙස මෙසේ මඳක් මන්දගාමී ෂටර වේග භාවිතයෙන් ඇවිදින මිනිසෙකුගේ ඡායාරූපයක් ගැනීමේදී වේගයෙන් චලනය වන පාද කොටස් බොඳ කොට දැක්විය හැකි අතර අනෙක් කොටස් තියුනු ලෙස දිස්වීමට සැලැස්විය හැක.

පසුතලය හා වස්තුව බොඳවීම ආරම්භ වන නිශ්චිත මොහොත වස්තුව චලනය වන ශීඝ්‍රතාවය, කැමරාවේ සිට ඇති දුර සහ කාචයේ නාභිදුර සහ සේයාපටලයේ ප්‍රවාහයේ සම්බන්ධතාව යන කරුණු මත පදනම් වේ. තත්පර භාගය ඉක්මවු ෂටර වේගයක් භාවිතා කොට ගලායන දියදහරයේ ඡායාරූප ගත කල විට එය හොල්මන් බදු සුදු පැහැයකින් දිස්වේ.

විශාල පිපිරීම යනු නිරාවරණය වී පවතින මොහොතේදී නාභිදුර විචලනය හසුකරගන්නා තාක්ෂණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=සංවාරක_වේගය&oldid=472621" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි