ෂියාම් සෙල්වදුරෙයි

විකිපීඩියා වෙතින්
(ෂියාම් සෙල්වදුරේ වෙතින් යළි-යොමු කරන ලදි)
ෂියාම් සෙල්වදුරේ
උපත12 පෙබරවාරි 1965
කොළඹ, ශ්‍රී ලංකා
ජාතිකත්වයකැනඩාව කැනේඩියානු
ජාතියදෙමළ

ෂියාම් සෙල්වදුරේ උපත ලැබුවේ කොළඹ දී ය.ඒ 1965 වර්ෂයේදීය. ශ්‍රී ලංකා-කැනඩානු නවකතාකරුවෙකු වන ඔහු විසින් Funny Boy (1994) හා Cinnamon Gardens (1998) යන කතා රචනා කරන ලදී.ඒ සඳහා කැනඩා ප්‍රථම නව කතා සම්මානය ඔහුට හිමිවිණි.

සෙල්වදුරේ දෙමළ හා සිංහල මිශ්‍ර වටපිටාවක හැදී වැඩුනෙකි. 1983 වර්ෂයේදී කොළඹ නගරයේ ඇතිවූ කලකෝලහාලවලින් පසුව ඔහු සිය පවුලේ සමාජිකයින් සමඟ කැනඩාවට සංක්‍රමණය විය. එවිට ඔහුගේ වයස අවුරුදු 19 කි. වර්තමානය වනවිට ඔහු ඔහුගේ කොටස්කරුවා වන ඇන්ඩෲ චැම්පියන් සමඟ ටොරොන්ටෝහි වෙසේ .

වර්ෂ 2003 දී ආසියානු විසිර යාම පිළිබඳ Time Asia හි විශේෂ ගැටළුවක දී “Coming out” නම් වූ වාක්‍ය රචනය තුළ දී සෙල්වදුරේ විසින් 1997 දී ඔහු හා ඔහුගේ සඟයා ශ්‍රී ලංකාව තුළ ගත කළ කාලය තුළ දී අත් විඳින ලද අපහසුතා නැවත සිහිපත් කරන ලදී.

වර්ෂ 2004 දී සෙල්වදුරේ විසින් කෙටි කතා එකතුවක් සංස්කරණය කරන ලදී. (Story – Wallah, Short Fiction from South Asian Writers ) ඒවාට සල්මන් රෂ්ඩි, මොනිකා ඇලි හා හනීෆ් කුරෙයිෂි ගේ හා තවත් බොහෝදෙනෙකුගේ කාර්යයන් ඇතුළත් විය. තරුණ, වැඩිහිටි නවකතාවක් වූ Swimming in the Monsoon Sea ග්‍රන්ථය 2005 දී ඔහු ප්‍රකාශයට පත් කළේය. එම ග්‍රන්ථයට 2006 දී ළමා හා තරුණ සාහිත්‍ය කාණ්ඩය යටතේ ලැම්ඩා සාහිත්‍ය සම්මානය හිමිවිණි. ඔහු TOK ට දායකයෙක් ද වේ. ඒ New Toronto පළමු ග්‍රන්ථය ලිවීමෙනි.


ප්‍රකාශන[සංස්කරණය]

  • Funny Boy, ටොරොන්ටෝ: මැක්ලෙලන්ඩ් හා ස්ටුවට්, 1994. ISBN 0771079508 (හා අනෙක් අය). හොඳම පිරිමි සමලිංගික නවකතාව සඳහා ලැම්ඩා සාහිත්‍ය සම්මාන හා 1994 සඳහා කැනඩා ප්‍රථම නවකතා සම්මානයේ උළෙලේ දී සම්මාන දිනා ගන්නා ලදී. (සුගතපාල ද සිල්වා විසින් මෙම පොත අමුතු ඉලංදාරියා නමින් සිංහලයට පරිවර්තනය කරන ලදුව සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇත)
  • Cinnamon Gardens, ටොරොන්ටෝ: මැක් ලෙලන්ඩ් හා ස්ටුවට්, 1998. ISBN 0786864737
  • Swimming in the Monsoon Sea, 2005. ISBN 0887767354. 2006 ළමා හා තරුණ සාහිත්‍ය කාණ්ඩය යටතේ ලැම්ඩා සාහිත්‍ය සම්මාන.
  • Story – Wallah : දකුණු ආසියානු ලේඛකයන් විසින් ලියන ලද කෙටි කතා එකතුවක් වන අතර ෂියාම් සෙල්වදුරේ විසින් සංස්කරණය කරන ලදී. නිව් යෝර්ක් : හෆ්ටන් මිෆ්ලින් Co., 2005. ISBN 0618576800
"https://si.wikipedia.org/w/index.php?title=ෂියාම්_සෙල්වදුරෙයි&oldid=319911" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි