සංගීතය වර්ගීකරණය

විකිපීඩියා වෙතින්

ලෝකයේ බිහිවන විවිධ සංගීත ශෛලින්ට අයත් නිර්මාණ විවිධ කාණ්ඩ යටතේ වර්ගිකරණය කරනු ලබන්නේ ඒවාට අයත් පොදු ලක්ෂණ සැලකිල්ලට ගණිමිනි. මෙම වර්ගිකරණයෙන් වාණිජමය හා රසාස්වාදනය යන අංශයන් සදහා අදාලත්වයක් දක්වයි. සංගීතමය වර්ගිකරණය පිළිබද විවිධ මතිමතාන්තර ලොවපුරා සංගීතඥයන් අතර පවතින අතර විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන්ම මෙම වර්ගිකරණයන් සිදු කරයි.

ඩග්ලස් එම්. ග්‍රීන් තම " ෆෝම් ඉන් ටෝනල් මියුසික්" නව කෘතියේ සදහන් වර්ගිකරණයක් සිදුකරන අතර ඔහු විවිධාකාර සංගීතඥයන්ගේ පොදු ලක්ෂණ සංගීත සහිත නිර්මාණ එකට වර්ගීකරණය ලක් කරනු ලබයි. උදාහරණයක් ලෙස ඔහු බිතෝවන්ගේ සහ මෙන්ඩල්සෝන්ගේ නිර්මාණයන් එකම සංගීත කාණ්ඩයකට ගොනු කරයි.

වර්ගීකරණය පිළිබද තවත් මතයක් වනුයේ එම සංගීත කෘතියට අනුකූලව සිදු කල යුතු බවයි. එහෙත් එම විරුද්ධ මත දරන්නන් ප්‍රකාශ කරනුයේ සංගීත වර්ගය හා කෘතිය එකිනෙකාට වෙනස් ක්ෂේත්‍ර දෙකක් බවයි.

සාමාන්‍යයෙන් සංගීතමය වර්ගයක් එසේ නම් කරනු ලබන්නේ එයට යොදා ගන්නා තාක්ෂණය ආකෘතිය, තේමාව ආදි පුළුල් ‍ක්ෂේත්‍රයක අධ්‍යනය කිරිමකින් අනතුරුවය. සමහර අවස්ථා වලදි බොමික කලාපයටද යම් සංගීත ශෛලයක් කිසියම් වර්ගයකට ගොනු කිරීමට හේතුවිය හැකිය.




සටහන්[සංස්කරණය]

| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සංගීතය_වර්ගීකරණය&oldid=472548" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි