සංචාරක භූගෝල විද්‍යාව

විකිපීඩියා වෙතින්
tiny globe
සන්චාරකයින් පිරිසක් නයගරා ෆොල්ස්හී


සංචාරක ව්‍යාපාරය කර්මාන්තයකි. කර්මාන්තයක් ලෙස එහි සිදුවන මනුෂ්‍ය ක්‍රියාකාරකම් හා විශේෂයෙන් ස්ථාන හෝ ප්‍රදේශයන්ගෙන් ලැබෙන අත්දැකීම් හා ගමනාගමනය හා සංචාරය පිළිබඳවත් ඊට අදාළව කෙරෙන අධ්‍යයනයක් වශයෙන් සංචාරක භූගෝල විද්‍යාව හැඳින්විය හැකිය. භූගෝලියව සලකා බැලු විට සංචාරක කර්මාන්තයේ කොටස් වන්නේ සංචාරයේ මුලාරම්භය (සංචාරය ආරම්භ වන ප්‍රදේශය), සංචාරයේ අවසානය (සංචාරක සේවා සපයන ආයතන) හා ආරම්භය හා අවසානය අතර සම්බන්ධය ඇති කරවන ප්‍රවාහන මාර්ග, ව්‍යාපාරික සම්බන්ධතා හා උපදේශනයට ඇති කැමැත්ත යන කරුණුය.

සංචාරක කර්මාන්තය පිළිබඳ අධ්‍යයනයේදී භූගෝලිය සාධකය වැදගත් වීමට හේතුව නම් සංචාරක කර්මාන්තය භූගෝලිය ස්වභාවයක් පෙන්වීමයි. සංචාරක කර්මාන්තය ඇති වන්නේ යම් ප්‍රදේශයකයි. එහි භූගෝලිය අවකාශ (ප්‍රදේශ) හරහා සිදුවන චලනයක් හෝ ක්‍රියාකාරකම් අඩංගු වේ. මෙම ක්‍රියාකාරකම් මගින් පුද්ගල පෞරුෂය, ප්‍රාදේශීය ලක්ෂණ,ප්‍රදේශය, භූමී දර්ශනය හා පුද්ගලයන් අතර සම්බන්ධතා හටගනී. භෞතික භූගෝලිය ලක්ෂණ මගින් සංචාරක ප්‍රදේශ ඇතිවීම සඳහා අත්‍යවශ්‍ය වන වටපිටාවක් සකස් කරයි. මෙම ප්‍රදේශ වල සංවර්ධනය කළමනාකරණයේදී පාරිසරික බලපෑම් විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුවේ.

මානව භූගෝලිය විද්‍යාව සංචාරක ව්‍යාපාරය සඳහා සහය වන සමාජීය හා ආර්ථික සම්බන්ධතා වටහා ගැනීමට උපකාරි වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික උද්‍යාන සේවය මඟින් ස්වභාව ධර්මය හා බැඳුනු විනෝගේදාත්මක අවස්ථාවන් හා ක්‍රියාකාරකම් මෙන්ම එම ප්‍රදේශ හා බැදුණු විශේෂ මතකයන් පුද්ගලයන්ට ලබාදේ. සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට ප්‍රදේශයක සංචාරයකින් පසු සංචාරකයා තුළ ගමනාත්තයෙන් පසු ඇතිවන හැඟීම වැදගත් වේ. අවසානයේ ප්‍රදේශවල ඇති විවිධත්වය හා අද්විතීයභාවය හේතු නොවන්නට සංචාරයන්ගේ පැමිණීම සිදු නොවනු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=සංචාරක_භූගෝල_විද්‍යාව&oldid=472056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි