ශාරීරික ව්‍යායාම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දශ-ප්‍රයාම තරගයක පිහිණුම් කොටස සම්පූර්ණ කොට නික්මෙන තරගකරුවෙක්

ශාරීරික ව්‍යායාම -ශාරීර ශක්තිය පවත්වා ගනීමට මෙන්ම සම්පුර්ණ ශරීර සුවතාවයටත් අවශ්‍ය වේ.

ව්‍යායාම්වලින් ඇති වාසි[සංස්කරණය කරන්න]

ව්‍යායාම් මගින් වඩාත් හොද ශාරීරික යෝග්‍යතාවයක් පවත්වා ගත හැකි අතර එමගින් සෞඛ්‍ය සම්පන්න දේහ ස්කන්ධයක් පවත්වා ගැනීම, සෞඛ්‍ය සම්න්න අස්ථි ගණත්වයක් පවත්වා ගැනීම, මාංශ පේශීන්වල ශක්තිමත් බව වැඩිකිරීම සහ හන්දිවල චලන හැකියාවන් වැඩිකිරීම සිදු කරීම පිණිස ධනාත්මක දායකත්වයක් ලබාදෙනු ලැබේ. එමගින් ශාරීරික යෝග්‍යතාවය ඉහළ නංවන අතර ශල්‍ය කර්මවලට ඇති අවධානම අවම කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලබයි.

නිරතුරුවම සිදුකරන අඛණ්ඩ ස්වායු ව්‍යායාම මගින් භයානක ජීවිත අවධානමට ලක්කරන කාලික රෝග තත්ත්වයන්වන අධි රුධිර පීඩනය, ස්ථුලතාවය, හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව, නින්ද නොයාම සහ විශාදය වළක්වා ගැනීම සදහා ප්‍රතිකාර කිරීම සදහා උපකාරී වේ. නිරතුරුවම සිදු කරන පුහුණු වීම් කටයුතු මගින් අඛණ්ඩ ශක්තිය දහනය කිරීමක් සිදුවන අතර එය පුහුණු වෙන් පසුව පැය 24 ක කාලසීමාවක් රදා පවති. නමුත් එමගින් ස්වායු ව්‍යායාම්වලදී මෙන්ම හෘද හා රුධිර සංසරණ පද්ධතියේද සමාන වාසි සහගත බලපෑම් ලබා නොදේ. ව්‍යායාම මගින් පුද්ගලයෙකුගේ ශක්ති ප්‍රමාණය ඉහළ නංවන අතර එමගින් ඔහුගේ වේදනාව සදහා වූ දේහලීය අගය ඉහළ නංවයි.

වේගවත්ව සිදු කරන ව්‍යායාම මගින් මධ්‍යම ප්‍රමාණයක සිදු කරන ව්‍යායාම්වලට වඩා අඩු හෝ වැඩි වාසි සහගත තත්ත්වයන් ලැබේද යන්න පිළිබදව මත භේදාත්මක ශාක්ෂි පවතී. ඇතැම් අධ්‍යයනය මගින් පෙන්වා ඇති අන්දමට වේගවත්ව ව්‍යායාම් කරන පුද්ගලයන්හට සිරුර තුළ ඇති ඔපියොයිඩ පෙප්ටයිඩ ප්‍රමාණය ඵලදායි ලෙස ඉහළ නංවා ගැනීමේ හැකියාව ඇත. (ඇකා එන්ඩෝෆීන්, මෙය ස්වාභාවිකව පවතින ඔපියොයිඩයක් වන අතර වෙනත් ස්නායු පරිවාහකයන් හා සම්බන්ධ වී ව්‍යායාමය මගින් ඇති වන ප්‍රීතිමත් හැගීම් ඇති කිරීම සිදු කරනු ලබයි. මෙය ඇබ්බැහි වීම්වලට ලක්වන ද්‍රව්‍යයක් බවට සොයා ගෙන ඇත. තවද එමගින් හෝමෝන නිෂ්පාදනය සදහා ධනාත්මක බලපෑමක් ඇති කරන අතර (ටෙස්ටොස්ටෙරෝන් හා වර්ධක හෝමෝනය) මෙම වාසි සහගත බලපෑම් මධ්‍යම ප්‍රමාණයේ ව්‍යායාම මගින් ඇති කරනු ලබයි.

ව්‍යායාම මගින් පුද්ගලයෙතකුගේ ඥානාත්මක ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගත හැකි අතර එය සිදු වනුයේ මොළයෙහි හිපොකැම්පස් නම් ප්‍රදේශය මගින් සිදු කරන අවකාශය පිළිබද අධ්‍යයනය මගින් සහ උපාගමයන්හි සුවිකාර්යතාවය හා ස්නායු ජනනය වැඩිදියුණු කිරීම මගිනි. මීට අමතරව ශාරීරික ක්‍රියාකාරම් මගින් බෙහෝ ස්නායු අකර්මණ්‍ය වීමේ සහ වෙනත් ස්නායු රෝග සදහා ආරක්ෂාවක් ලබාදෙන බවට පෙන්නුම් කර ඇත. උදාහරණයක් වශයෙන් එමගින් අමතක වීම ඇති වීමේ අවධානම අඩු වේ. තවද වෙනත් සාක්ෂි මගින් පෙනී යන්නේ නිරතුරුවම සිදු කරන ව්‍යායාම් මගින් මධ්‍යසාර හේතුවෙන් මොළයට සිදු වූ හානි නැවත යථාතත්ත්වයට පත් කළ හැකිය බවයි.

ශාරීරික ක්‍රියාකාරකම් මගින් පුද්ගලයෙකුගේ ඥානාත්මක හැකියාවන් කෙරෙහි වාසි සහගත බලපෑම් එල්ල කර ඇති අතර එය සිදු වනුයේ ව්‍යායාම මගින් ස්නායු වර්ධනය සදහා අවශ්‍ය සාධකයන් ඉහළ නංවන බැවින් හා එමගින් ස්නායු සෛලවල වර්ධනය හා ආයු කාලය වැඩි වන බැවිනි.

ස්වායු සහ නිර්වායු ව්‍යායාම් මගින් හෘදය වස්තුවෙහි පරිමාව ඉහළ නැංවීමෙන් (ස්වායු ව්‍යායාම) හා හෘද පේශිවල බිත්තියේ ඝනත්වය ඉහළ නැංවීමෙන් හෘදය වස්තුවෙහි කාර්මික ඵලදායිතාවය ඉහළ නංවයි.

සියළුම පුද්ගලයන් ව්‍යායාම මගින් එකහා සමානව වාසි නොලබති. එක් එක් පුද්ගලයන් පුහුණු වීම් කටයුතුවලදී දක්වන ප්‍රතිචාර බොහෝ විට විවිධ වේ. බොහෝ පුද්ගලයන් ස්වායු ව්‍යායාම වලදී දරාගැනීමේ හැකියාවෙහි මධ්‍යම වැඩිවීමක් පෙන්නුම් කරන අතර ඇතැම් පුද්ගලයන් ඔවුන් ලබාගන්නා ඔක්සිජන් ප්‍රමාණය දෙගුණ කර ගනිති. මේ අතර තවත් කොටසක් ව්‍යායාම මගින් කිසිදු වාසියක් ලබා නොගනිති. මේහා සමානවම දිගු කාලයක් බර ඉසිලීම සිදු කළ පසු ඉතා සුළු ප්‍රමාණයක් වූ පුද්ගලයන් කැපීපෙනෙන ලෙස මාංශ ‍පේශීවල වර්ධනයක් පෙන්නුම් කරන අතර බහුතරයක් මාංශ පේශීවල ශක්තිමත් භාවය වැඩිකර ගනිති. මෙලෙස පුහුණුවීම් මගින් වර්ධනය කර ගැනීමේ හැකියාව ජාන මගින් තීරණය වන්නක් වන අතර එය විශිෂ්ට මළල ක්‍රීඩකයෙකු සහ බහුතරයක් වූ ජනතාව අතර ඇති ප්‍රධාන භෞතික විද්‍යාත්මක වෙනස වේ. අධ්‍යයනවලින් පෙන්වා ඇති අන්දමට මැදි වයස්වලදී සිදු කරන ව්‍යායාමවලින් ජීවිතයේ අවසාන අවධිවලදී වඩාත් හොද ශාරීරික යෝග්‍යතාවයක් ලබාගත හැකිය.

"https://si.wikipedia.org/w/index.php?title=ශාරීරික_ව්‍යායාම&oldid=361987" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි