සංඛ්‍යාමය විශ්ලේෂණය

විකිපීඩියා වෙතින්
බැබිලෝනියානු මැටි පුවරු YBC 7289 (C 1800-1600 BCE) [I] විවරණය සමග (ඡායාරූප- බිල් කාසල්මන්)

සංඛ්‍යාමය විශ්ලේෂණය යනු සන්තතික ගණිතයේ ප්‍රශ්න සඳහා ඇල්ගොරිතම පිළිබඳ අධ්‍යයනයයි. (විභින්න ගණිතයෙන් වෙන්කොට හඳුනාගත හැකි නිසා)

ඒකක වර්ගඵලයක විකර්ණයක දිග වන හි පාශ්ඨීක සංඛ්‍යාමය ආසන්න කිරීමක් දෙන බැබිලෝනියානු පුවරුව YBC 7289 මුල් කාලිනම ගණිතමය ලියවිල්ලකි. ත්‍රිකෝණයක පැති ගණනය කිරීමට හැකිවීම (මේ නිසා වර්ග මූල ගණනය කිරීමට හැකිවීම) අතිශයින් වැදගත් වේ. උදාහරණයක් ලෙස වඩු ශිල්පය හා ඉදිකිරීම් ශිල්පය දැක්විය හැක. මීටර දෙක බැගින් වන හතරැස් බිත්ති කොටසක විකිරණ බාල්කයක් මීටර දිග විය යුතුය.

සංඛ්‍යාමය විශ්ලේෂණය මෙම ප්‍රායෝගික ගණිතමය ගණිතමය ගණනය කිරීමේ දීර්ඝ සම්ප්‍රදාය ඉදිරියට ගෙන යයි. බැබිලෝනියානු ආසන්න කිරීමට සමාන ලෙසට නූතන සංඛ්‍යාමය විශ්ලේෂණය නිවැරදිම පිළිතුර බලාපොරොත්තු නොවෙයි. මන්දයත් භාවිතයේදී නිවැරදි පිළිතුරු ලබා ගැනීම සිදු කළ නොහැකි බැවිනි. ඒ වෙනුවට සංඛ්‍යාමය විශ්ලේශණය ආසන්න පිළිතුරු ලබා ගැනීම සැලකිල්ලට ගන්නා අතර දෝශද අවම ප්‍රමාණයක තබා ගනී.

සංඛ්‍යාමය විශ්ලේෂණයට ඉංජිනේරු හා භෞතික විද්‍යාවල සියලුම ක්ෂේත්‍ර වල යෙදීම් ඇත. නමුත් 21 වන සියවසේදී ජීවන විද්‍යාව හා කලාවද විද්‍යාත්මක ගණනයේ කොටස් භාවිතයට ගෙන ඇත. සාමාන්‍ය අනුකල සමීකරණ දැවැන්ත වස්තු වල චලිතයේදී භාවිතා වේ. (ග්‍රහලෝක, තාරකා හා ගැලැක්සි) සංඛ්‍යාමය රේඛීය විහ්ලේෂණය ප්‍රමාණාත්මක මනෝ විද්‍යාවේදී අත්‍යවශ්‍ය වෙයි. ආනුමතික අවකලන සමීකරණ හා මාර්කෝව්දාට වෛද්‍ය විද්‍යාව හා ජීව විද්‍යාව සඳහා ජිවී සෛල උත්තේජනය කිරීමේදී වැදගත් වේ.

නූතන පරිගණක හදුන්වාදීමට පෙර සංඛ්‍යාමය විශ්ලේෂණ ක්‍රම නිරන්තරයෙන් රඳා පැවතුනේ විශාල මුද්‍රිත අන්තර් නිවේශණය මතයි. වර්ථමානයේ (20 වන සියවසේ මැද භාගයට පසු) මෙම වගු භාවිතයෙන් ඉවත්විය. එයට හේතුව පරිගණක වලට අවශ්‍ය ශ්‍රිත ගණනය කිරීමට හැකි බැවිනි. කෙසේ නමුත් අන්තර් නිවේශන ඇල්ගොරිතම අවකලන සමීකරණ හා ඒවැනි දේ විසඳීමට අවශ්‍ය මෘදුකාංගයේ කොටසක් ලෙස භාවිතා කළ හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යාමය_විශ්ලේෂණය&oldid=354788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි