ශාක අභිජනනය

විකිපීඩියා වෙතින්

ශාක අභිජනනය යනු වනාන්තරවල ශාක කළමණාකරනය හා ජානමය ලෙස වැඩිවර්ධනය සදහා ජානමය මූලධර්ම යොදා ගැනීමය. පසුගිය සියවස්වල සිදුකල තෝරාගත් ජීවනෝපාය ලෙස ඇතිකරන සතුන් අභිජනනය, වගා කළ හැකි බෝග අභිජනනය සහ උද්‍යානවල වගා කරන මල් අභිජනනය හා සසදන විට පළතුරු ශාක හැර අනෙකුත් ශාක අභිජනනය සාපේක්ෂ වශයෙන් ඉතා මෑත කාලයේ සිදුවිය.

නියම ආකාරයේ වනාන්තර වල ශාක අභිජනනය කිරීම, ඇරඹිම සිදුයුයේ තත්ත්වයෙන් උසස් ප්‍රමුඛ රූපානුදර්ශි ශාක (ධන ශාක) ස්වභාවික හෝ සිටුවන ලද වනාන්තරවලින් සොයා ගැනීමත් සමගය. මෙමගින් ප්‍ර‍වේණි දර්ශින් ද වැඩි වර්ධනය වේ. මෙලෙස තෝරාගත් ශාක අභිජනනය මගින් ඇතිවන පැල පර්යේෂණ වතුවල වර්ධනය වීමට ඉඩ හරී. මෙවැනි පරීක්ෂණ මගින් හොදම ප්‍රවේණි දර්ශි මව් ශාක තෝරා ගත හැක. බද්ධ කිරිම් මගින් මෙලෙස තෝරා ගත් ශාක ප්‍රමාණයෙන් වැඩි කර ගන්නා අතර එම ශාක වලින් නිපදවෙන බිජ පැළතවාන් වල සිටුවිම සිදු කරයි. එම ආකාරයට අමතරව ප්‍රවේණි දර්ශි ශාක කැපිම හෝ මගින් සෘජුව බෝ කර ගත හැකි අතර ඉන් පසුව ඒවා සෘජුවම ක්ලෝන වතුවලට එක් කිරීම සිදු කරයි. පළමු ක්‍රමය පයින් හෝ අනෙකුත් කේතුධර ශාක සදහා භාවිතා කරයි. දෙවැනි ක්‍රමය පළල් පත්‍ර ශාක (පොප්ලර්, ඉයුකැලිප්ටස් සහ අනෙකුත් ශාක) සදහා භාවිතා කරයි. මෙම අභිජනන වැඩසටහන්වල අරමුණ අස්වැන්න වැඩිකිරිම හා යම් පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වීමේ සිට කෘමින්ගෙන් ආරක්ෂා වීම, යම් යම් ශාක ලක්ෂණ ඇති කර ගැනීම දක්වා වූ පරාසයක විහිදේ. වර්තමාන ලෝකය උණුසුම් වීමේ තර්ජනය යටතේ ශාක අභිජනනය නව අවධානයක් දිනා ඇත. තව ද එය ශාක ප්‍රවේණි විද්‍යාවේ හා ජාන විද්‍යාවේ වේගවත් දියුණුවට ද වාසිදායක තත්ත්වයක් ලෙස යොදා ගෙන ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ශාක_අභිජනනය&oldid=187128" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි