Jump to content

ශෛලේන්ද්‍ර රාජ වංශය

විකිපීඩියා වෙතින්
ශෛලේන්ද්‍ර රජ මාලිගාවේ දර්ශනයක් පදනම් කොට ගෙන රජෙකු හා රැජනක පෙන්නුම් කරන 8වන සියවසෙහි බොරෝබුදූර් නෙරූ කැටයමක්.

ශෛලේන්ද්‍ර (සංස්කෘත:शैलेन्द्र කන්දෙහි අධිපතියා) හෝ නිල වශයෙන් ශෛලේන්ද්‍රවංශ (සංස්කෘත: ශෛලේන්ද්‍ර වංශය) යනු 8වන සියවසෙහි ජාවාහී පැනනැගුනු බලගතු ඉන්දුනීසියානු රාජ වංශයකි.

ශෛලේන්ද්‍රවරුන් ඉතා සක්‍රීය ලෙසින් මහායාන බුද්ධාගම ප්‍රචාරයට අනුබල දෙමින් මධ්‍යම ජාවාහී කෙඩූ තැන්න පුරා බෞද්ධ ස්මාරක ඉදි කල අතර මේවා අතර ප්‍රසිද්ධ බොරෝබුදූර් ද ඇතුලත් විය .[1]

සමුද්‍රාධිපත්ව ජාතියක් ලෙසින් සැලකෙන ශෛලේන්ද්‍රවරුන්, සාමුද්‍රීය අග්නිදිග ආසියාව පාලනය කල මුත්, මධ්‍යම ජාවාහී කෙඩූ තැන්නෙහි තීව්‍ර වී ගොවිතැනෙහි යෙදීම තුලින් කෘෂිකර්මය පිළිබඳ අවධානයක්ද යොමු කර ඇත. මෙම රාජ වංශය විසින් යම් කාලසීමාවක් තුල මධ්‍යම ජාවාහී මේඩං රාජධානිය සහ සුමාත්‍රාහී ශ්‍රීවිජය යන දෙකම පාලනය කල බව පෙනේ.

සටහන්

[සංස්කරණය]
  1. ^ "පේට්‍රන්ස් ඔෆ් බුඩිසම්, ද ශෛලේන්ද්‍රස් ඩියුරින් ද හයිට් ඔෆ් දෙයාර් පවර් ඉන් සෙන්ට්‍රල් ජාවා කන්ස්ට්‍රක්ටඩ් ඉම්ප්‍රෙසිව් මොන්‍යුමන්ට්ස් ඇන්ඩ් ටෙම්ප්ල් කම්ප්ලෙක්සස්, ද බෙස්ට් නෝන් ඔෆ් විච් ඊස් ද බොරෝබුදූර් ඉන් ද කෙඩූ ප්ලේන්" (හෝල් 1985:109 වෙතින් උද්ධරණය කෙරිණි).
"https://si.wikipedia.org/w/index.php?title=ශෛලේන්ද්‍ර_රාජ_වංශය&oldid=360001" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි