ශාරීරික යෝග්‍යතාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සියළුම හමුදා සේවාවන් සදහා බැදීමේදී අත්‍යාවශ්‍යමය සාධකයක් වන්නේ ශාරීරික යෝග්‍යතාවයයි.

ශාරීරික යෝග්‍යතාව එකිනෙක හා සමීප සම්බන්ධතා පවත්වන අංග දෙකකින් සමන්විත වේ. සාමාන්‍ය ශාරීරික සුවතාව (නිරෝගි දිවි පෙවෙත) හා විශේෂිත ශාරීරික සුවතාව (ක්‍රීඩාවේ දී හා රැකියා ස්ථානයේ දී විශේෂිත ක්‍රියා සිදු කිරීමේ හැකියාව මෙම අංග දෙක වේ.

ශාරීරික සුවතාවය යනු හෘදය වස්තුව , රුධිර වාහිනී , පෙනහළු හා මාංශ පේශීන් මගින් එහි උපරිම ක්‍රියාකාරීත්වයකින් යුතුව ක්‍රියා කිරීමට ඇති හැකියාවයි. අතීතයේදී ශාරීරික සුවතාව ලෙස හදුන්වනු ලැබුවේ එදිනෙදා වැඩ කටයුතු අසාමාන්‍ය තෙහෙට්ටුවකින් හෝ පීඩාවකින් තොරව සිදු කිරීමට ඇති හැකියාවයි. කාර්මිකරණ විප්ලවයක් සමගම සිදුවු මිනිසුන් යාන්ත්‍රික වීම , විවේක කාලය වැඩිවීම් හේතුවෙන් ඉහත කී නිර්වචනය තවදුරටත් වලංගු නොවේ. උපරිම කාර්යක්ෂමතාවයකින් කටයුතු කිරීම මෙහි මුලික අංගය වේ. වැඩෙහි නිරත වන විටදීත් විවේකීව සිටින විටදීත් කාර්යක්ෂමව හා කාර්යශූරව කටයුතු කිරීම සදහා සිරුරෙහි ඇති හැකියාව , නිරෝගීව සිටිමින් රෝග වලක්වාගෙන හදිසි අවස්ථාවලට මුහුණ දීමට හැකියාව ශාරීරික යෝග්‍යතාව ලෙසට නිර්වචනය කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=ශාරීරික_යෝග්‍යතාව&oldid=167563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි